අද ලෝක ජනගහනය බිලියන හත පසුකරමින් යන අතර, බොහෝ උපත් පාලන ක්‍රම අනුගමනය කළත් වසරකට මිලියන 80 කට වඩා ලෝක ජනගහනයට එක්‌වෙති. වසර 50 ක් ඇතුළත එය බිලියන 10 ක අගයකට එනු ඇත. මෙවන් පිරිසකට අවශ්‍ය වන්නාවූ ආහාර හා අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ ඇති ප්‍රබලම අභියෝගයයි. ලොව ජනගහනයෙන් විශාල පිරිසක් සෘජුවම ස්‌වාභාවික සම්පත් මත යෑපෙන අතර ඒවා ක්‌ෂය වීම, අධිපරිභෝජනය හා විනාශකාරී ක්‍රියාකාරකම් මගින් ලෝක ගෝලය දැඩි පීඩනයකට ලක්‌ව ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. ලොව වැඩිවන්නා වූ ජනගහනයෙන් වැඩි කොටස අඩු ආදායම් ලබන දුප්පත් රටවලින් වීම විශේෂයෙන්ම පෙන්වාදිය හැක.
අප දියුණුව කරා යන ගමනේදී අරපිරිමැස්‌ම අමතක කර දැමීම විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවකට මගපාදයි.
අප කෙසේ හැසිරුණද ස්‌වාභාවික පරිසරයේ දායාදයන් මිල නොදී ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු නොකිරීම දියුණු යෑයි පවසන මනුෂ්‍යයන්ගේ නොසැලකිලිමත් භාවය ලෙස දැකීමට අප නිහතමානී විය යුතුය. අප කවුරුත් වායු ගෝලයේ ඇති ඔක්‌සිජන් නොමිලේ ලබාගන්නා අතර ස්‌වාභාවික පරිසරයේ ජලය බොහෝ දෙනා අදටත් නොමිලේ හෝ ඉතා සුළු මුදලකට ලබා ගනිති. නමුත් අජටාකාශගාමීන් මෙන්ම කිමිදුම්කරුවන් ඔක්‌සිජන් හි වටිනාකම පොදු ජනයාට වැඩියෙන් දන්නා බව නම් කවුරුත් දනිති. නමුත් එය ගැන නොසිතති.
අප ආහාරයට ගන්නා ප්‍රධාන ආහාර බෝග පරාගනයට කෘමි සතුන්ගේ දායකත්වයට ද බොහෝ පිරිස අවධානය යොමු නොකරන්නේ එය අපට නොමිලේ ලැබෙන සේවාවක් වුවත් ජෛව විවිධත්වය අපහට ලබා දෙන්නා වු අමිල සේවාවන් ගැන ජනතාව දැනුවත් විය යුතු බව ඉතා පැහැදිලිය.
කෘමීන් විසින්, වගාවන්හි පරාගනය සිදු කිරීමට විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි. නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ මෙය වගාවන්ට පොහොර දැමීමට වඩා වැදගත් බවයි. පරාගනය සමගින් ජලය හා පොහොර ලබාදීම මගින් අස්‌වනු ඉතා සශ්‍රීක වන බව ඉතා පැහැදිලිය. මෙම අධ්‍යයනයට යොදා ගත් ආමන්ඩ් ගස් කෙටි කාලීනව සීමිත පොහොර හා ජලය මගින් පල දරන ලද අතර පරාගනය නොමැති වූයේ නම් පල නොදරන බව තහවුරු වී ඇත. පරාගනයේ වැදගත්කම සරලව ඉන් පෙනීයයි.
වගාවන් සාර්ථකව පරාගනය කළ විට එම ගස් වැඩි පල දරන අතර එවායේ පෝෂක අගයද වර්ධනයවේ. ඇමරිකාවේ කැලිෙෆෝනියා විද්‍යාඥයන් විසින් සිදුකරන ලද මෙම පර්යේෂණයන් පිළිබඳ තොරතුරු ඡක්‌බඑ ඊසදකදටහ (2014) හා ඡකදි ධබැ (2014) සඟරාවල පලවී ඇත. මෙම අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය Aකැංaබාර් -ඵ්රස් ණකැසබ සිදුකළ පරාගනය සඳහා කෘමීන්ගේ වැදගත්කම සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන් ඇයට යූරෝ 25,000 ක ත්‍යාග මුදලක් පිරිනැමීම මගින් පෙනීයන්නේ, අපගේ ආහාර නිපදවා ගැනීම සඳහා මී මැස්‌සන්ගෙන් හා අනෙකුත් කෘමීන්ගෙන් ලැබෙන සේවාවේ වැදගත්කමයි. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ජෛවවිවිධත්ව සංරක්‌ෂණයේ වටිනාකම මැනවින් පෙන්වා දෙයි. මහාචාර්ය ඇලෙක්‌සැන්ඩ්‍රා කැලිෙෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්වතුන් හා සිසුන් සමග මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර, මේ සඳහා ආමන්ඩ් ශාක මීමැස්‌සන් මගින් පරාගනය, සම්පූර්ණයෙන් පරාගනයෙන් වැළැක්‌වීම හා කෘත්‍රිමව පරාගනය කරමින් අධ්‍යයනය සිදුකර ඇත. එමෙන්ම එම ශාකවලට පොහොර ලබාදීම හා නොදීම, ජලය ලබාදීම හා නොදීම ද අධ්‍යයනයේ කොටසක් විය. මෙසේ සිදුකළ අධ්‍යයනයේදී ලැබුණු දත්ත, එමෙන්ම ආමන්ඩ් පල දැරූ ආකාරය, ප්‍රමාණය මෙන්ම එහි අඩංගු පෝෂක ගැනද අධ්‍යයනය මෙහෙයවන ලදී. කෘත්‍රිමව පරාගනය කරන ලද ආමන්ඩ් ගස්‌වල පල විශාල ලෙස හටගත් අතර පල ප්‍රමාණයෙන් කුඩා විය. පරාගනය වීමට ඉඩ නොදුන් ශාකවල පල ඉතාමත් සුළු ප්‍රමාණයක් හටගත් අතර එවා ප්‍රමාණයෙන් විශාලය. නමුත් මී මැස්‌සන් මගින් පරාගනය කරන ලද ශාකවල අස්‌වැන්න ඉතා විශාල ලෙස වැඩි බව අධ්‍යයනයෙන් තහවුරු විය.
ජලය ලබාදීම හා පොහොර ලබාදීම මගින් මෙන්ම කෘමි පරාගනය අස්‌වනු ප්‍රමාණය වර්ධනයට සෘජුවම බලපාන බව පෙනී යයි. ජලය ලබා නොදුන් ශාකවල කොළ හැලුණු අතර පොහොර නොලද ශාකවල කොළ කහ පැහැවී ඇත, මෙය නම් සාමාන්‍ය ගොවියකු වුවද දන්නා දෙයකි. මෙමගින් පෙනී යන්නේ ආමන්ඩ් ශාකවලට කෙටි කාලීනව ජලය හා පොහොර නොමැතිව පල දැරිය හැකි නමුත් පරාගනය නොමැතිව එය සාර්ථකව සිදු නොවන බවයි. එසේම පරාගනය වූ ආකාරය අනුව පලවල පෝෂකවල අගයන් ද වෙනස්‌වන බව මෙම අධ්‍යයනය පැහැදිලිව පෙන්වා දෙයි.
අප මුදල් නොගෙවුවද ලොව ආහාර නිෂ්පාදනය සඳහා කෘමීන් ගෙන් වන දායකත්වය, විශේෂයෙන්ම මී මැස්‌සන්ගෙන් අප ලබන්නාවූ ආර්ථිකමය වාසි සුළු කොට තැකිය නොහැකිය. අද වනවිට මී මැස්‌සන් ඇතුළු පරාගනයට දායක වන කෘමි සතුන් විශාල ලෙස නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොටගෙන සීග්‍රයෙන් වඳවීගෙන යන අයුරු නොයෙකුත් අධ්‍යයනයන් මගින් පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාව වැනි රටක් ගත් විට කිසිම පාලනයකින් තොරව කෘත්‍රිම කෘමිනාශක භාවිත කළ හැකි අන්දම දැකිය හැකිය. කෘමිනාශක පළිබෝධකයන් මෙන්ම වගාවට හා පරිසරයට සේවාවන් ලබාදෙන්නාවූ බොහෝ කෘමීන් විනාශකර දමන්නේ කිසිදු පාලනයකින් තොරව වීම කනගාටුවට කරුණකි.
මහාචාර්ය ඇලෙක්‌සැන්ඩ්‍රාගේ අධ්‍යයනයෙන් පෙන්වාදෙන කරුණු සලකා බලන විට අපට පෙනීයන්නේ ස්‌වාභාවික පරිසරයෙන් අපහට ලැබෙන දායාදයන් මිල කළ නොහැකි බවකි. ලෝක ජනගහනය වැඩිවත්ම ස්‌වාභාවික පරිසරය හා එහි ජීවීන් විනාශ වීම වේගවත් වෙයි. මෙය අප තේරුම් ගෙන මිනිසාට ලැබෙන්නාවූ අනේක විධ ප්‍රයෝජනයන් ගැන සලකා බලා හෝ කෘමීන් ආරක්‌ෂාකර ගැනීමට පියවර ගැනීමට කාලය එළඹ ඇත.
මෑතකදී සිදුකළ තවත් පර්යේෂණයක් මගින් ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේද විශාල පිරිසක් මිරිදිය මසුන් මුල් කරගත් ජීවන රටාවක නියෑළී සිටින අතර එමගින් ප්‍රොටීන අවශ්‍යතාවයෙන් කොටසක් ද සපුරාලනු ලබයි. නමුත් අද අප රටේ ජලාශ හා ගංගා ආශ්‍රිතව වනාන්තර ක්‍ෂයවී ඇති අයුරු දක්‌නට ලැබෙන අතර ඒ ගැන අවධානය යොමුකර නැවතත් දේශීය ගස් වගාකිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දිය හැකිය.
වන විනාශය මගින් ගංගා, ඇළ දොළ හා ජලාශවලට එකතු වන කොළරොඩු ප්‍රමාණය අඩුවේ. මෙමගින් මසුන් සඳහා සැපයෙන ආහාර අවම වන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි, ආහාර අවම වීම මත්ස්‍ය පැටවුන්ගේ වර්ධනයට බලපාන අතර, මෙය මසුන්ගේ පරිණත භාවයට පත්වීමට හා වර්ධනයට සෘජුවම බලපාන බව පෙන්වා දෙයි. මෙම පර්යේෂණ වාර්තාව භ්එමරු ඤපපමබසජ්එසදබි (2014) හි පළවී ඇත.
මෙම අධ්‍යයනය මෙහෙයවූ විද්‍යාඥයන් පවසන්නේ, වන ගහනයන්ගෙන් යුත් පෝෂක ප්‍රදේශයන් හා මසුන්ගේ වර්ධනයේ පැහැදිලි සබඳතාවක් ඇති බවයි. පර්යේෂණය මෙහෙයවූ කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අංශයේ පර්යේෂක Aබාරුඅ ඕබැබඑzaච පවසන්නේ අධ්‍යයනය සිදුකළ ශැකකදඅ ඡැරජය මසුන්ගේ ජෛව ස්‌කන්ධයෙන් (ඊසදප්ss) 70% පමණ ශාක හා එහි කොළ මගින් ලැබෙන කාබන් වලින් තිරකරන බවයි. එමෙන්ම, ඇල්ගී වලින් ලැබෙන කාබන් මගින් වර්ධනය වන පිලැන්ක්‌ටන් පෝෂ්‍ය ගුණයෙන් වැඩි නමුත්, ශාක මගින් ජලයට සෝදා එන කාබන් මිරිදිය මසුන්ගේ ප්‍රධාන ආහාර වර්ගයකට දායක වන අතර, මෙමගින් මසුන් නියමිත ප්‍රමාණයට වර්ධනය වීමට විශාල සහායක් ලබා දෙන බවයි.
වනාන්තරයෙන් ලැබෙන්නාවූ ස්‌වාභාවික ද්‍රව්‍යයන් ජලයේ අධික වන විට බැක්‌ටීරියා ගහනය වර්ධනය වීම මගින් සූප්ලැන්ක්‌ටන් ප්‍රමාණය අධික වේ. විද්වතුන් පවසන්නේ වැඩිපුර සූප්ලැන්ක්‌ටන් ඇති ස්‌ථානවල ප්‍රමාණයෙන් විශාල හා ස්‌ථුල මසුන් දක්‌නට ලැබෙන බවයි.
වනාන්තර හෝ ගස් අවට ඇති ජලාශවල මසුන්, ගස් ඉතා අඩු හෝ ගස් නොමැති ස්‌ථානවල මසුන්ට වඩා හොඳින් වර්ධනය වී ඇති බව මෙම අධ්‍යයනය මගින් ඉතා පැහැදිලිව පෙන්වාදී ඇත.
ගණනය කිරීම් වලට අනුව ලෝකයේ සත්ත්ව ප්‍රොටීනවලින් 6% ක් පමණ මිරිදිය මසුන්ගෙන් ලැබෙන අතර බංගලාදේශය, පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රටවල මිරිදිය මසුන් ජනතාවගේ ප්‍රධාන ප්‍රොaටීන අවශ්‍යතාව සපුරයි. වනාන්තර රැකගැනීමේ අවශ්‍යතාව මෙවන් අධ්‍යයනයන් මගින් ඉස්‌මතු කළ හැක.
අද ලෝක ජෛව විවිධත්වයට මිනිසා විසින් එල්ල කර ඇති තර්ජනය විද්වතුන්ගේ හා පරිසර සංවිධානවල දැඩි අවධානයට ලක්‌වී ඇත. මේ වනවිට ජර්මනියේ ඊදබබ නගරයේදී ලෝක ජෛව විවිධත්වය සංරක්‍ෂණය වෙනුවෙන් විද්‍යාඥයන් රැස්‌වී ඉතාමත් කාලෝචිත වන වැදගත්වූ ඔවුන්ගේ ප්‍රථම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා පවත්වති.
එය පරාගනය සිදුකරන මී මැස්‌සන්ගේ හා අනෙකුත් කෘමීන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධ්‍යයනය කිරීමයි. ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවාවන් සඳහාවූ අන්තර් ආණ්‌ඩු සංසදය (ෂබඑeරබ්එසදබ්ක ඡක්‌එදෙරප දබ ඊසදාසඩැරිසඑහ aබා Eජදිහිඑeප Seරඩසජැ) (ෂඡඊES) පරිසර පද්ධතිවලට ඇති තර්ජන වළක්‌වාලීමට මෙන්ම ලෝක ගෝලයේ පාරිසරික සෞඛ්‍යය පිළිබඳ තතු සෙවීමට මෙමගින් කටයුතු යොදා ඇත. යහපත් බලාපොරොත්තු සහිත මෙම අධ්‍යයනයේ ජෛවවිවිධත්ව වාර්තාවන් මගින් තීන්දු තීරණ ගන්නන් දැනුවත් කරනු ඇත. ලොව ප්‍රධාන විද්වතුන් මෙම සමුළුව නියෝජනය කරන බැවින් මොවුන්ගේ ප්‍රතිඵලය වැදගත් තීන්දු ගැනීමට බලපෑම් කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. මෙම සන්සදය 2012 වසරේදී ආරම්භවූ අතර අද වන විට සාමාජික රටවල් 118 ක් නියෝජනය කරන අතර මෙය බිහිවීමට ප්‍රධාන හේතුව වූයේ ජෛවවිවිධත්ව සංරක්‍ෂණයට හා ස්‌වාභාවික සම්පත් ඇගයීමට ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට විද්‍යාඥයින් අවධානය යොමු කර වීමයි.
ඉතා කඩිනමින් ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීමට කටයුතු කළයුතු බව මැනවින් පෙනීයන්නේ දැඩි පාංශු ඛාදනයට ලක්‌වූ භූමි ප්‍රමාණය 1991 වසරේදී 15% සිට 2008 වනවිට 24% අගයක් ගැනීමයි. මෙම වැඩසටහනින් ප්‍රධාන වශයෙන්ම ජෛව විවිධත්වය පිළිබඳ විද්‍යාත්මක, සමාජීය හා පාරම්පරික දැනුම තක්‌සේරු කරනු ඇත.
එමෙන්ම ජෛව විවිධත්වය හා පාරිසරික විවිධත්වය අධ්‍යයනය සඳහා දැනට පවතින කොම්පියුටර මොඩලයන් මෙන්ම රතු දත්ත ලැයිස්‌තුව උපයෝගි කර ගනු ඇත. එමෙන්ම ජනගහන වර්ධන වේගය සමග ඔවුනට අවශ්‍ය වන ආහාර හා අවශ්‍යතාවන් මත ජෛව විවිධත්වයට හා පරිසර පද්ධතීන්ට සිදුවන අවදානම් තත්ත්වය පිළිබඳ අධ්‍යයන සිදුකරනු ඇත. එමෙන්ම කරුණු කාරණා අවම අංගයන් කෙරෙහි වැඩි අවධානය යොමුකර පර්යේෂණයන් දිරිමත් කිරීමද මෙමගින් සිදුකිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙහි විස්‌තර භ්එමරු (2014) ජුනි කලාපයක පලකර ඇත. මෙවන් අධ්‍යයනයන් මගින් පෙනීයන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් යන ජෛවවිවිධත්වය රැක ගැනීම සඳහා ප්‍රමාද නොවී කටයතු කිරීමට සියලු දෙනා එකමුතු විය යුතු බවකි.
ජෛව විවිධත්වයේ උණුසුම් ස්‌ථානයක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය අනෙකුත් ජෛව විවිධත්වය උණුසුම් ස්‌ථානයන් හා සැසඳීමේදී වැඩි අගයන් ගන්නා නිසා ස්‌වාභාවික පරිසරය දැඩි පීඩනයකට ලක්‌ව ඇති බව නොරහසකි. ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික පරිසර පද්ධතියන් හා එහි ගහකොළ හා ජීවී විශේෂ රැක ගැනීමට සියලු පරිසර සංරක්‍ෂණ සංවිධාන එක්‌සත්ව එක්‌සිත්ව පාලන තන්ත්‍රයට එහි වටිනාකම ඒත්තු ගැන්වීමට කාලය එළඹ ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් හා විද්වතුන් මෙවන් අධ්‍යයනයන්හි වටිනාකම කඩිනමින් අවබෝධ කර නොගන්නේ නම් වැඩිවන ජනගහනයත් සමග ආර්ථික දියුණුව පසුපස හඹායාමත් නිසා ජෛව විවිධත්වය විනාශයට පත්වීම වළක්‌වා ගත නොහැකි වනු ඇත.
මො. මු. බාහිර්
http://www.divaina.com/2014/07/15/feature04.html

0 comments:
Post a Comment