Pages

Monday, July 22, 2013

ඉරණම් තීන්දුව තමිල්නාඩුවෙන් ලියා ගැනීම

තමිල්නාඩුව විසින් එල්ල කරන නිමක්‌ නොමැති කෙනෙහිලි කම්, ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු මතය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය බවට ඉන්දියාව විසින් පත් කර ගෙන තිබේ. තමිල්නාඩුව විසින් එල්ල කරන ලද කෙනෙහිලිකම් අනුව බලන විට, චෙන්නායිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයට එවන ලද තර්ජිත ලිපිය ගණන් ගත යුතු තරමේ සිදුවීමක්‌ නොවේ.

1917 දී රාමස්‌වාමි විසින් ආරම්භ කරන ලද දකුණු ඉන්දියානු සුබසාධක සංගමය, තමිල්නාඩුවේ නූතන වර්ගවාදයේ උල්පත ලෙස සැලකිය හැකිය. 1944 වර්ෂයේදී රාමසාමිගේ සංගමය ද්‍රවිඩ කසාගමය බවට පත් වූ අතර "ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ උදෙසා" යන සටන් පාඨය අතට ගෙන ක්‍රියා කිරීමේ අයිතිකරුවන් බවට ඒ සමඟම ඔවුන් පත් විය. පසුව මෙම සංවිධානය බෙදී ගිය අතර 1949 දී අන්නාදුරෙයි විසින් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගමය පිහිටුවා ගත්තේය. අන්නාදුරෙයි සටන් කරන ලද්දේ, ඉන්දියාවෙහි, ස්‌වාධීන වූ දෙමළ රටක්‌ ගොඩනඟා ගැනීම සඳහාය. ඉන්දියාවේ යම් ප්‍ර්‍රdන්තයකට අවශ්‍ය වූ විට මධ්‍යම රජයේ සන්ධීය තත්ත්වයෙන් ඉවත් වී ස්‌වාධීන වීමට හැකි විය යුතු යෑයි වන යෝජනාවක්‌ අන්නාදුරෙයි ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක්‌ පෙන්වමින් වර්තමානයේදී තමිල්නාඩුව සිය සටන මෙහෙයවුවත් ඒ පසුපස නිරතුරුවම ඇති බලාපොරොත්තුව නම් ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ බිහි කර ගැනීමය. ඉන්දියාව විසින් තමිල්නාඩුවේ හයිරංකාරකමට එරෙහිව ව්‍යවස්‌ථාපිත සීමා හා උපාය මාර්ගික බාධක දමා තිබුණත් තමිල්නාඩු බලපෑමට යටත්ව ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාව දක්‌වන ආකල්පය අවසානයේදී හානි කරන්නේ, ඉන්දියාවේ ඉරණමටය.

මේ සඳහා වන උදාහරණයකට ප්‍රභා කරන්ගේ එල්.ටී. ටී. ඊ. සංවිධානය ගත හැකිය. එල්. ටී. ටී. ඊ. ය පමණක්‌ නොව දෙමළ ත්‍රස්‌තවාදයටම පාසල බවට පත් වන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ආධාර උපකාර නොවන්නට දෙමළ සන්නද්ධ ත්‍රස්‌තවාදයක්‌ ශ්‍රී ලංකාව තුළ නියත ලෙසම බිහි නොවන්නට ඉඩ තිබිණි. සියලුම සන්නද්ධ දෙමළ කණ්‌ඩායම් මුල් කාලයේ ඉන්දියානු ප්‍රේමියෝ වූහ. 1987 අගෝස්‌තු දෙවැනිදා (2 දා) ප්‍රභාකරන් විසින් යාපනයේa සුදුමලෙයි කෝවිල් භූමියේදී ප්‍රසිද්ධ කතාවක්‌ කළේය. "අපි ඉන්දියාවට ආදරෙයි" යනුවෙන් කරන ලද එම කතාව මගින් පෙන්නුම් කරන ලද්දේ, උතුරේ තරුණයන්ගේ සටනට ඉන්දියාවේ තිබෙන වැදගත් භාවයය. එසේ වුවත් 1991 මැයි 21 වැනිදා ශ්‍රී පෙරුම්බුදුර්හි දී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කරන්නේද, අපි ඉන්දියාවට ආදරේ යෑයි කියූ ප්‍රභාකරන්මය.

එල්. ටී. ටී. ඊ. යට ඉන්දියාව වැදගත් වූයේ සිය මූලෝපාය පිණිස මිස අන් යමක්‌ සඳහා නොවනවා සේම තමිල්නාඩුවටද ඉන්දියාව වැදගත් වන්නේ ඒ ආකාරයෙන්මය.

දැනටමත් ඉන්දියාව සිය වටේ රටවල් තරහ කරගෙන සිටින්නේ මායිමේ පිහිටා තිබෙන ප්‍රදේශවල ක්‍රියාකාරකම් කරණ කොටගෙනය. ජම්මු කාශ්aමීර්, පන්ජාබ්, රාජස්‌ථාන් හා ගුජරාටි පළාත්වල ක්‍රියාකාරකම් හේතුවෙන් ඉන්දු පකිස්‌තාන සබඳතා පිරිහීමට ලක්‌ව තිබේ. බිහාර්, උත්තර කාන්ද්, උත්තර ප්‍රදේශ්, සිකීම් හා බටහිර බෙංගාලය නිසා ඉන්දු - නේපාල සබඳතාවලට හානි පැමිණ තිබේ. අරුණාචල්, හිමාචල්, සිකීම්, උත්තරකාන්ද් හා ජම්මු - කාශ්මීර් ප්‍රදේශවල තත්ත්වයන් නිසා චීන - ඉන්දු සබඳතා ද බටහිර බෙංගාලය, මිසෝරාම්, මෙගල්යා, ටි්‍රපූර්, ඇසෑම් ප්‍රදේශ නිසා ඉන්දීය හා භූතාන සබඳතා ද පලුදු වී තිබේ. මින්කොයි දූපත නිසා ඉන්දීය - මාලදිවයින් සබඳතාවලට බලපෑම් එල්ල වී තිබේ. ඉන්දීය මායිම් ප්‍රදේශ නිසා සියලුම අසල්වැසියන් ඉන්දියාව සමඟ සැකයෙන් සිටින තත්ත්වයක්‌ ඇති වී තිබේ. ශ්‍රී ලංකා - ඉන්දියා සබඳතා විෂයෙහි ඒ හානිය කරන්නේ තමිල්නාඩුවය. මායිමේ ප්‍රදේශ හා අසල්වැසියන් අතර ගැටුමේදී තමිල්නාඩුව හැර අනික්‌ ප්‍රදේශවල තත්ත්වය ඉන්දියානු ස්‌වාධීනත්වයට හානියක්‌ කරන්නේම නැත. ජම්මු- කාශ්මීර් වැනි ප්‍රදේශ හා අසල්වැසියන් අතර ඇති ගැටුම ඉන්දියානු ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීමේ පියවරක්‌ ලෙස සැලකිය හැකිය. නමුත් තමිල්නාඩු "රස වින්දනය" එසේ නොවේ. විචාරකයන් දක්‌වන ආකාරයට ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාලනය කිරීමේ බලයක්‌ සහිත එකම ප්‍රාන්තය තමිල්නාඩුවය. 1983 න් පසු ඉන්දීය රජය, ශ්‍රී ලංකාව විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය තීරණය කරනු ලැබුවේ තමිල්නාඩුව සතුටු කරවීම සඳහාය. මේ සඳහා ඉන්දීය දේශපාලනයේ සභාග ප්‍රවණතාවද බලපා තිබිණි.

එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද්ධ කරන ලද 2006 - 2009 පාලනයේaදී ඉන්දීය ආණ්‌ඩුව පැවැතියේ ලෝක්‌ සභාවේ ඡන්ද දහතුනක බහුතරයකිනි. තමිල්නාඩු සියලුම පක්‍ෂ අනෙක්‌ භේද අමතක කර ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු එකඟතාවකට පැමිණ තිබිණි. ලෝක්‌a සභාව තුළ තමිල්නාඩුවට ආසන 39 ක්‌ වෙන්වී තිබිණි. මේ නිසා ලෝක්‌ සභාවේ බලය රැක ගැනීමේදී තමිල්නාඩු බලපෑම අවතක්‌සේරු කළ නොහැකි ආකාරයකට ඉන්දීය ආණ්‌ඩුව හිරවී සිsටියේය.

ඒ හිsරවීම තාවකාලික තත්ත්වයක්‌ සේ පෙනුණ ද අවසානයේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය පමණක්‌ නොව ඉන්දියාවේ ඒකාග්‍රතාවට ද තමිල්නාඩුව තර්ජනයක්‌ වන තත්ත්වයක්‌ මතු කර තිබේ.

දකුණු ඉන්දියාවේ පිහිටා තිබෙන ඉන්දීය හමුදා පුහුණු ඇකඩමි තුළ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණු වීමට අවස්‌ථාව නොදෙන ලෙස තමිල්නාඩුව බල කළේය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස දකුණු ඉන්දියාව තුළ ශ්‍රී ලංකා හමුදාව පුහුණු නොකරන්නට ඉන්දියාව තීරණය කළ අතර, පුහුණු වෙමින් සිටින නිලධාරීන් වෙනත් ස්‌ථානවලට මාරු කිරීමට පියවර ගත්තේය. 

ඉන්දීය ධීවරයන් හා ශ්‍රී ලංකා ධීවරයන් අතර මහ ගැටුමක්‌ ද තිබේ. කච්චතිව් හි අයිතිය උදෙසා තමිල්නාඩුqව විසින් මැදිහත් වීමක්‌ද කරමින් සිsටියි. මේ ආදී ලෙස ක්‍ෂේත්‍ර ගණනාවකදී ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉන්දියානු මතය, අවසානයේදී තමිල්නාඩු මතය මත තීරණය වී තිබේ. 

එල්. ටී. ටී. ඊ. යට එරෙහිව දියත් කරන ලද සංග්‍රාමයේදී ලෝකයා මොන මතයක්‌ දැරුවත් එල්. ටී. ටී. ඊ. ය විනාශ කරන්නට ශ්‍රී ලංකාව සමත් විය. තමිල්නාඩුව එතැනදී අනෙක්‌ පැත්තට සිටියත් ශ්‍රී ලංකාව සිය ඉලක්‌කය කරා ගියේය. වත්මන් ලෝක බලතුලනය අනුව තමිල්නාඩුව එරෙහි වූ පමණකින් එය එකම සාධකය කරගෙන ශ්‍රී ලංකාව තීරණයක්‌ ගත්තේ නැත. අනෙක්‌ අතට ඉන්දියාව වුවත් යම් බලපෑමක්‌ ශ්‍රී ලංකාවට කරනුයේ ශ්‍රී ලංකාව සමග සංවාදයක්‌ මඟින් පමණකිs. මෙම සංවාදයේදී හැමදාමත් ඉන්දියාවට, තමිල්නාඩුව පෙන්වා ශ්‍රී ලංකාව ගැන තීරණ ගත නොහැකිය. එසේ කරන විට අනිත් ප්‍රාන්ත ද වෙනත්a රටවල් සම්බන්ධයෙන් ඉන්දියාවට එවැනි බලපෑම් කරන්නට ඉඩ තිබේ. එසේම ඉන්දියාව, තමිල්නාඩුවේ රිමාන්ඩ් සිරකාරයෙක්‌ වන තත්ත්වයක්‌ දැනටමත් නිර්මාණය වී තිබෙන අතර, දිගටම මෙම ප්‍රවණතාව පැවතුණහොත් තමිල්නාඩුවේ ස්‌ථිර සිරකරුවෙක්‌ බවට ඉන්දියාව පත්වනු ඇත. ඇමරිකානු ආරක්‍ෂක ලේකම් හිලරි ක්‌ලින්ටන් විසින් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සමග සෘජු සාකච්ඡා පවත්වන මට්‌ටමකට තත්ත්වය දුර දිග ගොස්‌ තිබේ. තමිල්නාඩුවේ බලපෑම හේතුවෙන් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනයේa වරදකරුවන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය අපොහොසත් වී තිබේ. රජිව්ගේ බිරිය නායකත්වය දෙන කොංග්‍රස්‌ පක්‍ෂය බලයේ සිටියදීම මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ නිසා තමිල්නාඩුව මත සිට ශ්‍රී ලංකාවේ ඉරණම ඉන්දියාව තීන්දු කිරීමේ අවසානය වනු ඇත්තේ තමිල්නාඩුව විසින් ඉන්දියාවේ ඉරණම තීන්දු කිරීම වනු ඇති.

මනෝඡ් අබයදීර
http://www.divaina.com/2013/07/21/politics07.html 

[
සබැඳි ලිපි -

චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: