Pages

Thursday, April 30, 2015

සිත් සනහන මහ කරුණා රුව... ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද

ඇෆ්ගනිස්‌තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවහන්සේගේ සංහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දොඩන්ගස්‌ලන්ද ඓතිහාසික රන්බොඩගල්ල මොණරාගල විහාර පරිශ්‍රයේ පිහිටි ස්‌වභාවික ශෛලමය පර්වතයේ අනුරාධපුර පොළොන්නරු යුග පරිවර්තනයෙන් පසුව නෙළන ලද ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සියලු දෙසින් පැමිණෙන මහජනතාවගේ පූජෝපහාරය සඳහා අද (30 වැනිදා) සවස 03.30 ට යෙදෙන සුබ මොහොතින් නිරාවරණය කෙරේ.

හෙළ රජ දවස නිර්මාණය වූ ලක්‌දිව පෞඪ ඉතිහාසයේ පොලොන්නරු ගල්විහාර පිළිම නිර්මාණයෙන් වසර 875කට පසු නිර්මාණය වූ රුපියල් දස ලක්‍ෂ 5.3 ක වියදමින් අඩි 67.5ක්‌ උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දියානු ජාතික පද්ම ශ්‍රී ඇම්. ඇම්. ඉස්‌තපති නිර්මාණ ශිල්පියාණන් විසින් රම්බඩගල්ල මොණරාගල පිරිවෙන් විහාරාධිපති සෙල් පිළිම කමිටුවේ ප්‍රධාන අනුශාසක අමරපුර අරියවංශ සද්ධර්ම යුක්‌තික මහා නිකායේ මහානායක සෝමානන්ද පඤඤාසාගර වංශාලංකාර විනය කීර්ති ශ්‍රී පර්යප්ත විශාරද කම්මාවාගාචාර්ය ශාස්‌ත්‍රපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී ස්‌ථවිරයන් වහන්සේගේ ආරාධනයෙන් අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඥණේශ්වර හිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය දොඩංපහල චන්ද්‍රසිරි, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි මාහිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන හා බුද්ධශාසන ඇමැති දේශබන්දු කරු ජයසූරිය, වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරු හා මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමට නියමිතය.

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල
http://www.divaina.com/2015/04/30/news03.html

0 comments: