Pages

Sunday, July 28, 2013

ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන්ගේ 'fපෝන් ටැප් කරන' හැටි හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ජංගම දුරකථනවලට සවන්දෙන්නේ ඔස්‌ටේ්‍රලියාවේ පයින් ගැප් නමැති ස්‌ථානයේ පිහිටි රහසිගත ඇමරිකානු මධ්‍යස්‌ථානයෙන් යෑයි අනාවරණය වෙයි.

රුසියාවේ මොස්‌කව් නුවර සිටින හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්‌නෝඩන් විසින් මේ රහසිගත මධ්‍යස්‌ථානය ගැන හෙළිකර ඇත.

එක්‌ස්‌ කියාතෝර් නමැති රහස්‌ මෙහෙයුම යටතේ ලොව පුරා සිටින ප්‍රභූන්ගේ හා ආරක්‍ෂක ප්‍රධානීන්ගේ දුරකථනවලට මේ මධ්‍යස්‌ථානයේ සිට සවන්දෙන බව ස්‌නෝවන් හෙළිකර තිබේ.

විදේශ තානාපති කාර්යාල දුරකථනවලට සවන්දෙන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෑතකදී ප්‍රකාශ කර තිබිණි.

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් මෙම රහස්‌ මධ්‍යස්‌ථානය පවත්වාගෙන යයි.

පණිවුඩ හුවමාරු කරගන්නා යන්ත්‍ර හා ජංගම දුරකථනවලට සවන්දී එම සංවාද පටිගත කිරීමේ හැකියාවක්‌ මේ මධ්‍යස්‌ථානයට තිබෙන බවද අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/27/news04.html

0 comments: