Pages

Friday, July 19, 2013

ගල්ගමුවේ ශරියා දඬුවම තහවුරුයි

ගල්ගමුව ප‍්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් විසින් මුස්ලිම් ජාතික කාන්තාවකගේ කොණ්ඩය කැපීමේ පුවතක් 'වී එෆ්.එම්.' ගුවන් විදුලිය විසින් වාර්තා කළේය.

අදාල කාන්තාව අනාචාරයේ හැසිරුණු බවට ප‍්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කර තිබෙන අතර, ඒ අනුව ගම්වාසීන් එක්ව ඇයගේ කොණ්ඩය මෙලෙස කපා දමා ඇත.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ හිසට තුවාල සිදුවීමත් සමඟ ඇය මේ වන විට ගල්ගමුව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසියෙන් කල විමසීමකදී පොලීසිය සඳහන් කළේ,  අනතුරට පත් කාන්තාවගෙන් සටහන් කර ගත් ප‍්‍රකාශවලට අනුව ඇයට හිරිහැර සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ගල්ගමුව පොලීසිය සඳහන් කළේය.  නමුත් නෝම්බි කාලය උදා වී ඇති බැවින් සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගත් බවද පොලීසිය පැවසිය.

කෙසේ වෙතත් සැකකරු හෙට දිනයේදී ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්ගමුව, මොන්නම්කුලම, අල්හස්නා ජුම්මා මුස්ලිම් පල්ලියේදී අදාළ මුස්ලිම් කාන්තාවගේ කොණ්ඩය කැපීම සිදුකර තිබේ.

http://mirror.lk/sinhala/news/10401-shaving-the-women-head

සබැඳි ලිපි[දමිළ තරුණයාට පෙම් බැඳි මුසලු තරුණියගේ කෙස්වැටිය පල්ලියේදී කපයි. ශරියා ගලිගමුවේ! උපවාසය නිසා සැකකරු අතඩංගුවට ගත්තේ නැහැ - පොලිසිය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_1035.html
]

0 comments: