Pages

Friday, April 24, 2015

ලෝකයේ විශාල ශෛලමය සැතපෙන පිළිමයේ ඉදිකිරීම් අරඹයි

ලොව විශාලතම ශෛලමය සැතපෙන බුදු පිළිමයේ ඉදිකිරීම් කටයුතු දැක බලා ගැනීමේ සංචාරයක පසුගියදා නිරත වීමු. රුවන්වැල්ල නගරයෙන් ඇරැඹෙන දන්නොරුව මාර්ගයේ සැතපුම් පහක්‌ පමණ ගිය විට හමුවන හුබස්‌වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්‌ථානය පිටුපස පිහිටි සුවිසල් ගල් පර්වතයක මෙම පිළිමය නෙළීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති නාරාංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමිගේ උපදෙස්‌ හා මගපෙන්වීම පරිදි ඉදිවන මෙම සැතපෙන පිළිමය දිගින් අඩි 80 කි. සිරසේ උස අඩි 11 අඟල් 4 කි. සිරිපතුල ප්‍රදේශය අඩි 9 අඟල් 8කි. එසේම ගලින්ම නිමවන ගල් ආසනයේ ප්‍රමාණය අඩි 20 කි. ඒ හැර මල් ආසනය පාමුල සඳකඩපහණක්‌ද නිර්මාණය කෙරේ. මෙම ස්‌ථානයට ශ්‍රී පාදය හොඳින් දිස්‌වන අතර එදෙස බලා හිඳින අයුරින් පිළිමය ඉදිකිරීමද විශේෂත්වයකි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ධම්මකිත්ති හිමියෝ මෙසේ පැවැසූහ.

ලංකාවේ හැම පළාතකම සුවිශේෂ පූජනීය වස්‌තූන් තිබෙනවා. සබරගමුවට නැති නිසයි මෙම නිර්මාණය තෝරා ගත්තේ. මේ සඳහා රුපියල් හත්කෝටි තුන් ලක්‍ෂ දාසයදාහක්‌ වැයවන බවට ගණන් බලා තිබෙනවා. එම මුදල් කෙසේ හෝ ලබාගෙන මෙම විස්‌කම් නිර්මාණය කිරීමට මම තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා. එය නිසැකයෙන්ම ඉටුවන බවත් මට විශ්වාසයි.

වැඩ ආරම්භකරද්දී මුදල් තිබුණෙ නැහැ. ගමේ අය රුපියල් 72,000 ක්‌ එකතු කරලා දුන්නා. රුවන්වැල්ලෙ ත්‍රිරෝද රථ තරුණ පිරිස ලක්‍ෂ 10 ක්‌ හොයලා දුන්නා. ඊට අමතරව කොටස්‌ ක්‍රමයකට ලක්‍ෂ තුනක්‌ ලැබුණා.

අප දැන් රට පුරා වාහන 4 ක්‌ යවනවා. එහිදී කාරණය වටහාගන්නා පින්වතුන් ආධාර කරනවා. මේ සියලු වියදම් කමිටුවක්‌ හරහායි කෙරෙන්නෙ.

වැඩ නිමවූ පසු පිළිම වහන්සේ වඳින්න එන පින්වතුන් දෙන ආධාර මුදල්වලින් හතරෙන් එකක්‌ නඩත්තුවට තියාගෙන ඉතිරි මුදල් රටේ දුෂ්කර පළාත්වල පිහිටි පන්සල් දියුණු කිරීමට යෙදවීමටත් අපේක්‌ෂා කරනවා. එනිසා මෙම කාර්යයට දායකවීමට කැමැති පින්වතුන්ට අපට උදව් කරන්න හැකියි. ඒ සඳහා රුවන්වැල්ල මහජන බැංකුවේ අංක 081200150014319 යන ගිණුමට මුදල් බැර කළ හැකියි. මේ පිළිබඳ විස්‌තර අඅග ර්බඇකස ඉමාdය්ගජදප යන අන්තර් ජාලයෙන්ද බලාගත හැකියි. ඒ වගේම 0363862259 හා 0719990409 යන දුරකථන අංකවලින්ද විස්‌තර දැනගත හැකියි. 

වැඩ බිම භාරව කටයුතු කරන බී. කේ. ගුණරත්න මහතා,

මේ පිළිමය නෙළන්නෙ ගම්පොල ප්‍රසිද්ධ ගල් වඩුවන් පිරිසක්‌. ශිල්පීන් දසදෙනකු මේ සඳහා යෙදී සිටිනවා. නවීන උපකරණ යොදා ගැනීමෙන් තොරව අතින් හා කටුවෙන් තමයි පිළිමය නෙළීමට තීරණය කර තිබෙන්නෙ. මේ සඳහා වැඩ වර්ෂ තුනක්‌ ගතවෙනවා. එහිදී ඝන අඩියකට රුපියල් 50,0000 ක්‌ විතර යනවා. වැඩ නිමවූ විට එය මේ යුගයේ විශ්වකර්ම වැඩක්‌ වේවි.

රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි
http://www.divaina.com/2015/04/24/provin06.html

0 comments: