ඇසළ පුර පසළොස්‌වක පොහෝදා පස්‌වග තවුසන්ට ධම්මචක්‌කපවත්වන සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට යහපත් මාර්ගය පෙන්වීමේ ක්‍රියා මාර්ගය බරණැස ඉසිපතනයෙන් ඇරඹූහ. අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ පැවිදි උපසම්පදාවෙන් ආරම්භ වූ භික්‍ෂු සමාජයේ සාමාජික පිරිස හැට නමක් වූ පසු ඒ හැටදෙනා වහන්සේ ද බොහෝ දෙනාට හිතසුව පිණිස ධර්මදූත සේවයෙහි යොදවනු ලැබූහ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතුන් වහන්සේලා හැට එක් නමක් සදහම් චාරිකාවේ යෙදුණු බැවින් බණ අසා සසුන්ගත වූවන්ගේ සංඛ්‍යාව ඉතා ඉක්‌මනින් වර්ධනය විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් භද්දවග්ගිය කුමාරවරුන් වැනි තරුණයෝය. බුදුදහම බුද්ධිය පුබුදු කරවන දහමක් බැවින් බුද්ධිමත් තරුණයෝ ඒ කරා ඇදී ආහ. ඔවුන් අතර විවිධ සමාජ කණ්‌ඩායම්වලට අයත් වූවෝ බොහෝ විය.
ඇසළ පුන් පොහෝදා බුදුරජාණන් වහන්සේ දෙසූ ධම්මචක්‌කප්පවත්තන සූත්‍රයට අමතරව සිද්ධි සමුදායක් සිදුවූ බව බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ.
දිනක් රාත්‍රි නින්දට ගිය මහාමායා දේවිය ඉතා අපූරු සිහිනයක් දුටුවාය. එය කාටත් මතක සිටින සිහිනයකි. සතර වරම් දෙවිවරුන් පැමිණ මහාමායා දේවිය නිදා සිටි ඇඳ පිටින්ම ඔසොවා ගත්තා. හිමාලය පර්වතයෙහි සල් ගසක් මුල ගල් තලාවකට එය ගෙන ගියා. එවිට සුරංගනාවියන් හතර දෙනකු පැමිණ නෙලුම් මල්වලින් පිරුණ ලස්‌සන අනෝතත්තවිලට මහාමායා දේවිය ගෙන ගියා. දේවිය එම විලෙන් නාවා දිව්‍ය ඇඳුම් අන්දවා ඊට පසු එහි තිබුණු රිදී පර්වතයක, රන් මාලිගාවක දේවිය නිදි කරවූවා. මෙසේ නිදා සිටින විට ලස්‌සන සුදු ඇත් පැටවෙක් ඒ අසල තිබූ රිදී කන්දකින් බැසගෙන ආවා. සොඬයෙහි සුදු නෙළුම් මලක් ද තිබුණා. ඒ ඇත් පැටවා දේවියගේ ඇඳ වටා තුන්වරක් පැදකුණු කළ අතර, පසුව දකුණු ඇලයෙන් දේවියගේ කුස තුළට ඇතුළු වූවා. විසිතුරු සල් උයනක් වූ ලුම්බිණි සල් උයනට පිවිසි දේවිය ඇය ගමන් ගත් රන්සිවි ගෙයින් බැස උයනෙහි විසිතුරු නරඹමින් ගමන් කළ අතර, සැණෙකින් මහ බෝසතාණෝ මවු කුසින් බිහි වූහ. බඹලෝ වැසි බඹහු සතර දෙනෙක් බෝ සතුන්ට බිමට පා තබන්නට අවස්‌ථාව නොදී රන් දැලින් පිළිගත්හ. බඹුන් අතින් සිව්වරම් දෙවියන් අතටද දෙවියන් අතින් මිනිසුන් අතට පැමිණි අප මහ බෝසතාණන් වහන්සේ පොළොවෙහි පා තබත්ම පොළෝ පලාගෙන නැඟී පියුමක් උන් වහන්සේගේ පා පිළිගත්තේය. උන්වහන්සේ පියුම් පිටින් සත් පියවරක් ගොස් සත් වැනි පියුම මත සිටගෙන මුළු ලොව බලා "ලොවට අග්‍ර වෙමි", ජ්‍යෙෂ්ඨ වෙමි. ශේ්‍රෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ඉපදීමය, දැන් නැවත ඉපදීමක් නැතැයි....." යනුවෙන් සිහනාද කළා. අප මහ බෝසතාණන් වහන්සේ බිහි වූයේ යම් වේලාවකද, යශෝධරා දේවිය, ඡන්න අමාත්‍ය, කාලුදායී අමාත්‍ය, අජානේය හස්‌තිරාජයා, කන්ථක අශ්වයා. මහාබෝධි වෘක්‍ෂය, චතුර් මහා නිධානය යන මේ වස්‌තූන්ද පහළ වූයේ ඒ වේලාවෙහිමය.
සතර පෙර නිමිතිවලින් සතර වන නිමිත්ත වූ පැවිද්දෙකු දැකීමෙන් දුකින් මිදීමට නම්, මරණයෙන් මිදී සැනසී සිටින්නට නම් පැවිදි වීම මිස වෙනත් විකල්පයක් නොමැති බව එතුමාණන්ට අවබෝධ වී ඒ සිත පහළ වූ පසු උයන් කෙළියේ යෙදීමෙන් වැඩක් නොමැත්තෙන් උයනට නොගොස් පෙරළා මාළිගය බලා ගමන් ගත්තේය.
ගිහි සැප එපා වී පැවිද්දෙහි ඇල්ම වඩ වඩාත් ඇති වී පෙරළා ගමන් ගත් එතුමාණන් වෙත පත් සුදොවුන් රජුගේ පණිවුඩකරුවෙක් යශෝධරාවට පුතෙකු ලැබුණු බව සැළ කළේය. ඒ පණිවුඩය ඇසූ සිදුහත් රජතුමාණන්, "රාහුලයෙක් උපන්නේය. ගිහි දිවියෙහි බැමි තර විණි" යි ප්‍රකාශ කළ අතර, නැවත පැමිණි පණිවුඩකරු සිදුහත් රජතුමන් කී දෑ සුදොවුන් රජුට දැනුම් දුන්නේය. සුදොවුන් රජ සිදුහත් උතුමන් කී "රාහුල" යන්න සිය මුණුපුරන්ගේ නමට යෙදීය.
සසර විසීම, ගිහිව ජීවත්වීම, උවදුරු සහිත බව, අවැඩ බව සිදුහත් රජතුමන්ට අවබෝධ විය. එතුමෝ යහනින් නැගිට ඡන්නයා නිදා සිටි ස්‌ථානයට ගොස් අතින් එහි දොරට තට්‌ටු කර ඡන්නයා අවදි කරගෙන "කන්ථක" නම් අසූ ගමන් සඳහා පිළියෙළ කරන ලෙස ඔහුට නියම කළහ. ඡන්න ඒ කීම ඉටු කිරීමට පිටත් වූයේය. ළෙහිs හටගත් සොවින් අශ්වයා එහිදීම මිය ගිය අතර, ඡන්න නුවරට පැමිණ සියල්ල සිදුවූ අයුරු දැනුම් දුන්නේය.
දුකෙන් මිදෙන මඟ සොයන්නට, සත්‍යය කුමක්‌දැයි? කුසලය යනු කුමක්‌දැයි? සොයා යන්නට ගමනක් යැමට ඇසළ පුන් පොහෝදා ගිහි ගෙය හැර යන්නට තීරණය කළ සිදුහත් කුමරු සියලු රජ සැප සම්පත් හැර දමා යන්නට විය. ගිහි ගෙය හැරදා ගිය මෙම ගමන අභිනිෂ්ක්‍රමණය ලෙස හැඳින්විය. එහි ප්‍රධාන අරමුණ වූයේ සත්ත්වයා දුකින් මුදවා ගැනීමයි.
සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් අන්ත ද්වය බැහැර කොට වප් මඟුල් දා දඹ සෙවණෙහිදී වැඩූ ආනාපාන සතිය බුදුවීමට ඉවහල්a වෙතිZයි සිතාගෙන භාවනාවට සූදානම් වුවද කය දුබල බැවින් ඒ භාවනාව කරන්නට නොහැකි විය. සිරුර බල වඩා ගැනීම සඳහා කටයුතු කළේය. එහෙත් උන්වහන්සේ වැඩි සැප විඳීමට නොපෙළඹුණහ. මධ්‍යම ප්‍රතිපදාවෙහිම සිටියහ. උතුම් බුදු බවට පත්වීම සිදු විය. ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නට ඉසිපතන මිගදායට වැඩම කරන අතරමග උපක ආජීවක හමුවූ අතර, ඔහු බුදුරජාණන් වහන්සේගේ ප්‍රසන්න පෙනුම දැක පැහැදුණේය. මාගේ දහම ප්‍රඥවන්තයන්ට පමණයි. මෝහයෙන් මුළා වූ අයට දේශනා කිරීම උචිත නොවන බවත්, ප්‍රඥවෙන් ශීලය ලබා ඉන් අනතුරුව සමාධිය වැඩිය යුතු බවත් හෙළි කළේය.
බුදු බව ලබා එළැඹි වස් තෙමසක්‌ම අභිධර්මයෙන් හෙවත් විජම් බණ දෙසමින් තම මවුතුමීහට මාර්ගඵල අවබෝධ කර දෙන්නට කාරුණික වූ තථාගතයන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තිස්‌සේම තුන් ලොවම එළිය කරමින්, මෛත්‍රී ජලයෙන් තුන් ලොවම සිසිල් කරමින්, දහම් අමා වැස්‌සෙන් කෙළෙස් ගිනි නිවාලමින් බොහෝ දෙනාට අසරණ සරණ වෙමින් අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ. දෙව් මිනිසුන්ගේ පූජෝපහාර මැද මකුට බන්ධන නම් ස්‌ථානයේ ඉදිකරන ලද සඳුන් දර සෑයක, තථාගත ශ්‍රී දේහය ආදාහනය කෙරිණි.
"ආනන්ද, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලදද , යම් විනයක් දේශනා කරන ලද ද, ඒ ධර්ම විනය දෙකම මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්‌තෲවරයා වන්නේ" යෑයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කොට වදාළේ හැමවිටම ධර්මය හා විනය සුරක්‍ෂිත කර ගැනීමට උත්සුක විය යුතු බව අවධාරණය කරමිනි. "විනයෝ නාම ශාසනස්‌ස ආයු...." යන අදහසට ගරු කරමින් "විනය මත ශාසනයේ ආයුෂ ර¹ පවතින බව තරයේම පිළිගත් මහ තෙරුන් වහන්සේලා සාමූහිකව ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබීය. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම ආරම්භ කිරීමත්, ගණ්‌ධබ්බ රුක්‌ඛ මූලයේදී යමා මහ පෙළහර පා තීර්ථකයන්ගේ මානය බිඳ හෙළීමත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට පෙරහැර පැවැත්වීමට මුලපිරීමත්, පාත්‍රා ධාතුව ලංකාවට වැඩමවීමෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් විසීම සිදු වූයේත්, මහ සඟරුවන පෙරවස් එළඹීම සිදුවන්නේත් ඇසළ පුර පසළොස්‌වක පොහෝ දවසකය.
සොබා දහමේ අසිරිය කියාපාමින් ගස්‌වැල් මලින් පලින් සාරවත්ව චිත්ත සංයමය ජනිත කරවන මේ අසිරිමත් ඇසළ සමයේ අපි අපේ සන්තානය සංවර කර ගැනීමෙහිලා ඉවහල් වන සුසිරිතෙහි යෙදීම, අවශ්‍යයෙන්ම කළ යුතුය. නූතන යුගයේ බොහෝ මිනිසුන් සිය ජීවන රටාව ධර්මයෙන් බැහැරව ගත කරන්නට යොමුවී ඇති බව රහසක් නොවේ. මිනිසා ආධ්‍යාත්මික දියුණුවෙන් පිරිහෙන විට භෞතික දේ පසුපස ලුහු බැඳීම සාමාන්‍ය ස්‌වභාවයයි. මෙවන් තත්ත්වයක් පවතින අද සමාජයට බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ අවශ්‍යතාව දැඩිව දැනෙන කාල පරිච්ඡේදයකි මේ.
අපි අපේ කයෙන්, වචනයෙන් සංවරකම නිරතුරුවම රැකගත යුතුයිs. තමන්ගේ ජීවිතය තමන්ටත්, අනුන්ටත් යන දෙපිරිසටම අවැඩ පිණිස අහිත පිණිස හේතු නොවන ආකාරයෙන් ගත කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මෙහිදී කයින් කරන ක්‍රියාවන්, වචනයෙන් කරන කතාවෙන් සංවරයත්, සංයමයත් ඇති කර ගත යුතුයි. සමාජගත ජීවිතයේදී නා නා මාදිලියේ වගකීම් සහ යුතුකම් සමුදායකින් බැඳී සිටින අප ඒ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙහිලා අපේ අවදිකම රැකගත යුතු අතර, සමාජගත ජීවිතයේදී අප අතින් ඉටුවන එම කාර්ය පද්ධතිය තුළ තිබෙන සාර්ථකත්වය අනුව අපේ ජීවිතයේද සාර්ථකත්වය ර¹ පවතින බව සිහි තබා ගත යුතු වේ. මිනිසකු ලෙස උපන් අප මිනිසකු ලෙසම විනා අන්‍යයකු මිස නොයන්නට තමා උත්සාහ දැරිය යුතුයි. සමාජයට හිතානුකම්පීව, තමාත් තම ජීවත් වන වටපිටාව ගැනත් නිරන්තර අවබෝධයකින් කටයුතු කිරීම බුද්ධිමත් මිනිසාගේ ලක්‍ෂණයකි. "සතිමතො...." යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එළැඹ සිටි සිහියෙන් කටයුතු කළ යුතු බවයි. සතිපට්‌ඨාන සූත්‍රයේදී සිහිය නිවැරැදිව පිහිටුවා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ ඉතා දීර්ඝ ලෙසින් දේශනා කර ඇත. කළ යුතු, නොකළ යුතු, දෑ සිහියෙන් යුතුව කල්පනාකාරීව ඉටු කිරීම තුළින් මෙලොව, පරලොව, දෙලොව ජීවිතයම ජය ගැනීමට අපට අවස්‌ථාව උදාවනු ඒකාන්තය.
කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය, මාලබේ සුසීලාරාම විහාරාධිකාරි ශාස්‌ත්‍රපති බෝදාගම සීලවිමල හිමි
http://www.divaina.com/2014/07/12/feature01.html
Pic Source

0 comments:
Post a Comment