Pages

Thursday, July 18, 2013

උතුරේදී මනෝගේ සහාය දෙමළ සන්ධානයට

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මෙවර උතුරු පළාත් මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය දීමට තීරණය කර ඇත.

එම පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලය පෙරේදා (10 වැනිදා) කොළඹදී රැස්‌වී ඇති අතර එහිදී ඒකමතිකව මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව උතුරු පළාත් මැතිවරණයේදී තම පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට සහාය දක්‌වමින් ඉදිරි කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්‍ෂ නායක මනෝ ගනේෂන් මහතා ඊයේ (17දා) "දිවයින"ට කීවේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/07/18/news07.html

0 comments: