Pages

Monday, July 22, 2013

මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...

මේක අපේ නංගිලා හැමෝම දැනගන්න ඕන කතාවක්. 
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න.

මට මුණ ගැහුණා පටාචාරාවක්.. අපි එයාට සදමාලි කියලා කියමුකෝ.. මට සදමාලිව මුණ ගැහුණේ එයා “කාන්තා පිහිට“ කියන රාජ්‍ය නොවන සංවිධානයේ පිහිටක් බලාපොරොත්තුවෙන් ඇවිත් ඉදිද්දි..

සදමාලි ලස්සන සිංහල යුවතියක්.. ඒ නිසා ගොඩක් අය එයාගේ ආදරේ ඉල්ලගෙන ආවා. ඒත් සදමාලිගේ හිත ගියේ නවුෆර්ට.. නවුෆර් මුස්ලිම්.. ඒත් කඩවසම්.. හොද ජේත්තුවට ඇන්දා.. ආවේ අළුත්ම පන්නයේ මෝටර් බයිසිකලයකින්.. එයාගේ අතේ නිතරම මිල අධික ජංගම දුරකථනයක්... හිතේ හැටියට අත දිග ඇරලා සල්ලි වියදම් කළා.. සදමාලිට ගොඩක් ආදරේ කළා.. කතා කළේ ලෝකෙම ගෙනත් සදමාලිගේ කකුල් දෙක ගාව තියන්න පුළුවන් ගාණට..
සදමාලිගේ දෙමවුපියෝ මේ සම්බන්ධෙට කැමති වුණේ නෑ..
ඒත්.. අම්මලා තාත්තලා අකමැතියි කියලා මේ තරම් ආදරේ කරන කෙනෙක්ව අමතක කරලා දාන්නේ කොහොමද?.. සදමාලි කැමති වුණා නවුෆර් එක්ක හොර රහසේ පැනලා ගිහින් විවාහ වෙන්න.. 

නවුෆර් සදමාලිවත් එක්කගෙන පැනලා ගියේ කාත්තන්කුඩියට.. ගිහින් නවුෆර්ගේ නෑ ගෙදරක නැවතුණා..
“ඔයා සිංහල නිසා අපිට කසාද බදින්න බෑ.. ඒ නිසා ඉස්සෙල්ලා ඔයා අපේ ආගමට එන්න.. ඊට පස්සේ අපි ආගමේ හැටියට කසාද බදිමු..“ නවුෆර් සදමාලිට කිව්වා.
ඒ වෙනකොට සදමාලිට ආපහු හැරිලා බණ්ඩාරවෙලට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා සදමාලි නවුෆර් කිව්ව දේට කැමති වුණා.. සදමාලි එදා ෆාතිමා නස්රියා වුණා.. නවුෆර් මුස්ලිම් කාතිවරයා ලගදි ඒ අළුත් ෆාතිමා නස්රියාව විවාහ කරගත්තා.

නවුෆර්ටත් සදමාලි ෆාතිමාටත් ඉන්න ගෙයක් ලැබුණා පල්ලියේ අනුග්‍රහයෙන්.. කාත්තන්කුඩියේ කොළණියක.. මුස්ලිම් මිනිස්සු විතරමයි ඒ කොළණියේ ඉන්නේ.. බණ්ඩාරවෙල ලස්සන ගමක නිදහසේ හිටපු සදමාලිට කාත්තන්කුඩියේ මුස්ලිම් කොලණියේ ජීවිතේ පණපිටින් අපායට වැටුණා වගේ වුණා.. එක කාමර කෑල්ලේ දරුවෝ හත් අට දෙනෙක් එක්ක අම්මයි තාත්තයි ආච්චියි සීයයි නැන්දයි ඔක්කොම ජීවත් වෙන තද බද ජීවිතේ, ඒ මැදම එළුවෝ, කුකුළ්ලු, හරක් ඇති කරන, අපිරිසිදු කම උතුරන, රැයක් දවාලක් නැතිව තොරතෝංචියක් නැති ගාලගෝට්ටිය, තැන තැන නාවර පෙරාගත්ත ළමයි, කළු ගෝනි ඇදුම් ඇතුළට වෙලා ඕප දූප කියවමින් ඉන්න නාන්නෙ නැති ගැහැණු,.... සදමාලි බලාපොරොත්තු වුණ දිව්‍යලෝකෙ නෙවෙයි ඒ...

හිසේ ඉදන් පොරව ගත්තු කොළණියේ ගෑණු සදමාලිව කොන් කළා.. සිංහල හින්දා.. පිරිමි උන් සදමාලි දිහා බැලුවේ හරි අමුතු විදිහට..
“බණ්ඩාරවෙලදී ඇදපු ඇදුම් මෙහේට හරියන්නේ නෑ.. දැන් ඔයත් අපේ ආගමේනේ.. ආගමේ විදිහට අදින්න..“ නවුෆර් සදමාලිට අබායාවල් ගෙනත් දුන්නා. බණ්ඩාරවෙල සීතලේදි නිදහසේ ඇදුම් ඇදපු සදමාලි කාත්තන්කුඩියේ ගිනි රස්නේ මැදත් කළු ලෝගුවක් ඇතුලේ තැම්බෙන්න පටන් ගත්තා..

මේ වෙනකොට නවුෆර් සදමාලි දෙන්නා ජීවත් වුනේ පල්ලියෙන් හම්බ වුණ දීමනාවෙන්.. නවුෆර් ඉස්සර සදමාලිව මුණ ගැහෙන්න ආව අළුත්ම මෝටර් බයිසිකලය නවුෆර්ගෙ නෙවෙයි. අතේ තිබුණු ෆෝන් එක විකුණලා ඒ දවස් වල සදමාලි වෙනුවෙන් වියදම් කරන්න ගත්ත ණය ගෙවලා.. පල්ලියෙන් ලැබෙන දීමනාවෙන් ජේත්තුවට අදින්න බෑ.. ඒ මදිවාට දැන් නවුෆර් අර සුදු දිග ජබ්බාව ඇදලා මට්ට තොප්පිය දාන්න පටන් අරගෙන.. පාන්දර හතරේ ඉදන් නැගිටලා පස්වේල පල්ලියටත් යන්න පටන් අරන්...
සදමාලිට ජීවිතේ ගැන ප්‍රසන්න හැගීමක් ඉතිරිවෙලා තිබුණෙ නෑ.. ඒත් ආපහු යන්න බෑ.. සදමාලිගේ කුසේ දරුවෙක්...

ඒ වගේ අප්‍රසන්න කාලයක් ගෙවුණා.. සදමාලිට අවුරුදු දහ අට ලබනකොට එයා දරුවො දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.. මේ වෙනකොට නවුෆර් පොලක් පොලක් ගානේ ගිහින් ප්ලාස්ටික් බඩු, මනිබඩු විකුණනවා.. පොළවල් ගානේ අව්වට කරවුණු, දූවිල්ලට කිළුටු පාට වුණු, ජබ්බාව ඇදලා කැත රැවුලක් වවපු නවුෆර් දැන් සදමාලිගේ හිත ගත්ත කඩවසම් තරුණයා නෙවෙයි.. සදමාලිගේ ජීවිතේ අවුරුදු දහ අටේදීම වියපත් වෙලා...

“මේ බිස්නස් එක හැමදාම මෙහෙම කරන්න බෑ.. මේ කොළණියෙ ඉන්නත් බෑ.. ඒක නිසා ඔයා රට යන්න.. කීයක් හරි හම්බ කරගෙන එන්න.. “ නවුෆර් සදමාලිට කිව්වා..
ඉතින් සදමාලි මැද පෙරදිග ගියා.. පුංචි දරුවෝ දෙන්නාව නවුෆර්ගේ අම්මාට බාර දීලා..
අම්මාත් තාත්තාත් ලග මලක් වගේ හැදුණු සදමාලි, මැදපෙරදිග ගෙදරක වහල්කම් කරන්න පටන් ගත්තා. උදේ ඉදන් රෑ දෙගොඩහරියක් වෙනකල් දුක් විදිමින් හම්බ කරපු හැම දෙයක්ම සදමාලි නවුෆර්ට යැව්වා.. ඒ විදිහට අවුරුදු හතරක් ගෙවුණා.. නවුෆර් එයාගේ ව්‍යාපාරය දියුණු කරගෙන තිබුණා.. සදමාලි රට ඉදන් එවපු සල්ලි වලින්.. කාත්තන්කුඩි නගරයේ පුංචි කඩ කාමරයකුත් අරගෙන..

සදමාලි ලංකාවට ආවා.. දැන් ඉතින් දුක් විදලා ඉවරයි කියලා හිතාගෙන....
නැහැ.. සදමාලිට දුක් විදින්න, ගිනි ඇවිලෙන්න අළුත් අපලයක් මග බලාගෙන හිටියා.. නවුෆර් දැන් දියුණුයිනේ.. ඉතින් එයාගේ දෙමවුපියෝ නවුෆර්ට විවාහ යෝජනාවක් ගෙනල්ලා.. හොද දෑවැද්දකුත් එක්ක..

සදමාලි ලංකාවට ඇවිත් ඉදිද්දිම නවුෆර් ඒ යෝජනා වුණු මුස්ලිම් ගෑණු ළමයාව විවාහ කරගත්තා. සදමාලි කොයි තරම් ඇඩුවත් වැලපුණත් රණ්ඩු කළත් වැඩක් වුණේ නෑ.. 

ගෑණුන්ට වටිනාකමක් නැති ආගමක් ඇතුළේ ගෑණුන්ගේ කදුළු වලට වටිනාකමක් තියෙයිද?

නවුෆර්ගේ අළුත් බිරිද සිත්ති.. ආඩම්බර කාරියක්.. සිත්තිට දෑවැද්දට ගෙයක් ලැබිලා තිබුණා.. නවුෆර් සිත්තිත් එක්ක ඒ ගෙදර පදිංචියට ගියා.. දරුවෝ දෙන්නත් අරගෙන..
“ඔයත් එන්න.. අපි මේ ගෙදර බාරදෙන්න ඕන..“ නවුෆර් කිව්වා.. අවුරුදු ගාණක් මැදපෙරදිග දුක් විදලා හම්බ කළත් සදමාලිගේ අතේ සතයක්වත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. දරුවො දෙන්නා දාලා යන්නත් බෑ.. ඉතින් සදමාලිටත් සිත්තිගේ ගෙදරට යන්න සිද්ධ වුණා..

“සිංහල ගෑණූ උඩ පැනගෙන ආවට අපේ ආගමේ ඔය කසාද වලංගු නෑ.. ඒක ආගමේම කියලා තියනවා.. මුස්ලිම් දෙන්නෙකුට විතරයි කසාද බදින්න පුළුවන් කියලා.. ඒ හින්දා මම තමයි නවුෆර්ගේ නියම ගෑණි.. උඹ දෙවනි ගෑනි විදිහට මං කියන දේ අහගෙන හිටපන්.. උඹ ඉන්නෙත් මගේ ගෙදරනේ..“ සිත්ති හැමදාම සදමාලිව පුළුවන් තරම් පාච්චල් කළා.. සදමාලිගේ ජීවිතේ හැම දේම නැති වෙලා.. ඉතිරිවෙලා ඉන්නේ දරු දෙන්නා විතරයි.. සදමාලි ඉවසුවා ඒ දෙන්නා වෙනුවෙන්...

ඒත් සදමාලි දෙමවුපියන් අතහැරලා දාලා, ලස්සන නිදහස් ජීවිතේ කැප කරලා ආවේ නවුෆර්ගේ දෙවනි බිරිද වෙන්න නෙවෙයිනේ.. ඒ වේදනාව, දුක, තරහා දරාගෙන ඉන්න නම් සදමාලිට බැරි වුනා... ඒ නිසා සදමාලිත් නවුෆරුත් අතර නිතරම රණ්ඩු දබර ඇතිවුණා.. ඒ නිසා නවුෆර්ට සදමාලිව එපා වුණා...

ඉතින් නවුෆර් සදමාලිව දික්කසාද කළා.. සදමාලිව පල්ලියේ කාතිවරයා ලගදී, නවුෆර්ගේ නෑයෝ ඉදිරියේදී “තලාක්, තලාක්, තලාක්“ කියලා දික්කසාද කළා.. වැරැද්දක් නැතිව, නඩුවක් නැතිව, වන්දියක් නැතිව අත්හැරලා දැම්මා..

සදමාලිට ආපහු තමන්ගේ දෙමාපියන් ලගට යන්න සිද්ධ වුණා.. අන්ත අසරණියක් වගේ.. තමන්ගෙ දරුවො දෙන්නාවත් නැතිව.. මුස්ලිම් නීතියේ හැටියට දරුවන්ගේ අයිතිය තියෙන්නේ තාත්තාට.. ඒ නිසා..

සදමාලි ඇත්තටම පටාචාරාවක් වුණා.. 

දැන් සදමාලි නීතියේ පිහිට හොයාගෙන යනවා.. අර පුංචි දරු දෙන්නාව තමන්ගේ ළගට ගන්න. සදමාලිව මට මුණ ගැහුණේ ඒ විදිහට පිහිටක් හොයාගෙන “කාන්තා පිහිට“ කියන ආයතනයට ආපු ගමනේදී..

මේ ඉරණම අත් වෙලා තියෙන්නේ සදමාලිට විතරක් නෙවෙයි. කාත්තන්කුඩිය, මඩකලපුව, වගේ පැති වල හිරවෙලා අසරණ වෙලා දුක් විදින අපේ සිංහල සොහොයුරියෝ තවත් අනන්තවත් ඉන්නවා.. ඒ එයාලත් මුස්ලිම් තරුණයන්ගේ ආදර දැලට පැටළුණු හින්දා..
ඉතින්... කැමතිද ඒ වගේ පටාචාරාවක් වෙන්න..? නැහැ නේද?.. ඒ නිසා ආදරය කරන කොට තමන්ගේ ජාතියටත් ආදරය කරන්න අපේ නංගිලා හැමෝම බුද්ධිමත් වෙන්න...

නිම්මි මුදිතා හේරත් | https://www.facebook.com/photo.php?fbid=198221817008703&set=a.115580918606127.23427.100004626584602&type=1&theater

[
සබැඳි ලිපි -
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://denethharinna.blogspot.com/2013/03/z.html
]

1 comments:

Anonymous said...

Keep ur good work..Most of sinhala and tamils girls don't know this religion of satan..great work,,continue,,bring back all sinhala and tamils ladies,,or tell them to convert as non muslims..spend your money to get those femaile alive..