Pages

Monday, July 29, 2013

උතුරු නැගෙනහිර විශේෂයි. භික්ෂූන් නෑ පන්සල් 400ක් වැසේ. වැසීයාමේ වේගය 4%

භික්ෂූන් වහන්සේ නොමැතිකම හේතුවෙන් දිවයින පුරා විහාරස්ථාන 400ට අධික සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒ අතරින් මෙලෙස විහාරස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා පැවැසීය. 

උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන බොහොමයක් ඒ අතර වන බවත්, යුද ගැටුම් සමග ඒ ප්‍රදේශවල විහාරස්ථාන බොහොමයක් වැසී ගොස් ඇති බවත්, චන්ද්‍රපේම ගමගේ මහතා කීය. මෙම විහාරස්ථාන නැවත විවෘත කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි. මෙම විහාරස්ථාන සඳහා ස්වාමීන් වහන්සේලා ඉල්ලුම් කරන්නේ නම් මහනායක හිමිවරුන්ගෙන් විමසා අදාළ නිකායේ අවසරය සහිතව එම පන්සල් ඉල්ලුම් කරන ස්වාමීන් වහන්සේලාට භාර දිය හැකි බව ද ඒ මහතා පැවැසීය.

2013 ජූලි 29 12:50  a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14746:-400-&catid=34:news&Itemid=62

0 comments: