Pages

Friday, April 24, 2015

අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳසලකම අනිවාර්යයි

ඕනෑම භාණ්‌ඩයක බර කිරා මැන බැලීම සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳ සලකම භාවිතා කිරීම අනිවාර්ය කරමින් ගැසට්‌ නිවේදනයක්‌ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සෑම වෙළෙන්දකු විසින්ම තම වෙළෙඳ සලෙහි/මධ්‍යස්‌ථානයෙහි ප්‍රකටව පෙනෙන කොටසක හෝ ස්‌ථානයක, පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම්, ඔවුන් විසින් මිලදී ගනු ලබන කිසියම් හෝ භාණ්‌ඩයක බර මිලදී ගැනීමට පෙර/පසු කිරා බැලීම සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් නිරවද්‍යතාවය ප්‍රත්‍යක්‍ෂණය කරන ලද තරාදියක්‌ තැබිය යුතු බවට සියලු වෙළෙඳුන් වෙත නියෝග කරනු ලබන බවට අදාළ ගැසට්‌ නිවේදනයේ සඳහන් වෙයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2015/04/24/news24.html

Pic Source

0 comments: