Pages

Thursday, July 18, 2013

විග්නේෂ්වරන් දෙමළ ඊළාම බිහිකිරීමේ පසුබිම් සකසන්නෙක් - චම්පික

දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවට තම මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කළේ දෙමළ ඊළාම බිහිකිරීමේ තවත් එක් විකල්පයක් ලෙස බවත් මෙම ක‍්‍රියාව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් යළි මරණයෙන් නැගිටීමක් බවත් ජාතික හෙළ උරුමයේ  මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා ලෙස ඒ ප‍්‍රදේශයේ ජනතාව සමග ජීවත් වන පිළිගත  හැකි අයෙක් ඉදිරිපත් කිරීමට නොහැකිවී තිබෙනවා ඔවුන් මෙවර තෝරාගත්තේ කොළඹ  ජීවත්වුණු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතායි.

ඔවුන් මින් කරුණු දෙකක් ඉටු කරගැනීමට උත්සාහා දරණ බව පැහැදිලියි ඉන් එකක් වන්නේ උතුරේ පළාත් සභ බලය සහ බලතල පිළිබද රජය සමග නීතිමය ගැටුමකට ගොස් ඊළම ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි අනෙක් කරුණ වන්නේ දෙමළ ඊළම ලබාගැනීමේ ක‍්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීමයි’ යයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විග්නේෂ්වරන්ගේ පැමිණීම බාලසිංහම් යළි මරණයෙන් නැගිටවීමක්
July 18, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/97647/

සබැඳි ලිපි -
[

ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට තිබිය යුතුයි - TNA මහ ඇමති අපේක්ෂක විග්නේශ්වරන්http://denethharinna.blogspot.com/2013/07/tna_16.htmlTNA උතුරේ මහ ඇමති අපේක්‍ෂක වාසුගේ මස්සිනා - සී.වී. විග්නේෂ්වරම්http://denethharinna.blogspot.com/2013/07/tna_15.html
]

0 comments: