Pages

Friday, July 19, 2013

ආණ්‌ඩුකාර බලතල කැපිය යුතුයි. මට ඕනෑ දහතුනටත් වැඩි යමක්‌ - විග්නේෂ්වරන්

දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට ලබාදී තිබෙන බලතල කප්පාදු කළ යුතු බව උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තරග කරන මහ ඇමැති අපේක්‍ෂක විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතා "දිවයින"ට පැවසුවේය.

"දිවයින"ට විශේෂ ප්‍රකාශයක්‌ කළ විග්නේෂ්වරන් මහතා තමන්ට අවශ්‍ය දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නොව ඊට වඩා වැඩි යමක්‌ බවද කීය.

දහතුන් වැනි සංශෝධනයේ ප්‍රශ්න රැසක්‌ තිබෙන බව කී විග්නේෂ්වරන් මහතා ඒ සියල්ල වෙනස්‌ කළ යුතු බවද කීවේය.

දහතුනට වඩා වැඩි යමක්‌ දෙන බව කී ආණ්‌ඩුව දැන් දහතුන් වැනි ව්‍යවස්‌ථාවේ බලතල කපා  දැමීමට සූදානම් වන බව පැවසූ හෙතෙම මෙම සංශෝධනය යටතේ පළාත් ආණ්‌ඩුකාරවරයාටද බලතල රැසක්‌ ලබාදී තිබෙන බව කීය.

පළාත් ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්‌ බව කී විග්නේෂ්වරන් මහතා පළාත් සභාවට දකුණතින් දෙන බලය ආණ්‌ඩුකාරවරයා විසින් වම් අතින් ලබාගන්නා බවද එවැනි තත්ත්වයක්‌ යටතේ පළාත් සභාවක වැඩක්‌ කිරීමට තමන්ට නොහැකි බවද කීය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/07/19/news01.html

සබැඳි ලිපි -
[

0 comments: