Pages

Friday, July 19, 2013

කච්චතිව් ගැටලුව - කරුණානිධිගේ රංගනයක්

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවට ඇති හිමිකමට එරෙහිව ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ඉදිරිපත් කළ පෙත්සම හුදෙක් දේශපාලන නාටකයක් පමණක් බව තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් පවසයි. 

තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා කරුණානිධි ව්‍යාජ රංගනයක යෙදෙමින් සිටින බව ඇය කියයි. 

එළඹෙන රාජ්‍ය සභා මැතිවරණය සඳහා කරුණානිධිගේ දියණිය වන කණිමෝෂි තරග වැදීමට නියමිත අතර ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් කරුණානිධි මෙවැනි දේශපාලන රංගනවල නිරත වෙමින් සිටින බව ජයලලිතා ජයරාම් පවසයි. 

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් 1974 වසරේ ඇතිකරගත් ඉන්දු ලංකා ගිවිසුමට අනූව කරුණානිධිට කළ හැකි යමක් නොවන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි. 

කෙසේ වෙතත් කරුණානිධි විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම පිළිබඳ ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිචාරය කුමක් ද යන්න විමසීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සඳුදා තීරණය කළේය.

http://sinhala.adaderana.lk/news.php?nid=35920

සබැඳි ලිපි -
[

කච්චතිවු යළි පවරා ගන්නැයි ඉල්ලන කරුණානිධිගේ නඩුවට ඉන්දීය රජය උසාවි කැඳවයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6680.html
]

0 comments: