වෙසක් පුන් පොහෝදා බුදුරදුන් බුද්ධත්වයට පත් වුවද එම දහම ලොවට දේශනා කළේ අසිරිමත් ඇසළ මාසයේ පුන් පොහෝදාය. ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ ඒ හේතුව නිසාය. කසාවතින් බැබලෙන ඇසළ මල්වලින් පිරි ගස් අපගේ නෙතට චමත්කාරය ගෙනදෙන්නකි. කොළ නැති කසා මල් සමූහය පරම සත්‍යය සංකේතවත් කරන්නකි. හුදු ආත්මාර්ථය උදෙසා නොව පරාර්ථය පතා අභිනිෂ්ක්‍රමණය කළ ගමන සත්වයා දුකෙන් මුදවා ගැනීමටය. සත් සති ගෙවා, බුදුරදුන් අටවන සතියේ උදැසන තපස්‌සු - භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් දුන් මී පිඬු වළ¹ ඔවුන් දේවවාචික සරණාගත උපාසකයන් කොට ඔවුනට කේශ ධාතු දී අජපල් නුගරුක මුල වැඩ හිඳ ධර්මගාම්භීරතා මෙනෙහි කොට විනෙයජනයන් බලා පස්‌වග තවුසන්ට පළමුකොට දම් දෙසනු උදෙසා ඇසළ පුන් පොහෝදා බරණැස ඉසිපතනයේ මිගදායට වැඩිසේක.
මෙසේ බරණැස ඉසිපතනයේ මිගදායට යන අතරතුර දී උපක නම් ආජීවකයෙක් හමුවිය. සෘද්ධි ගමනින් නොව පා ගමනින්ම වැඩියේ පරමාදර්ශීවය. ගයාවත් බෝධි වෘක්‌ෂයත් අතරෙහි වූ දීර්ඝ මාර්ගයට පිළිපන් භාග්‍යවතුන් උපක දුටුවේය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. "ඇවැත්නි, නුඹ වහන්සේගේ චක්‌ෂුරාදී ඉන්ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නය. සිරුර පැහැය පිරිසිදුය. අතිශයින් නිර්මලය. ඇවැත්නි, තමුන්වහන්සේ කවරෙකු උදෙසා පැවිදි වූ සේක් ද? තමුන්නාන්සේගේ ශාස්‌තෘ තෙමේ කවරෙක් වේද? තමුන්නාන්සේ කවරකුගේ ධර්මයක් රුචි කරනසේක් දැ" යි විචාළේය.
ඊට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ - "මම සියල්ල මැඩ සිටියෙමි. සියල්ල දන්නේ වෙමි. සියලු ධර්මයෙහි නොඇලුණෙමි. සියලු කෙළෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‌ෂයයෙහි නිමාවට ගියෙමි. තෙමේම සියල්ල දැන සිටි මම අන් කවරකු ආචාර්ය වශයෙන් උදෙසන්නෙම්ද?" මෙසේ පිළිතුරු දුන් බුදුරදුන් තමන් වහන්සේ ස්‌වයං භූඥනයෙන් පසක්‌කොට ගත් ශ්‍රී සද්ධර්මය පස්‌වග මහණුන්ට දහම් දෙසීම සඳහා මිගදායට වැඩිසේක. සර්වඥ වූ බුදුරදුන් පස්‌වග මහණුන් අමතා "දෙවමෙ භික්‌ඛවෙ අන්තා - පබ්බජිතෙන නසෙවි තබ්බා" යනුවෙන් පැවසුවේ කාමසුඛල්ලිකානු යෝගයත් - අත්තකිලමතානු යෝගයත් යන අන්ත දෙක බැහැර කොට මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවට හුරුවිය යුතුය. එය අනුගමනය කළ යුතුය. යනුවෙන් සඳහන් කළේය.
චතුස්‌සත්‍ය ධර්ම චක්‍රය පවත්වා කොණ්‌ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්‌සජි සෝවාන් ඵලයට පත්වූහ. පස්‌වැනිදා පස් දෙනාම අනාත්ම ලක්‍ෂණ දේශනාවෙන් අර්හත් ඵලට පමුණුවා, නාලක පැවිද්දා හට මොනෙය පටිපදාව, දේශනා කොට ඉසිපතනයෙහිම හිඳිමින් යසකුල පුත් ආදී පනස් දෙනා රහත් කිරීමෙන් පසු "වරත භික්‌ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්‌සා නං දෙසෙථ භික්‌ඛවෙ ධම්මං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ" යනුවෙන් සඳහන් කොට අනුගාමිකයන් පිරිසක් බුදුන් වහන්සේ ඇති කළහ.
සඟ සැට නම -
ගම් - නියම්ගම්, දනව් - පසල් දනව්, පුර - විසල් පුර වශයෙන් ප්‍රථම සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදීමට මූලික වූයේත් ඇසළ පුන් පෝදාය. එක මගකින් දෙදෙනකු නොගොස් එක් එක් මාර්ගවල එක් එක් අනුගාමිකයන් යවා ගම්වල අනුගාමිකයන් හිඳුවා ධර්මය දේශනාකොට වස්‌තුසත්‍ය ධර්මය හෙවත් දුක - දුක ඇතිවීම - දුක නැති කිරීම - දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන ලෙස සඳහන් කළේය.
"මගේ දහම ප්‍රඥවන්තයන්ට පමණය" යි කී බුදුරදුන් මෝහයෙන් මුලා වූ අයට එය උකහා ගන්නට නොහැකි බවද සඳහන් කළේය. තවදුරටත් ඔබ්බට ගිය දහම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පත්විය. සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව (ශීල) සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි (සමාධි) සම්මා දිට්‌ඨි - සම්මා සංකප්ප (ප්‍රඥ) ආදී වශයෙන් තවදුරටත් පැහැදිලිs කළේය.
සිද්ධි සමුදායකි
ඇසළ පුන් පොහෝදා බුදුරදුන් දෙසූ ධම්මචක්‌කප්පවත්න සූත්‍රයට අමතරව සිද්ධි සමුදායක් සිදුවූ බව බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ.
සිදුහත් කුමාරයා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝදාය. මලින්, පලින් බරවී සොබා දහමේ විපර්යාසයක් සිදුවූ මොහොතක මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් අසිරියක් නොවන්නේද? අභිනිෂ්ක්‍රමණයට පෙරාතුව ගිහිගෙයි කලකිරීමට හේතුභූත වූ මහල්ලකු, ලෙඩකු, මළ මිනියකු, මහණ රුවක් නමැති සිවු පෙර නිමිති දුටුවේ ද ඇසළ පුන් පෝදාකය. රාහුල කුමරුගේ උපත සිදුවූයේත් ඇසළ පෝදාය.
අභිධර්මය හෙවත් විජම් බණ දෙසුවේත් ඇසළ පුන් පොහෝදාය. අභිධර්මය දේශනා කරන ලද්දේ සාමාන්‍ය ජනතාවට නොව දෙවියන්ටය. ගැඹුරු බණක් දෙවියන්ට දේශනා කිරීමට යොදා ගත්තේත් ඇසළ පෝදාය.
ප්‍රථම ධර්ම සංගීතිය - සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේ විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්‍ෂක සංවිධාන සහිතව රජගහ නුවර වේහාර පර්වත ගුහාවෙහිදී ප්‍රථම සංගායනාව පවත්වන ලද්දේත් ඇසළ පුන් පෝදාය. ඇසළ පුන් පොහෝදා සිදුවූ තවත් සුවිශේෂිත සිද්ධියක් වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාවේ ප්‍රථම කණ්‌ඩ සීමාව සම්මත කිරීමය.
ඇසළ මාසය පෙරහැර මාසයක් ලෙසද හැඳින්වේ. දළදා පෙරහැර, රුහුණු කතරගම මහා දේවාල පෙරහැර, ගඩලාදෙණි පෙරහැර, මැදවල පෙරහැර, ගල්ගමුව පෙරහැර, බෙල්ලන්විල පෙරහැර ආදී පෙරහැර පවත්වනු ලබන්නේත් ඇසළ පුන් පොහෝදාය. ජනකාය කෙරෙහි බුද්ධ භක්‌තිය දේව භක්‌තිය වඩන්නට උපකාරවන මේ ඇසළ පෙරහැරවල් දෙසට දෙනෝදාහක් ජනයාගේ දෙඇස් යොමුවී එක ඉරියව්වකට නැඹුරු කිරීමටද ඇසළ පෙරහැර සමත් වේ.
අප වඩාත් ඇසළ පොහොයට නැඹුරුවන්නේ බුදුරදුන් ලෝකසත්වයාගේ හිතසුව පිණිස දේශනා කළ හරවත් දහම හේතු කොටගෙනය. "වක්‌ඛුං උදපාදි, ඥණං උදපාදි, පඤ්Æ උදපාදි, විඡ්ජා උදපාදි, (ආලෝකෝ උදපාදි") නුවණැස පහළ විය ඥනය පහළ විය. විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය) මේ වැකිය ඇසූ දෙවි බඹු පිරිස සාදු නාද පැවැත්වූහ.
අපට අවශ්‍ය වන්නේ සංසාරයෙන් එතෙර වීමටය. සියල්ල දුකක්‌ය සැපතක්‌ය කියා දෙයක් ලොව නැත. එසේ සැපතක් ඇතැයි යමෙකු සිතුවොත් එය තාවකාලික වූ සැපයකි. එය ද මායාවකි. මිථ්‍යාවකි. මේ යථාර්ථයයි. අපට ඇසළ පොහොයෙන් බුදුරදුන් හෙළිකළේ. ලක්‌දිව පිරිසිදු උපසම්පදාව ඇති භික්‍ෂූන් වහන්සේ නැති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍යා පුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සන්දේශයක් දී පිරිසක් යවන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උපාලි අරියමුනි ස්‌වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේ මල්වතු මහා විහාර පුෂ්පාරාම විහාරයට සියමෙන් වැඩමකොට සාමණේර භික්‍ෂූන්ට උපසම්පදාව ලබා දෙන ලද්දේත් ඇසළ පුන් පෝදාය.
අලුත්ගම කන්දේ විහාරවාසී ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත අරම ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/07/12/feature05.html
Pic Source

0 comments:
Post a Comment