Pages

Friday, July 19, 2013

ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාව

කොටි ත‍්‍රස්තවාදය නැවත තමිල්නාඩුවේ හිස එසවිය හැකි බවත් මුස්ලිම් අන්තවාදී තර්ජනවලින් පරෙස්සම් වන ලෙසත් ඉන්දියාව ශ‍්‍රි ලංකාවට නිල වශයෙන් අනතුරු අඟවා ඇත.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් විසින් මෙරට ආරක්‍ෂක ප‍්‍රධානීන් සමඟ පැවති හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි පැවසේ.

බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විශේෂයෙන් සඳහන් කර ඇති ඔහු එය මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ තත්වය මත ඉන්දියාවද අන්තවාදී සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කර තිබේ.

July 19, 2013 at 11:54 am | lanka C news
http://lankacnews.com/sinhala/news/97712/

0 comments: