Pages

Wednesday, July 31, 2013

13 ට එරෙහිව සංඝාඥාවක්‌ නිකුත් කරන්නැයි මහ නාහිමිවරුගෙන් ඉල්ලා සිටිනවා - ඥානසාර හිමි

දේශයට, ජාතියට මහා අභියෝගයක්‌ව පවතින 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ප්‍රකාශ කරමින් සංඝාඥාවක්‌ නිකුත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (30 දා) පැවසූහ.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‌ෂකයාගේ ප්‍රකාශ ඉතා භයානක බව ඥානසාර හිමියෝ පැවසූහ.

13 වැනි සංශෝධනයට ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හා දැහිතැති ප්‍රජා සංවිධාන ද විරෝධය පළකරන බව පැවසූ ඥනසාර ස්‌වාමීන් වහන්සේ මෙම සියලු සංවිධාන සහ මහා සංඝරත්නය ඒකාබද්ධව මහනුවරදී පවත්වන අධිෂ්ඨාන පූජාවකදී 13 වැනි සංශෝධන අහෝසි කරන ලෙස දන්වා සංඝාඥාවක්‌ නිකුත් කිරීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටින බව ඥනසාර ස්‌වාමීන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

ඉඩම් සහ පොලිස්‌ බලතලවලටත් වඩා බලතල උතුරු පළාත් සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවට මේ වන විටත් උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‌ෂක කර තිබෙන ප්‍රකාශය ඉතා බලගතු මෙන්ම රටේ ඒකීය භාවයට අභියෝගාත්මක බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්aසේ අදහස්‌ දක්‌වමින් විධායක ජනාධිපති බලතල අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළයුතු බව පැවසූහ.

බොදු බල සේනා සංවිධානයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක මඩවල ජනමංගලාරාමාධිපති පූජ්‍ය ලියන්වල ශාසනරතන සහ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනවාසී පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම යන ස්‌වාමීන් වහන්සේලාද මෙම අවසAථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර 
http://www.divaina.com/2013/07/31/news26.html

0 comments: