ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විශේෂ රැස්වීමක් හෙට(15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානයේ දී හෙට රාත්‍රී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව පැවසේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තනිව තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයද හෙට රැස්වීමට නියමිතය.එහිදී උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන ඇමති අපේක්ෂකයෙකු නම් කිරීම සිදුකරන බව පැවසේ.
ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සි.වි.විග්නේෂ්වරම් මහතා සහ මාවෙයි සේනාධිරාජා මහතාගේ නම් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන ඇමති ධුරය සඳහා යෝජනා වී තිබේ.
2013 ජූලි 14 03:38 p.m

0 comments:
Post a Comment