Pages

Wednesday, April 15, 2015

බි‍්‍රතාන්‍යයේ මුස්ලිම් හා මුස්ලිම් නොවන ප‍්‍රජාවන් අතර අසහනය ඉහළ ගිහින්

පසුගිය වසර කිහිපය තුළ බි‍්‍රතාන්‍යයේ ජීවත්වන මුස්ලිම් ප‍්‍රජාව හා මුස්ලිම් නොවන ප‍්‍රජාවන් අතර වන අසහනකාරී තත්වය ඉහළ ගොස් ඇතැයි නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

මේ සඳහා බි‍්‍රතාන්‍ය මුස්ලිම්වරුන් 1000ක් සම්බන්ධ කරගෙන ඇති අතර ස්කයි පුවත් සේවය විසින් මෙය පවත්වා ඇත.

මුස්ලිම්වරුන්ගෙන් 33%ක් පවසා ඇත්තේ වසර කිහිපයකට පෙර දැනුනාට වඩා තමන් පිළිබඳ අවිශ්වාසයක් සමාජය වෙතින් දැනෙමින් ඇති බවයි.

මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් ඇති බව මුස්ලිම් නොවන 44%ක පිරිසක් පවසා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාම් දහම බි‍්‍රතාන්‍ය වටිනාකම් හා සැසඳෙන බව මුස්ලිම්වරුන්ගෙන් 3/4ක්ම පවසා තිබුණත් එය එසේ නොවන බව මුස්ලිම් නොවන 52%කගේ අදහසයි.

මුස්ලිම් පිරිමින් 78%ක් බි‍්‍රතාන්‍ය සංස්කෘතිය හා අනුකූලතාවය දක්වද්දී එයට එකගවී ඇත්තේ කාන්තාවන් 64%ක් විම විශේෂත්වයකි.

වයස අවුරුදු 18-34 අතර මුස්ලිම් තරුණ කොටස් අතරින් 73%ක් ද එයට එකගවී ඇතැයි පැවසේ.

සිරියාවේ සටන් වැදීම සඳහා බි‍්‍රතාන්‍යය හැර යන තරුණ ජිහාඞ්වාදීන් පිළිබඳ වන අදහස විමසීමේදී මුස්ලිම් කාන්තාවන් අතරින් 11%ක් ඔවුන් පිළිබඳව අනුකම්පා කරන බව පවසා ඇති අතර එය අගය පුරුෂ පාර්ශ්වයට අදාළව 5%ක් පමණකි.

මුස්ලිම් නොවන 4%ක්ද ජිහාඞ්වාදීන්ට අනුකම්පාව දක්වන බව අනාවරණය වී තිබේ.  ස්කයි පුවත්සේවය පවසන්නේ මුස්ලිම් හා මුස්ලිම් නොවන පිරිස් දරන අදහස් පිළිබඳව සිදුකෙරුණු පළමු සමීක්‍ෂණය මෙය වන බවයි.

https://lankacnews.com/sinhala/foreign-news/130737/

Pic Source

1 comments:

DE said...

ඔහේ තාම චම්පක ලෙවකනවැයි?