Pages

Tuesday, July 23, 2013

රටවිරුවෝ නමින් කරන වහල් වෙළඳාම - ඔටු සිරිත (ගිනි කන අයට අඟුරු පැහැරීමට ඉඩ දෙමු) - දිවයින කතුවැකිය

ගෘහ සේවය සඳහා කුවේට්‌ රාජ්‍යයට ගිය නිකවැරටියේ දෙදරු මවකට ඉඳිකටු ගිල්ලවන ලදැයි අපි ඊයේ දැන ගතිමු. ඇය කුවේටයට ගොස්‌ ඇත්තේ ආහාර හා රසකැවිලි සකස්‌ කිරීමට දන්නා බවට සෑදූ ව්‍යාජ ලියෑවිලි සහිතව ය. එම ලියෑවිලි ඇයට සාදා දී ඇත්තේ ඒජන්සිකරුවෙකි. මේ කතුවැකිය ලියන අපට මෙතැන් සිට අනුගමනය කළ හැකි ක්‍රියා විධි දෙකක්‌ ඇත. පළමුවැන්න, ඇගේ හාම්පුතා වූ කුවේට්‌ වැසියාටත්, ඒජන්සිකාරයාටත්, විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයටත්, අවසානයේදී ආණ්‌ඩුවටත් බැණ වදිමින් හෙණ ඉල්ලමින් zඅසරණZ කාන්තාවන් අරාබි කාරයන්ගේ වළං සේදීමට මැදපෙරදිග යෑවීම ගැන යකා නැටීම ය. දෙවැන්න මේ කාරණය ගැන බුද්ධියෙන් කල්පනා කිරීම ය. සාමාන්‍යයෙන් වැඩි දෙනා හැම විටම කරන්නේ පෙර කී පළමුවන ක්‍රමයට අනුව හැසිරීම ය. එහෙත් දෙවන ක්‍රමයට ප්‍රශ්නය සාකච්ඡා කරන විට අනුන්ට හෙණ ඉල්ලීමට හෝ ඇඟේ ලේ පුච්චා ගැනීමට අවශ්‍ය නැත. එතැනදී වැදගත් වන්නේ සිද්ධියට වගකිවයුතු අයට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක්‌ සකසා ගැනීම ය.

කුවේට්‌ රාජ්‍යයේදී අකරතැබ්බයට පත් කාන්තාව වන නිකවැරටිය එස්‌. එම්. රේණුකා බණ්‌ඩාර මැණිකේ එම රටට යන්නේ තමා පසුපස වංචාවක්‌ එන බව හරියටම දැනගෙන ද යන්න පැහැදිලි නැත. ඇය ගෘහ සේවිකාවක ලෙස කුවේටයට ගොඩ බසින නමුදු ඇගේ හාම්පුතා ඇය කැඳවාගෙන යන්නේ කෝකියකු ලෙස ය. එයට හේතුව ඇය රසකැවිලි හැදීමට දන්නා බවට ඒජන්සිකාරයා විසින් සහතික සාදනු ලැබ තිබීම ය. ඊළඟට හාම්පුතා ඇයට රසකැවිලි හදන්නට කී විට ඇයට එය බැරි නම් ඔහු කෝප වීම සාධාරණ ය. එහෙත් ඇයට පහර දීමට, කාමරවල සිරකර තැබීමට, ආහාරපාන සීමා කිරීමට හා ඉඳිකටු ගිල්ලවීමට හාම්පුතාට අයිතියක්‌ නැත. එහෙත් අරාබි රටවල වෙසෙන සමහර ස්‌වදේශිකයෝ ස්‌වභාවයෙන්ම ලේ උණුකරගෙන සිටිති. ඔවුන්ට කොතරම් ධනය තිබුණ ද මොළය නැත. මේ හාම්පුතා ද මොළය නැති ඔටුවෙකි. නැත්නම් මේකා මනුස්‌සයකුට ඉඳිකටු ගිල්ලවයිද? ඇය ලංකාවට පැමිණි පසුව ඒජන්සිකරු හමු වී කුරුණෑගල පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ කරගෙන තිබේ. එම පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ ඇගේ සිරුර තුළ ඉඳිකටු නැති බව ය. ඒa රෝහලේ හිමිකරුවා කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකි. එහෙත් ඇය කුලියාපිටිය රජයේ රෝහලට ගොස්‌ ඞ රේ පරීක්‍ෂණයක්‌ කළ විට පෙනී ගියේ උදරය තුළ ඉඳිකටු ඇති බව ය. එයින් එකක්‌ විරේකයක්‌ මගින් පිටතට ද ගෙන ඇත. වඩා නිවැරැදි ක්‍රමවේදය වන්නේ මෙම ඉඳිකටු තොගය සැත්කමක්‌ මගින් පිටතට ගෙන ඒවා ඒජන්සිකරුට ගිල්ලවා ඔහුගේ අධෝමාර්ගය හරහා පිටතට ගැනීම ය. මෙය අරාබි කාන්තාවකට අරාබියේදී සිදුවී නම් හාම්පුතාට මෙන්ම ඒජන්සිකාරයාට ද සිදුවන්නේ ඉඳිකටු නොව අඟලේ යකඩ ඇන පැහැරීමට ය. ගිනි කෑවොත් අඟුරු පැහැරිය යුතුම ය.. එබඳු අරාබි නීතිවලට අපි ගරු කරමු. අපරාධකරුවන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට කුද ගසා ගන්නට යයි කියමු.

ලංකාවේ ඒජන්සිකාරයා නිකවැරටියේ බණ්‌ඩාර මැණිකේට zරසකැවිලි සහතිකZ සාදා දුන්නේ ඇගේ අනුමැතිය පරිදිද යන්න සොයා බැලිය යුතු ය. අනුමැතිය ඇතිව කළත් නැතිව කළත් එය වරදකි. මෙබඳු වංචනික කටයුතු ලංකාවේ ඒජන්සිකාරයෝ පුරුද්දට මෙන් කරති. සවුදි අරාබියේදී දංගෙඩියට ගිය රිසානා ලංකාවෙන් ගියේ ව්‍යාජ වයසක්‌ සහිත නිත්‍යානුකූල ගමන් බලපත්‍රයක්‌ මගිනි. එය ව්‍යාජ ගමන් බලපතක්‌ නොව නිත්‍යානුකූලව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද්දක්‌ බව නැවතත් අවධාරණය කරමු. මේ නිසා රිසානා පිළිබඳ ප්‍රශ්නයේදී අපේ රටේ ආණ්‌ඩුවට ද කටඋත්තර නැති විය. රජයේ ගමන් බලපතක්‌ ව්‍යාජ තොරතුරු ඇතිව සකස්‌ කළ විට එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට රජයට හැකියාවක්‌ නැත. එබැවින් ගමන් බලපතේ සඳහන් රිසානාගේ වයස බොරු වයසක්‌ බවට තර්ක කිරීමට ආණ්‌ඩුවට බැරි විය. ආණ්‌ඩුවට කළ හැකිව තිබුණේ රිසානාගේ අසරණ තත්ත්වය මත සවුදි රජයෙන් අනුකම්පාව ඉල්ලීම පමණි. එහෙත් රිසානා මිනීමැරුමකට වගකිවයුතු බව සවුදි අධිකරණය ඉදිරියේ ඔප්පු වී තිබුණි. ඉන් එහාට මොන කතාද?

http://www.divaina.com/2013/07/23/editor.html

0 comments: