Pages

Monday, July 22, 2013

සුන්නි ෂියා ගැටුම දරුණුවී ඉරානය හා ඊශ්‍රායලය ඉලක්‌ක කර සවුදි අරාබිය බැලස්‌ටික්‌ මිසයිල ස්‌ථානගත කරයි

සවුදි අරාබිය තම බැලස්‌ටික්‌ මිසයිල ඉරානය හා ඊශ්‍රාලය ඉලක්‌ක කර සවිකර ඇති බව නව චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළිවන බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාµa පුවත්පත කියයි.

සවුදි කාන්තාරයේ රහසිගත ස්‌ථානයක සවිකර ඇති මෙම බැලස්‌ටික්‌ මිසයිල ටෙහෙරාන් නුවර හා ටෙල්අවිව් නුවර ඉලක්‌ක කර සවිකර ඇත.

සවුදි අරාබිය සතු බැලස්‌ටික්‌ මිසයිලවලට කිලෝ මීටර් 1500-2500 ත් අතර දුරකට පහරදිය හැකි අතර ටොන් දෙකක පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ගෙනයා හැකිය. සවුදි අරාබිය ඊශ්‍රායලය සමග තානාපති සබඳතා නොපවත්වයි. මේ දෙරටේම සතුරා වන්නේ ඉරානයයි. ගල්µa කලාපයේ සවුදි අරාබියේ විරුද්ධවාදී රට වන්නේ ඉරානයයි. සුන්නි ඉස්‌ලාම් ජාතිකයන්ගේ ප්‍රධානම රට වන සවුදි අරාබිය ෂියාවරුන්ගේ රට වන ඉරානය දෙස බලන්නේ සැකයෙනි. මෙම මිසයිල චීනයේ නිෂ්පාදිත ඒවාය.

මෙම මිසයිල ටෙල්අවිව් නගරය ඉලක්‌ක කර සවි කිරීම පිළිබඳව කරුණු දැක්‌වීම ඊශ්‍රායල රජය ප්‍රතික්‍ෂේප කර ඇත. ලන්ඩනයේ සවුදි අරාබියානු තානාපති කාර්යාලයත් මේ ගැන කිසිවක්‌ ප්‍රකාශ කිරීමෙන් වැලකුණු බව ටෙලිග්‍රාµa පුවත්පත කියයි.

සිරියාවේ පවතින සිවිල් යුද්ධය නිසා අරාබි ලෝකයේ සුන්නි ෂියා ගැටුම වඩාත් දරුණුවී ඇත. ඉරානය ෂියා ආගමික ජනපති අසාද් වෙනුවෙන් පෙනී සිටියදී සවුදි අරාබිය සුන්නි ආගමික කැරලිකරුවන්ගේ පාර්ශ්වය ගෙන ඇත.

2010 දී විකිලීක්‌ස්‌ හෙළි කළ තොරතුරු අනුව සවුදි අරාබි අබ්දුල්ලාහ් රජු ඉරානයට පහරදෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා ඇත. සර්පයාගේ ඔලුව තලා දැමිය යුතු බව අබ්දුල්ලාහ් රජු ඇමරිකාවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙරට අතර පවතින බලඅරගලය පැහැදිලි වේ.

චතුර
http://www.divaina.com/2013/07/20/forign01.html

0 comments: