Pages

Wednesday, April 22, 2015

ISIS ඉතියෝපියානුවන් 30කගේ හිස් ගසා දමති

ISIS ඉතියෝපියානුවන් 30කගේ හිස් ගසා දමතිලිබියාවේදී පැහැරගනු ලැබූ ඉතියෝපියානු ක‍්‍රිස්තියානි ලබ්ධිකයින් 30 දෙනෙකු පමණ හිසගසා මරාදමනු දැක්වෙන වීඩියෝවක් ISIS සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇතැයි වාර්තා වේ.

ටක්ෆිරි සටන්කාමීන් විසින් පළ කර ඇති විනාඩි 29ක වීඞීයෝව තුළ ඉතියෝපියානුවන් 12ක් පමණ මුහුදු වෙරළ ප‍්‍රදේශයක හිස ගසා දමනු දැක්වෙන අතර තවත් 16 දෙනෙකු පමණ කාන්තාර ප‍්‍රදේශයකදී වෙඩි තබා ඝාතනය කරනු දැක්වේ.

සතුරු ඉතියෝපියානු පල්ලියේ කුරුස ලබිධිකයින් ලෙස වීඩියෝවේ යටින් සඳහන් කර තිබේ.

පිස්තෝලයක් රැගත් ත‍්‍රස්තවාදියකු ක‍්‍රිස්තියානි ලබ්ධිකයින්ට තර්ජනය කරන දසුනක්ද මෙම වීඩියෝවේ අන්තර්ගතව ඇත.

මෙහිදී ඝාතනය වූ පුද්ගලයින් ප‍්‍රමාණය හා ඔවුන්ගේ අනන්‍යතාවය ප‍්‍රසිද්ධියට පත්කර නොමැත.  මින් පෙර ඉරාක, සිරියා, ඇමරිකානු, බි‍්‍රතාන්‍ය හා ජපාන ජාතිකයින් ඝාතනය කිරීම් දැක්වෙන වීඩියෝවන්ද මේ අයුරින්ම ISIS ත‍්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලයට එක්කරන ලදී.

අප්‍රෙල් 15වනදා ඉරාක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අඩෙල් කමීස් අල් මහ්ලාවි මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මේ වන විට ත‍්‍රස්තයින් විසින් පුද්ගලයින් 300ක් පමණ හිසගසා දමා ඝාතනය කර ඇති බවයි.

මේ අතරින් බොහෝ දෙනෙකු බටහිරදිග අන්බාර් ප‍්‍රාන්තයේ ස්වදේශික ගෝත‍්‍රිකයින් බව පැවසේ. 

https://lankacnews.com/sinhala/foreign-news/130976/

1 comments:

Anonymous said...

A good work by ISIS!

The Christian gets what they deserve. The mass scale conversions being carried out in countries like Sri Lanka can’t be done in Islamic societies. Sri Lanka has faced the brunt of the Christian fundamentalism. The Christian hierarchies here are linked with Western Imperialists who are hell-bent to undermine Buddhist and Hindu heritages in this part of the world and increase the number of Christian followers through forced conversions. But this can not be done with Muslims!