Pages

Sunday, July 28, 2013

අරාබි වසන්තය… ඊජිප්තුවේ දරුණු ගැටුම්, සිය ගණනක් මරුට, දහස් ගණනකට තුවාල

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකරනු ලැබූ මොහොමඞ් මොර්සි වෙත සහය පළකරමින් කයිරෝ සහ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරවල පැවති විරෝධතා මැඩපැවැත්වීම සඳහා එල්ල කළ හමුදා ප‍්‍රහාරවලින් 74 දෙනෙකු ම්යගොස් 700ක් පමණ තුවාල ලබා ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

මුස්ලම් සහෝදරත්වය පවසන්නේ සිදුවීම් වලින් 120කට අධික ප‍්‍රමාණයක් මියගොස් 4000ක් පමණ තුවාල ලබා ඇති බවයි.

කයිරෝහි රබා අල් අඩාවියා දෙව්මැදුර ආසන්නයේ සිට මොර්සි හිතවතුන් විරෝධය දක්වා ඇති අතර හමුදාව ඔවුන් විසිරුවීම සඳහා කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ භාවිතා කර ඇතැයි පැවසේ.  හිස සහ පපුව වෙඩි ප‍්‍රහාර වලට ලක්ව ඇති බව දක්වන මුස්ලිම් සහෝදරත්වයේ ප‍්‍රකාශක ගෙහාඞ් එල්-හදාද් පවසා ඇත්තේ තුවාල සිදුකිරීම නොව ඝාතනය කිරීම එම ප‍්‍රහාරයන්හි ඉලක්කය වූ බවයි.

ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ඊජිප්තු හමුදා අංශ මුස්ලිම් සහෝදරත්වයෙන් ඉල්ලා ඇත.

2011දී හොස්නි මුබාරක්ට එරෙහි සටනේදී සිරගතව සිටි මොර්සි නිදහස ලද්දේ හමාස් සංවිධානයේ ආධාර මතද පිළිබඳ සැකපිට ඔහු රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන බව කියවේ.  එය සපුරා බැහැර කරන මුස්ලිම් සහෝදරත්වය පවසන්නේ මෙම ක‍්‍රියාදාමය මුබාරක් පාලනය වෙත නැවත යෑමක් බවයි.

July 28, 2013 at 3:24 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98214/

0 comments: