Pages

Tuesday, July 30, 2013

පකිස්තානයේ සිට ඉන්දීය හොර නෝට්ටු මෙරටට. ජාවාරම මෙහෙයවූ පකිස්ථානුවෙක් දැලේ. අනෙකා හඳුනාගැනේ.

පකිස්තානයේ මුද්‍රණයකර රහසිගතව මෙරටටරැගෙන විත් බෙදාහරින බවට සැකකරන රුපියල් 500 යේ ඉන්දියානු නෝට්ටු 40 ක් සමග තරුණයෙකුව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔරුගොඩවත්තේ පදිංචි කරුවෙක් වන එම සැකකරු ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට එම නෝට්ටු දී ශ‍්‍රී ලංකා මුදල් වලට මාරුකරගන්නට පෙරේදා සූදානම් වූ අවශ්ථාවේ දී ඒ‍ෙැඩ ගැන සැකසිතා උකස් මධ්‍යස්ථාන හිමිකරු පොලිසියට පවසා ඇතැයි සදහන්ය. ඒ අනුව ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා රහස් පොලිසියට භාරදී තිබේ. 

ඉන්දියානු නෝට්ටු මෙරට බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙන්ම ත‍්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් මේ වන විට පවත්වන බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. ඊට අනුව මේ වන විට මිලියනයකට වැඩි වටිනාකමක් සඳහන් ව්‍යාජ ඉන්දියානු නෝට්ටු තොගයක්ද සොයාගෙන තිබේ. එම නෝට්ටු මෙරටට ගෙන විත් බෙදාහරින්නේ පකිස්තානුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත. එම සැකකරු මේ වන විට පොලිසියට කට්ටි පනිමින් සැගවී සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඉන්දියානු නෝට්ටු ලංකාව හරහා බෙදා හැරීමේ ජාවාරම සම්බන්ධයෙන්ද ඉන්දියාවද විශේෂ අවධානයක් මේ වන විට යොමුකර ඇත. රෝ ඹත්තුසේවය පවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි තතුදත් තොරතුරු මගින් දැනගන්නට තිබේ.

2013 ජූලි 29 04:05  p.m

0 comments: