Pages

Thursday, July 25, 2013

මිහින්තලා මහා සෑ කොත් කැරැල්ලට චූඩා මාණික්‍යය පළඳවයි

man1ඵෙතිහාසික මිහින්තලා පුණ්‍ය භූමියේ ඌර්ණ රෝම ධාතූන් තැන්පත් කර ඇති මහා සෑයට නව චූඩා මාණික්‍යය පැළඳවීම මහා සංඝරත්නයේ හා මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහොය දින ඊයේ (22) පෙරවරුවේ 11.09 ට යෙදුණු සුභ මොහොතින් උත්සවාකාරයෙන් සිදු කෙරිණ. 

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනාවෙන්, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන්ගේ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ, යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම පුණ්‍ය අවස්ථාවට උතුරු මැද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ, යන මහත්වරු ද සහභාගී වූහ.

මිහින්තලේ මහා සෑයේ කොතෙහි පළඳවා තිබූ චූඩා මාණික්‍යයට මීට වසර තුනකට පෙර අකුණු සැර වැදීමෙන් හානියට පත්වූ අතර ඉන් අනතුරුව එම චූඩා මාණික්‍ය ගලවා ඉවත් කෙරිණි. ඉවත් කරනු ලැබූ චූඩා මාණික්‍ය වෙනුවට නව චූඩා මාණික්‍යයක අවශ්‍යතාවය විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව එය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් අයි. ඩබ්ලිව්. එස්. සමූහ ව්‍යාපාරයේ සභාපති ආතර් සේනානායක මහතා සහ එඩ්නා සේනානායක මහත්මිය විසින් පරලොව සැපත් ඇලෙස්ටයාර් යස්වනත් සේනානායක තරුණ පුතණුවන්ට පිං පිණිස වටිනා චූඩා මාණික්‍යය පූජා කරන ලදී. මීට සමගාමීව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය අනුග‍්‍රහයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ සුදුහුණු අලේප කිරීම හා කොත්වහන්සේ රන් ආලේප කීරිම ද සිදු කරන ලදී.

2013 ජූලි 23 5:45 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14456:2013-07-23-12-21-41&catid=34:news&Itemid=62

0 comments: