විදේශීය ණය ආණ්ඩුකාර සමාජය ආර්ථික වශයෙන් ගොඩනගන ක්‍රමවේදයක් බිහිකළ යුතු වුවත් සුදු කරපටිකාරයින් කිහිපදෙනෙක් එක්ව ඩීල් ආර්ථිකයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වී ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පෙරේදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති ජාතික හෙළ උරුමයේ දස වැනි සංවත්සර උත්සවය අමතමිනි. ඉන්දියාවට තෙල් ටැංකි හා බලාගාර දීමට යෝජනා කරන මෙම සුදුකරපටිකාරයින්ට අවශ්‍ය විදියට රට නටවන්න ඉඩ නොදෙන බව අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ආනයනික භාණ්ඩ මෙරටදීම නිපදවීමට උත්සාහ නොකර මත් ද්‍රව්‍ය හා කැසිනෝ ව්‍යාපාර මෙරටට ගෙනැවිත් රට ගිල්වන්න උත්සාහ දරන මොවුන් ළඟ දියමන්ති ඔප දමා සකස් කළ ඔරලෝසු තිබුණත් මේ රටේ කාලය තීරණය කරන්නේ කොටින්ට රාජාලියන්ට බිය නොවූ ජාතික ව්‍යාපාරය විසින් බවද ඒ මහතා අවධාරණය කළේය.
බෞද්ධ ප්රබෝධයට බිය වී බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ඡායාරූප යොදා බෞද්ධ ත්රස්තවාදයක් ගැන ටයිම්ස් සඟරාවෙන් කතා කර සතියක් ඉක්ම යන විට බුද්ධගයාවට පහර දුන්නත් මිනී මරාගන්න තත්ත්වයකට බෞද්ධයා ඇද නොවැටෙන බවද හෙතෙම එහිදී පැවැසීය.
වැස්සේ තෙමී තෙමී නැටීම ආගමට පටහැනියි කියමින් දැරියන් දෙදෙනෙක් හා ඊට ඉඩදුන් බව කියමින් ඒ දැරියන්ගේ මව මරා දැමීමට පාකිස්ථානය පෙළෙඹෙද්දී මුස්ලිම් කාන්තාවන්ට ඡන්ද අයිතිය හා අධ්‍යාපන අවස්ථාව හිමිකර දුන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කළ අරගල මගින් බවද ඒ මහතා එහිදී සිහිපත් කළේය.
අයිතිවාසිකම් හිමිකර දුන් ජනතාවට වෛර කරන්නට තම දරුවන් පෙළඹෙනවා වෙනුවට ඔවුන් සමග රට වෙනුවෙන් පෙරට එන්න අවස්ථාව උදා කරන ලෙසද ඒ මහතා එහිදී ඉල්ලා සිටියේය.
සුදු කරපටිකාරයන් කිහිපදෙනෙක් ඩීල් ආර්ථිකයක් ඇති කරන්න හදනවා - 2013 ජූලි 15 12:25 a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13849:2013-07-14-18-31-12&catid=34:news&Itemid=62
රන්මලී සෝමසිරි

0 comments:
Post a Comment