Pages

Tuesday, July 16, 2013

හොර හරක් තිප්පොලක් වටලයි

නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ගෝඝාතකාගාරයක් ඊයේ(15) වටලා ඇති මුන්දලම පොලීසියේ නිළධාරීන් සැකකරුවන් 05 දෙනෙකු සමග ඝාතනය කර ඇති සහ ඝාතනය කිරීමට ගෙනවිත් තිබු ගවයින්ද අත්අඩංගුවට ගෙන ඇත. මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ පාළු ප්‍රදේශයක නීති විරෝධී ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.වැටලීම සිදු කරන විට එක් ගවයෙකු ඝාතනය කර තිබී ඇති අතර තවත් ගවයින් තුන්(03) දෙනෙකු ඝාතනය කිරීමට සුදානම් කර තිබී ඇත.ඒ අතර මාස 06 ක පමණ කුඩා පැටවෙකුද සිට ඇත. මෙම ස්ථානයේ ගවයින් ඝාතනය කිරීමට කිසිදු ආකාරයක බලපත්‍රයක් ලබා ගෙන නොතිබු බව පොලීසිය කියයි.එමෙන්ම මෙම ස්ථානයේ ඝාතනය කරන ගවයින් ඝාතනයට පෙර සහ පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී නැති බවද පොලීසිය කියයි. සැකකරුවන් පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


2013 ජූලි 16  10:00 a.m - ජුඩ් සමන්ත
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13952:2013-07-16-04-29-15&catid=34:news&Itemid=62

0 comments: