Pages

Thursday, July 25, 2013

ඔස්ට්‍රේලියාවේ -කැන්ගරු බොලිවුඩ් වෙයි | ශ්‍රි ලාංකිකයෝ අසූහය දහසක් - අසාමන්‍ය ජනගහන විකෘතීන්ගෙන් ලංකාව මුසලු රටක් නම් නොවේවා!

ඔස්ට්‍රේලියාවේ සිටින වැඩි ජන කොට්ටාශය ආසියානු ජාතිකයින් බවට පත් වෙමින් තිබේ. විශේෂයෙන් ඉන්දීය ජාතිකයින්ගෙන් ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත පිරී යන්නට පටන් ගෙන තිබෙන බවක් වාර්ථා වේ. ඔස්ට්‍රේලියාවේ දැනට පදිංචි වී සිටින ආසියාවේ උපත ලද ජනගහනය මිලියන දෙකක් පමණ වේ. යුරෝපයේ උපත ලද ජනතාව වසර 200ක් තිස්සේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් එහි බහුජාතිය බවට පත් වෙමින් සිටිති. නවතම වාර්ථා අනුව පෙනී යන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ සිටින වැඩි ජන කොට්ටාශය ආසියාවේ උපත ලද පුද්ගලයන් බවට පත්වන බවයි.

මෙම තොරතුරු දැක්වෙන්නේ ඔස්ට්‍රේලියානු සංගණන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛන අනුවය. 2001 සිට 2010 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ උපත ලද ආසියානු ජනගහනය මිලියන 1 සිට 2 දක්වා දෙගුණ වී තිබේ. ඉන්දියානු ජනගහනය තුන් ගුණයකින් වැඩි වූ අතර චීන ජනගහනය දස වසරකටත් අඩු මෙම කාලයේ දී දෙගුණයක් විය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන යුරෝපයේ උපත ලද ජනගහනය 1991 සිට පහත වැටෙමින් තිබේ. බ්‍රිතාන්‍යයේ උපත ලද ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනගහන වර්ධනයද මෙම කාලයේ දී පහත බැස ඇත.

ආසියාවේ උපත ලද ඔස්ට්‍රේලියාවේ පදිංචි අයගේ ජනගහනය, යුරෝපීය ජනගහනය ඉක්මවා යන දිනයට ඇත්තේ තව වසර තුනක් බව ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණන් බලා තිබේ. 2010 වසරේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකිකයන් 86413ක් ජීවත් වූහ. මෙය 2006 වසරේ සිට අවුරුදු හතරකට සියයට 39ක වැඩි වීමකි.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ සංදර්ශන, ප්‍රදර්ශන හා උත්සව අවස්ථාවලදී ඉන්දීය බොලිවුඩ් රංගන පවා ඉදිරිපත් වේ. පසුගියදා පැවැති ඔස්ට්‍රේලියානු දිනය නිමිත්තෙන් මෙල්බන් නගරයේ පැවැති දැවැන්ත රාජ්‍ය උත්සවය අලංකාර කළ බොලිවුඩ් රංගනය ඡායාරූපයෙන් දැක්වේ. අනෙක් ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජනගහන වර්ධනය පිළිබඳ සටහනකි.
boliw
Graphbollaus
2013 ජූලි 25 11:20 a.m - සිසිල් ෆොන්සේකා (ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට)
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14566:2013-07-25-05-51-53&catid=34:news&Itemid=62

0 comments: