Pages

Thursday, July 18, 2013

බුරුමයේ බෞද්ධ උරුමයේ වසර 2250 ක ඉතිහාසය

ඇමරිකාවේ මුද්‍රණය කර ලොව පුරා අලෙවි කරන ටයිම් සඟරාව මගින් බුරුම රාජ්‍යය හෙවත් මියෑන්මාරය තුළ සිදුකෙරෙන බෞද්ධ ක්‍රියාකාරකම් බෞද්ධ ත්‍රස්‌තවාදය ලෙස අර්ථ ගැන්වීමට යැමෙන් අමතර ආරවුලක්‌ හටගෙන තිබේ. "අමතර" යන පදය මෙහි බහාලන ලද්දේ අවුන්සාන් සුකී මුල්කරගෙන දැනටමත් එරට ආරවුල් සහගත තත්ත්වයක්‌ හටගෙන ඇති නිසාය. බුරුමයේ හමුදා පාලනයක්‌ තිබුණු අතර එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ගාමක බලවේගය වූ අවුන්සාන් සුකී දිගු කලක්‌ තිස්‌සේ නිවාස අඩස්‌සියෙහි පසුවූවාය. සුකී විවාහ වී සිටියේ මයිකල් ආරිස්‌ නමැති යුරෝපීය මහාචාර්යවරයා සමගය. සුකී බෞද්ධ කාන්තාවක වූ අතර මයිකල් ආරිස්‌ කතෝලිකයෙකි. බුරුමය ඇඟිලි ගැසීමට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කෙළ හළමින් බලා සිටි ඇමරිකාව ඇතුළු දක්‍ෂිණාංශ කඳවුරේ රටවල් සුකී නිදහස්‌ කරන ලෙස ඉල්ලා හමුදා රජයට විරුද්ධව උඩපනින්නට වූහ. මේ අතර සුදුසු කාලයේදී බුරුම රජය අවුන්සාන් සුකී නිදහස්‌ කළහ. මේ අතර ඇමරිකාව සුකී වෙනුවෙන් ඕනෑවට වඩා කරණම් ගැසීම නිසා ඇයට ඇමරිකන් ඒජන්තවරියක ලෙස සාහේතුක සන්නාමයක්‌ (Brand) වැදී තිබේ. සාහේතුක යන වචනය අප මෙහිදී යොදන්නේ ඇමරිකාව කිසිවකු වෙනුවෙන් ඕනෑවට වඩා උනන්දු වන්නේ නම් එතැන කුමක්‌ හෝ පටලැවිල්ලක්‌ ඇති නිසාය. මෙය ඇමරිකාවට පමණක්‌ නොව සෑම බලගතු රටකටම පොදු තත්ත්වයකි. ඔවුහු තව රටක්‌ මැඩීම සඳහා කුමක්‌ හෝ වරදක්‌ සොයා ගනී. දිනක්‌ දිය පහරකින් වතුර බොමින් සිටි තරුණ බැටළුවකු මරා කෑමට කල්පනා කළ කොටියෙක්‌ බැටළුවා දිය බොමින් සිටි තැනට පහළින් මතුවී දිය පානය කර "නුඹ මට වඩා ඉහළින් දිය බී මට අපහාස කළේය" යනුවෙන් චෝදනා කර ඌ මරා කෑමට සූදානම් විය. එවිට බැටළුවා දිවගොස්‌ කොටියා සිsටි තැනට පහළින් වතුර බොන්නට පටන් ගත්තේය." නුඹ මට පහළින් දිය බී මට අපහාස කළේ යයි අලුත් චෝදනාවක්‌ කර කොටියා බැටළුවා කෑමට සූදානම් විය. එවිට බැටළුවා "එහෙනම් රාළහාමි මා මරන්නට කලින් මගේ පස්‌සා කකුලේ ඇති තුවාලය ටිකක්‌ බලන්නැයි" කියා තුවාල පෙන්වන ව්‍යාජයෙන් කොටියාගේ හොම්බට දරුණු පා පහරක්‌ එල්ල කර ඌ දිය පහරට හෙළා පැන ගියේය. කොටියාට වූ දෙය ඇමරිකාවට රටවල් කිහිපයකදීම සිදු විය. ඇෆ්ගනිස්‌ථානය, ඉරානය, වියට්‌නාමය වැනි රටවල් යටත් කර ගැනීමට ඇමරිකාව කළ අතිවිශාල වියදම හා සලකන කල ඇමරිකානුවන් ලැබ ඇත්තේ (අප ඇමරිකානුවන් යයි කියන්නේ එරට ආණ්‌ඩුවට මිස ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් ජනයාට නොවේ.) පරාජයකි.

* * * * * * * * * * *

බුරුමයේ හෙවත් මියන්මාරයේ බෞද්ධ උරුමය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය තරම්ම නැතත් වසර 2000 ක්‌ වත් පැරැණිය. බුදුරජාණන් වහන්සේ එරටට වැඩම කර නැත. එහෙත් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා විසින් සෝන සහ උත්තර නමැති ථෙරවාදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ද තවත් සංඝයා වහන්සේලා සමූහයක්‌ද ධර්ම ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක්‌ද ක්‍රි.පූ. 228 දී බුරුමයට යෑවූ බව සඳහන්ය. (මහාවංශය බලන්න) 1861 දී පඤ්Æසව් නමැති ථෙරවාදී බුරුම භික්‍ෂුවක්‌ විසින් ශාසනවංශ නමැති කෘතියක්‌ පාලි භාෂාවෙන් කරන ලදී. මහාවංශයද පදනම් කරගෙන ලියන ලද මේ කෘතියෙහි බුරුමයේ බුද්ධ ශාසනය ගැන තොරතුරු විශාල වශයෙන් ඇතුළත්ය. ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී ඉන්දියාවේ අන්ද්‍රා පාලනය කළ ඉක්‌ෂාවකු රාජ වංශයට අයත් ලේඛනයක එන පරිදි එම ප්‍රදේශයේ වාසය කළ තීබ්බත බුරුම සම්භවයක්‌ ඇති "කිරානාස්‌" නමැති ජන වර්ගය බුදුදහම වැළඳගෙන ඇත. නැතහොත් ඔවුන් බුදුදහමට හරවනු ලැබ ඇත. ක්‍රි.ව. 3 වන සියවසට අයත් චීන ලේඛනයක ලියු යෑං (Liu-Yang) නමැති ආසියානු ප්‍රදේශයක්‌ ගැන වාර්තා වෙයි. මේ ප්‍රදේශයේ සිටි සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගේ නාමයට වන්දනාමාන කළ බවද එම පුරයේ ශ්‍රමණයන් දහස්‌ ගණන් සිටි බවද එම ලේඛනයේ සඳහන්ය. ලියු යෑං යනු බුරුමයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පෞර රාජ්‍යයක්‌ බව අද හඳුනාගෙන තිබේ. මධ්‍යම සහ පහළ බුරුමයට අයත් (නූතන Prome සහ Rangoon ප්‍රදේශය) ප්‍රදේශවල තිබී ක්‍රි.ව. 6 සහ 7 සියවසට අයත් ශිලා ලේඛන සමූහයක්‌ පසුගිය කාලයේදී සොයා ගන්නා ලදී. පාලි සහ සංස්‌කෘත භාෂාවලින් මේවා ලියා තිබිණ. මේ භාෂා දෙක බෞද්ධ ධර්මය ලේඛනගත කිරීම සඳහා යොදාගත් භාෂාවන්ය. එකොළොස්‌වන සහ 13 වන සියවස්‌වල බුරුමය පාලනය කළ පගාන් (Pagan) රාජවංශය විසින් ස්‌ථූප සහ විහාරාරාම විශාල වශයෙන් ගොඩනංවා ඇත. හත්වන ශත වර්ෂයේදී බුරුමයේ සමහර ප්‍රදේශවල තිබූ බුදුදහම බෝධිසත්ත්වයන්ට සහ නාගයන්ට වන්දනා මාන කරන මහායාන සාම්පලයේ බුදුදහමකි. එය මන්තර ගුරුකම් කරන දූෂිත ශ්‍රමණවේෂධාරීන් විසින් පවත්වාගෙන යන ලදී. නාග වන්දනාව හින්දු ආගමේ කොටසකි. විවාහ ජීවිත ගතකළ භික්‍ෂූන් සිටි යුගයක්‌ ශ්‍රී ලංකාවේද විය. මේ භික්‍ෂූන් ගණින්නාන්සේලා ලෙස හඳුන්වන ලද අතර ඔවුන්ගේ සේවය ලබා ගන්නා ලද්දේ මියගිය බෞද්ධයන් වෙනුවෙන් පාංශුකූලය දෙනු පිණිස පමණි.

පිරිසිදු නිර්මල බුදුදහම මියන්මාර භූමිය තුළ හරියටම පැලපැදියම් කරන ලදෙද් 11 වන ශත වර්ෂයේදී ජිවත්වූ (1044-1077) "පගන්" රාජවංශයට අයත් අනවරත රජු විසිනි. ක්‍රි.ව. 1057 දී අනවරත රජතුමා දකුණ බුරුමයේ පිහිටි තටොන් (ඔය්එදබ) හෙවත් සදහම් පුරය නමැති බෞද්ධ පෞර රාජ්‍යයට හමුදාවක්‌ යවා ත්‍රිපිටකය පැහැරගත් බව සඳහන්ය. හින්දු ආගමේ කොටස්‌ සහිත මහායාන බෞද්ධයකුව සිටි අනවරත රජතුමා ෂින් අරහන් (Sයසබ Aර්ය්බ) හෙවත් ධම්මදස්‌සි නමැති පගන් ජාතික තෙරුන් වහන්සේ (කි. 1034-1115) විසින් ථෙරවාදී බුදුදහමට හරවන ලදී. සදහම්පුරයේ පාලි භාෂාවෙන් විරචිත කාණ්‌ඩ 30 කින් යුතු ත්‍රිපිටක කට්‌ටලයක්‌ ඇති බව ආරංචි වූ ධම්මදස්‌සි තෙරුන් වහන්සේ බලහත්කාරයෙන් හෝ ඒවා ලබා ගන්නා ලෙසට රජු පෙළඹ වීය. 1279 වන විට මියන්මාරය තුළ භික්‍ෂූණී ශාසනයක්‌ ද තිබූ අතර භික්‍ෂුණී වහන්සේලා වෙනුවෙන් තැනවූ ආරාමයක්‌ද වූ බවට ලිත සාක්‍ෂි ඇත. මේ අතර රට තුළ ථෙරවාදය සහ මහායානය අතර තරගයක්‌ හට ගත්තේය. අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයන් හෙවත් නාථ දෙවියන් අදහන අරී බෞද්ධයෝ ඔවුන්ට ආවේණික විහාරාරාම ඉදිකළ අතර ඊට එරෙහිවූ ථෙරවාදීහු ගෞතම බුදුන්වහන්සේ වෙනුවෙන් විහාරාරාම තැනූහ. ථෙරවාදයේ ප්‍රධාන දායකයා පගන් රාජවංශය විය. ක්‍රි.ව. 1287 දී මොන්ගෝලියානුවන් විසින් බුරුමය ආක්‍රමණය කරන තුරු පගන් සංස්‌කෘතිය පැවතුණේය. දහ තුන්වන ශත වර්ෂය වන විට නැගෙනහිර ආසියාවට අයත් (පසුකාලීන සෝවියට්‌ සංගමය) ටාටර්වරු මියන්මාරයේ පගන් ප්‍රදේශ ආක්‍රමණය කිරීමෙන් එම ප්‍රදේශවල බුදුදහම හැකිලෙන්නට විය. ටාටර් යනු තුර්කි සම්භවයක්‌ සහිත පිරිසකි. ඔවුන්ගෙන් වැඩිදෙනා සුන්නි මුස්‌ලිම්වරුය. තවත් ශත වර්ෂයකට පසු ආරණ්‍යවාසී ථෙරවාදී භික්‍ෂු සම්ප්‍රදායයක්‌ තායිලන්තයේ එවකට පැවැති අගනුවර වූ අයුද්දයාවට හඳුන්වා දෙනු ලැබේ. එය බුරුමයටත් ගෙනයනු ලැබේ.

මේ අතර ෂන් (Shan) නමැති ථෙරවාදී බෞද්ධාගමික ජන කොටසකට අයත් නායකයන් පිරිසක්‌ බුරුමයේ පාලනය සියතට ගනිති. "තිහත්තු" නමැති ෂන් රජතුමා බුරුමය පුරා විහාරාරාම කරවීමට පටන් ගත්තේය. අදත් ෂන්වරු හැට ලක්‍ෂයක්‌ පමණ බුරුමය තායිලන්තය සහ චීනය යන රටවල විසිර සිටිති. 14 වන සියවස වන විට මුළුමහත් බුරුමයම ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. පසළොස්‌වන සියවසේ ජීවත් වූ ධම්මසේදී නමැති බෞද්ධ රජතුමා බුරුමයේ බුදුදහමට විශාල මෙහෙවරක්‌ කළේය. එතුමා කලක්‌ බෞද්ධ භික්‍ෂුවක ලෙස සිටි කෙනෙකි. ඔහුගේ මවවූ ෂින් සව්බු (Shin Sawbu) රැජනද බෞද්ධ මහෝපාසිකාවක වූවාය. පසු කාලයේදී ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් විසින් බුරුමය ආක්‍රමණය කිරීමත් සමගම කිතු දහමද ඉතා සුළු ප්‍රමාණයකින් රටේ පැතිර යන්නට විය. බුරුමය තුළ පසුගිය වසර 2250 තුළ ධර්ම සංඝායනා 6 ක්‌ පැවැත්වී ඇත. 1871 දී පැවැත්වූ පස්‌වන ධර්ම සංඝායනාවට සහභාගි වූ ථෙරවාදී භික්‍ෂූන් සංඛ්‍යාව 2400 කි. ජගරාබිවංශ, නරින්දභිදාස්‌ සහ සුමංගලස්‌වාමි යන මහානායක හිමිවරුන් විසින් සංඝායනාව මෙහෙයවන ලදි. මෙය පස්‌ මසක්‌ තිස්‌සේ පැවැත්විණ. මේ අනුව බුරුමය සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාකාරී බෞද්ධ සම්ප්‍රදායයක්‌ තිබූ රාජ්‍යයක්‌ බවට පත් වන්නේය.

* * * * * * * * * * *

බුරුමයේ බුදුදහමේ අඳුරු කාලපරිච්ඡේද අතුරින් වැදගත්ම එකක්‌ වන්නේ නේවින් (Ne win) නමැති හමුදාපතිවරයා රට පාලනය කළ 1962-1988 කාලයයි. මේ කාලයේදී බුරුමය සමාජවාදී රාජ්‍යයක්‌ බවට පත් කළ ඔහු තමන් විසින් හඳුනාගත් ක්‍රමයකින් බුදුදහමේ ඇතැම් කොටස්‌ද එම පාලන ක්‍රමයට අනුයුක්‌ත කළේය. මෙයට එරෙහිව ථෙරවාදී භික්‍ෂූන් වහන්සේලා දස දහස්‌ ගණනක්‌ 1988 8 වැනි මාසයේ 8 වැනිදා වීථිවලට බැස උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ආරම්භ කළහ. මෙයට 8888 විප්ලවය යන නාමය යොදන ලදී. මෙහිදී නේවින්ගේ සෙබළු රජයට විරුද්ධ භික්‍ෂූන් වහන්සේලා දහසකට වඩා ඝාතනය කළහ. ඉන්පසු බලයට පැමිණි මිලිටරි පාලන මණ්‌ඩලය බුදුදහමට ආධාර කළ නමුදු එම පාලක මණ්‌ඩලයේ පැත්ත ගත් භික්‍ෂූන්ට පමණක්‌ උපකාර කරන ප්‍රතිපත්තියකට තල්ලු විය. බුරුමයේ අද සිදුවන්නේද ථෙරවාදී බුදුදහම රැක ගැනීමේ සටනකි. එයට ත්‍රස්‌තවාදය යන අර්ථකථනය දීම වරදකි. බටහිර බලවේග සූදානම් වන්නේ එම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන බුරුමයට ඇඟිලි ගැසීමට බව පැහැදිලිය.

http://www.ellamixcom.tk/2013/07/2250.html

3 comments:

Anonymous said...

බුරුමය කියන්නේ ආසියාවේ දුප්පත්ම රටක් .1960 සිට එම රට පාලනය කරන්නේ හමුදා ජුන්ටාවක් මගින් .එම රටේ හමුදා නිලධාරීන් විශාල පොහොසතුන් කිසිදු විරෝධයක් දක්වන්නට ඉඩක් දෙන්නේ නැහැ ඔබ අද කුමකට හෝ විරෝධයක් දැක්වුවොත් හෙට ඔබ කියලා කෙනෙක් නැහැ .එය හදුන්වන්නේ විරෝධතා නවත්වන බුරුම ක්රමය ලෙසය් එහි ස්වභාවික ගෑස් නිධි තියෙනවා එයින් ලැබෙන මුදල් වැඩි කොටස වංචා කරනවා තව කරුණු කියන්නට පුළුවන් .පොඩ්ඩක් හොයලා බලන්න ඔවුන් ආගම යොදාගන්නේ ඔවුන්ගේ වැරදි වහගන්නය්

Anonymous said...

pala yanna babas hukun noda

KOcha said...

BURUMAYA YANU ITA PIRISIdUWA BUduDAHAMA ADAHANA RAJYAKI. LOWEMA JANAPRIYA VIPASSANA BHAVANA SAMPRADA DEKAK WANA MAHASI SAYADAW HA LEDI SAYADAW KRAMA DENATA RATAWAL 60KATATH ADHIKA PRAMANAYAKA PIHITA ETHI ATHARA SRILANKAWEDA ATHISAYA JANAPRIYA DHAMMAKUTA H KADUBODA BHAVANA MADYASTANA IN DEKAKI. BURUMA WESIYA SWABHAWAYENMA SAMAKAMI UVADA PRASNAYAK A KALA EKATA ROK WANNE ME MESI PODIYAK LESAYA. OWHU DEDI BODUNUWO MENMA JATIKALAYA ETHTHOYA. BURUMAWARUN HA MUSLIM JATIN ATARA GETUMATA WISALA ITIHASAYAKI. OWHU DENAATA MUSLIMWARUNATA EREHIWA NEGI SITINNE WENA KISIWAK NISA NOWA DENATA GATA HEKI HODAMA WISADUMA EYA WANA HEINI.