Pages

Sunday, July 28, 2013

මෙරටට කුඩු ගෙන්වන මූසලු කුඩු ජාලයේ ඉත්තෙකුට මරණ දඬුවම

පකිස්‌තානයේ සිටි නීති විරෝධී ලෙස හෙරොයින් මෙරටට ආනයනය කිරීමේ චෝදනා ලබා අධිකරණය මගහැර සිටි පකිස්‌තානුවකුට එරෙහිව ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වූ බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා එම පකිස්‌තානු ජාතිකයාට මරණීය දණ්‌ඩනය නියමකර ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලදී.

මරණීය දඬුවම නියම වූ පකිස්‌තානු ජාතිකයකු වූයේ අලිෂෙයර් නමැති 55 හැවිරිදි වෙළෙන්දෙකි. 1994 නොවැම්බර් මස 16 දින මෙම විත්තිකරු පකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් ග්‍රෑම් 1996 රැගෙන ආ අවස්‌ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පසුව අධිකරණයෙන් ඇප ලබාගත් පකිස්‌තානු ජාතිකයා අධිකරණය මගහැර පලාගොස්‌ ඇත. රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවීය. 

පකිස්‌තානයේ සිට මෙරටට හෙරොයින් ගෙනත් අධිකරණය මගහැර සිටි පකිස්‌තානුවාට මරණ දඬුවම 
මීගමුව සමූහ - විමල් කීර්ති 
http://www.divaina.com/2013/07/27/provin02.html

0 comments: