Pages

Thursday, July 17, 2014

දර්ගා හරක් හොරුන්ට වෙඩි. වෙඩි මැද 2ක් පළායයි!

පොලිස්‌ අණ නොතකා ධාවනය කරවු හොර හරක්‌ ලොරියක්‌ ඊයේ (13 වැනිදා) අලුයම කොස්‌ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කිලෝමීටර් අටක්‌ පමණ ලුහුබැඳ ගොස්‌ වෙඩි තබා නවතාගෙන එහි සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබු එක්‌ සැකකරුවකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙහිදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනකු පලාගොස්‌ ඇති බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ (13 වැනිදා) පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. අත්අඩංගුවට ගත් අනෙක්‌ සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකි. පලාගිය දෙදෙනා දර්ගා නගරයේ පදිංචිකරුවන් බවට පොලිසිය සැක කරයි.

පෙරේදා (12 වැනිදාට) යෙදුණු ඇසළ පෝය ගෙවී පැය දෙකක්‌ (අලුයම 3.00) යන විට කොස්‌ගොඩ පොලිසියේ ජීප් රථය ගෝනගල මිරිස්‌වත්ත මාර්ගයේ මුර සංචාරයේ යෙදී ඇත. එහිදී යාලේගම හන්දියේ නවතා තිබූ ලොරියක්‌ ගැන සැක සිතී පරික්‍ෂා කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ ලොරිය බෙන්තොට දෙසට පලාගොස්‌ ඇත.

පොලිස්‌ ජීප් රථය ලුහුබැඳ යද්දී සැකකරුවන් ජීප් රථයට වෙඩි තබා පලායාමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිසිය ලොරි රථයටද වෙඩි තබා ඇත. එහිදී ලොරියේ පිටුපස සිටි අයකුගේ පාදයකට වෙඩි වැදී තිබෙන අතර ඔහු සමග අනෙක්‌ පුද්ගලයා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. පරික්‍ෂා කිරීමේදී මියගිය ගැබ්බර එළදෙන සමග ගවයින් සිව්දෙනකු සිට ඇත.

ලොරි රථයේ ඉදිරිපස සිටි රියදුරු සහ සහායක අඳුරේම පලාගොස්‌ ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ (13 වැනිදා) පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.

ඇල්පිටිය කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත කොස්‌ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලාල් උඩුගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක ජනක සොයිසා, උප පොලිස්‌ පරීක්‍ෂක සොයිසා, පොලිස්‌ සැරයන්වරුන් වන (12178) පෙරේරා, (58294) සේනාරත්න යන නිලධාරීහු වැඩිදුර පරික්‍ෂණ සිදුකරති.

චමින්ද සිල්වා, අහුන්ගල්ල කමල් ශ්‍රී ලියනගේ, කොස්‌ගොඩ සේනක ප්‍රියදර්ශන, ඉඳුරුව තිලක්‌ විඡේසුන්දර
http://www.divaina.com/2014/07/14/news09.html

Pic Source

0 comments: