Pages

Tuesday, July 23, 2013

මහාචාර්ය ජයතිලක චින්තනය

සාරං සාරතො Cඳත්වා - අසාරං අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්ප ගොචරා

ධම්මපදයේ යමක වග්ගයේ (12) සඳහන අනුව සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරැදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්‌ම ලබත්.

පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශනාංශයේ අධිපතිව සිටි මහාචාර්ය කුලතිස්‌ස නන්ද ජයතිලක විද්වතාණන් (1920.11.01 - 1970.07.23) මෙලොවින් සම්ගෙන වසර 43 කි.

මහාචාර්ය කේ. එන්. ලෙස හැඳින්වූ විද්වතාණන්ගේ දිවි ගමන ඉතා කෙටි විය. එහෙත් ඉහත ධම්මපදයේ සඳහන සිහිවේ. සරු දේ සරු ලෙසට, නිසරු දේ නිසරු ලෙසට හැඳින නිවැරැදි කල්පනාවේ (චින්තනයේ) සරු - නිසරු දේ හැඳින නිවැරැදි චින්තනයෙන් සරු දෙයක්‌ ජනතාවට විද්වතුනට දැනුම් සම්භාරයේ අග්‍රඵලය දායාද කර ඇත. එහෙයින් ම වසර 43 කට පසු ද අප දේශයේ අභිමානයෙන් සිහිකළ යුතු මානව භක්‌තියෙන් සපිරි මහාචාර්ය කේ. එන්. විද්වතාණන්ට ගෞරවය හිමි වේ.

මහාචාර්ය කේ. එන්. විසින් ස්‌ව දිවි ගමනේදී තරුණයනට, විද්වතුනට මෙන්ම විශේෂයෙන් ම සමාජයේ ප්‍රගමනයට ඉදිරි ගමනට දැක්‌වූ ආලෝකය අද ද සිහි වේ.

විවිධ න්‍යාය වාද වල නියෑළුණු සමාජයේ තරුණ පිරිසට ජීවයක්‌ ලබා දී ඇත. ලෝකෝපකාරයේ සඳහන්

"දෙගුරුන් විසින් තම දරුවනට දෙන නො මද දන නම්
වියතුන් සබා මැද ඉන්ට එදිරිව සිල්ප දෙනු මැන"

සිහි වේ. වියතුන් ඉදිරියේ ශිල්ප ලැබීමේ හරය මෙන්ම අනිත් පාර්ශ්වයෙන් සිsසුන් එය ග්‍රහණය කර ගැනීමේ වැදගත්කම ද පෙනේ.

වර්තමාන සමාජයේ ප්‍රගති ගමනේදී තරුණ ජවය සිහි වේ. සබා මැද දැනුමෙන් ඉදිරියෙන් සිටීම ඉතා වැදගත් වේ. මහාචාර්ය ජයතිලකයන් ස්‌ව දැනුම තරුණ කාලයේදී නිවැරැදි චින්තනයේ භාවිතයෙන් ලැබූ ඵලය වර්තමානයේ ද ගෞරවයට පාත්‍ර වේ. විශ්වවිද්‍යාල සහ ලංකා විශ්වවිද්‍යාලය (1925 - 30) කලා විෂය, ගණිතය, සිංහල හා පාලි පිළිබඳ ලන්ඩන් ඉන්ටමීඩියර් විභාගය (1940) - 1943 දී බී. ඒ. ලංකා (ඉන්දු - ආර්ය 1 වැනි පෙළ) සාමාර්ථය ද, 1945 - 48 දී කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. ගෞරව උපාධියක්‌ ද 1948 දී බටහිර දර්ශනවාදය පිළිබඳ 2 වැනි පෙළ ගෞරව උපාධිය ද, 1951 දී එම්. ඒ. උපාධියද, 1961 දී දර්ශනය පිළිබඳ ගෞරව උපාධිය ද හිමිකර ගෙන ඇත.

ස්‌ව දැනුම් සම්භාරය ලොවට ඉදිරිපත් කළ එතුමාණන් විද්වතෙකි. මානව හිතවාදියෙකි. තරුණ පිරිසට දැනුමෙන් පෝෂිත වීමේ උදාර පණිවුඩය සිහිකළ යුත්තේය.

වර්තමාන අප දිවි ගෙවන ලෝකයේ ප්‍රගමනයට තරුණ පිරිසට නිවැරැදි මාර්ගෝපදේශකත්වය අත්‍යවශ්‍ය සාධකයකි. මහාචාර්ය ජයතිලකයන් ත්‍රිපිටකය තෙවරක්‌ කියෑවූ බව මඩිහේ නාහිමිපාණන්, පියදස්‌සී නාහිමිපාණන් ප්‍රසිද්ධියේ වදාරා ඇත. තවදුරටත් ජයතිලක මහාචාර්යතුමන්ගේ දැනුම ග්‍රන්ථවලින් ඉදිරිපත් කිරීමෙන් තහවුරු වේ. තරුණ ජවයට එය ග්‍රහණය කර ගැනීම ජාතික අවශ්‍යතාවකි.

උසස්‌ ලෙස විභාගය පමණක්‌ නොව දැනුම ද වර්ධනය සමඟ ග්‍රන්aථකරණයේ යෙදුණු බව අවබෝධ වේ. මහාචාර්ය කේ. එන්. දේශකයෙක්‌ මෙන්ම විශේෂයෙන් තරුණ පරපුරට ස්‌ව ඉදිරි ගමනට මහාචාර්යතුමා ග්‍රන්ථ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ක්‍රියාවෙන් ම සනාථ කර ඇත.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සමඟ zබුද්ධාගම හා ජාති ප්‍රශ්නයZ (1958) වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට වැදගත් ආශිර්වාදයකි.

"අර්ලි බුඩිස්‌ට්‌ තියරි ඔµa නොලේඡ්" (1963 පිටු 520) දර්ශන උපාධි කෘතිය (මුල් බුදු සමයේ ඥාන විභාගය) මහාචාර්යතුමාගේ චින්තනයේ ඵලයකි. එම පොතට පෙර වදන සපයන මහාචාර්ය ප්‍රිස්‌මන් විසින් පොතේ මාතෘකාවෙන් ඔබ්බට ගිය විෂය පථයක්‌ අර්ථවත්ව ඉදිරිපත් වී ඇති බව සඳහන් කරයි.

විට්‌ගන්ස්‌ටයින් වාග් ඉතිහාස මහාචාර්යවරයාගේ දේශනවලට සහභාගිවීමට වරම ලත් ප්‍රථම ලාංකික ශිෂ්‍යයා වීමේ අප කථානායක ජයතිලකයනට හිමි වේ. වර්තමාන සරසවි සිසු පරපුර ස්‌ව දැනුම වර්ධනයට දේශීය මෙන්ම විදේශීය මෙවැනි දුර්ලභ ආභාෂ ලබා ගැනීම සිරිලක අවශ්‍යතාවකි. ඒ සඳහා කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් 

"කාලය මදකුත් නොව කළ හැකි දික්‌ 
නිකමට නොයවත් ටික්‌ ටික්‌ ටික්‌ "

ලෙස ඔරලෝසුව සම්බන්ධ කර කුඩා දරුවනට දුන් ආදර්ශය අප සරසවි සිසු පරපුර වහා ග්‍රහණය කර ගත යුතුය.

"ද ප්‍රින්සිපල්ස්‌ ඔµa ඉන්ටර්නැෂනල් ඉන් බුඩිස්‌ට්‌ ඩොක්‌ට්‌රින් "(1967) නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර නීතිය පිළිබඳ හේග් ඇකඩමියේදී පැවැත්වූ දේශන 5 ඇසුරින් මෙය ඉදිරිපත් වේ. බෞද්ධ නීති දර්ශනය පිළිබඳ විද්වතෙකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම සම්පූර්ණ අධ්‍යනයක්‌ ලෙස හැඳින්වේ. මෙම කෘතිය බෞද්ධ නීතිය ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණික මූල්‍ය ග්‍රන්ථයක්‌ ලෙස විද්වතුන්ගේ අවධානයට යොමුව ඇති බව විද්වතුන්ගේ මතයයි.

මෙම කෘතිය zබුදු සමය සහ අන්තර්ජාතික නීතියZ ග්‍රන්ථය ජයතිලකයන්ගේ ශිෂ්‍යයකු වන ආචාර්ය සෙනරත් විජයසුන්දර විසින් (2008 දී පිටු 187) සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්‌ ලෙස ඉදිරිපත් කර ඇත. මෙහිදී ජයතිලක සමරු සංවිධානයේ ගෞරවණීය ඉල්ලීම පරිදි ගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාණන්ගේ උපදෙස්‌ පරිදි සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කර ඇති බව ඉතා කෘතවේදීව සඳහන් කරමි.

සිරිලක සිසු පරපුරට සරසවි පරපුරට දී ඇති උපදේශය දේශීය - විදේශීය සඟරාවලට සපයා ඇති ලිපි සම්භාරයෙන් ද තහවුරු වේ. සහභාගි වූ ජාත්‍යන්තර බුද්ධිමය සම්මේලන ද අපමණය.

"බුදු සමය වනාහි සර්වාංග සම්පූර්ණ දර්ශනයකි. ඥාන විභාගයක්‌ ද, මිනිසා හා ලෝකය පිළිබඳ විස්‌තර ඇති ලෝක විභාගයක්‌ ද මිනිසාගේ අරමුණු මෙන්ම කළ යුතු දේ ඇතුළත් ආචාර ධර්මයක්‌ ද, සමාජයේ පරිණාමය, දේශපාලන රටාව ඇතුළත් සමාජ හා දේශපාලන දර්ශනයක්‌ ද, නීති දර්ශනයක්‌ද ඇති බව" මහාචාර්ය කේ. එන්. සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ ස්‌වර්ණ ජයන්ති උත්සවයේදී ඉදිරිපත් කර ඇත.

තවදුරටත් ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් මෙන්ම සමාජවාදී පදනමක්‌ ද තිබීම වැදගත් බව සඳහන් කර ඇත.

සමාජ ප්‍රගමනයේදී සමාජය එකම පවුලක්‌ ලෙස සැලකිය යුතු බව මහාචාර්ය ජයතිලකයන් ඉතා ගැඹුරින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ වාර්ගික ගැටලුවට ඒකායන මාර්ගයක්‌ ලෙස "එකම පවුලක්‌" යන අදහස ගැඹුරින් ජනතාගත කිරීම දේශීය විද්වතුන්ගේ ඉතා වැදගත් කාර්යභාරයකි. ප්‍රායෝගික ජීවිතයෙන් මහාචාර්ය ජයතිලකයන් එය සනාථ කර ඇත. එමෙන්ම වාසෙට්‌ඨ සූත්‍රය ඇසුරින් තිරිසනුන් හා ගස්‌කොළන් අතර ජාතිභේද ලක්‍ෂණ ඇතත් එවැනි ලක්‍ෂණ නැති මිනිස්‌ ජාතික එකක්‌ බව ඉදිරිපත් කර ඇත.

තවදුරටත් සාමාන්‍ය ධර්මය නිසා මිනිසුන් අතර ජාතිය, කුලය හෝ ලිංගය සලකා වෙනස්‌කම් නොකොට මනුෂ්‍ය ගෞරවයෙන් එක සේ සැලකිය යුතු බව බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ තවත් ඉගැන්වීමක්‌ බව එය සමානාත්මතා ධර්ම යෑයි ද මහාචාර්ය ජයතිලකයන් විධිමත් පර්යේෂණ සාධක අනුව තහවුරු කර ඇත.

1975 දී ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ආගම් අධ්‍යයන අංශයේ මහාචාර්ය නිහියන් ස්‌මාට්‌ විසින් මහාචාර්ය ජයතිලකයන්ගේ ලිපි එකතුවක්‌ කෘතියක්‌ ලෙසට ඉදිරිපත් කර තිබීම මහාචාර්ය ජයතිලකයනට කර ඇති විෂයානුකූල ශාස්‌ත්‍රීය ගෞරවයකි. එමෙන්ම මහාචාර්යතුමා ගැන විදේශීය විද්වතුන් විසින් සම්පාදිත ලිපි එකතුවක්‌ ද ඇති බව විශේෂයෙන් කෘතවේදීව සඳහන් කළ හැකිය.

මහාචාර්ය ජයතිලකයෙනි, ඔබ පුනරුත්පත්තිය විශ්වාස කර ඇති බව සිහිවේ.

කලාභූෂණ විමල් සපුකොටන
http://www.divaina.com/2013/07/23/feature02.html

0 comments: