Pages

Wednesday, April 22, 2015

ඉස්ලාමය මුලිනුපුටා දමන්නයි ඩෙන්මාර්කයේ විරෝධතා

නාසි ඉස්ලාමය මුලිනුපුටා දමන්නයි ඩෙන්මාර්කයේ විරෝධතානාසිවාදයට සමාන රුඩිකල් ඉස්ලාමය සටන් කර මුලිනුපුටා දැමිය යුතු බව පවසමින් ඩෙන්මාර්ක් කොන්සර්වේටිව් පක්‍ෂය විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

කොන්සර්වේටිව් පක්‍ෂ නායකයින් වන සොරෙන් පේප් පුල්සන් සහ හිටපු මන්ත‍්‍රී නසෙර් කාඩෙර් විසින් නාසි ඉස්ලාමය පරාජය කළ යුතු බවට පුවත්පතකටද ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ.

ඔවුන් පවසන්නේ නාසීන් යුදෙව් ජාතිකයින්ට වෛර කළ තර්කණයම ඉස්ලාම්වාදීන් විසින් භාවිතා කරන බවයි.

අර්ධ මනුෂ්‍යයන් ලෙස ඔවුන් විසින් නම් කරන්නන් ඝාතනය කරන ඉස්ලාමිකයන් මැදපෙරදිග පොත් පත් හා මිල කළ නොහැකි සංස්කෘතික උරුමයන් විනාශ කරන බවද ඩෙන්මාර්ක් කොන්සර්වේටිව්වාදීන්ගේ අදහසයි.

ලොව පුරා බිලියන 1.5ක් වන ඉස්ලාම් ලබ්ධිකයින් සාමාන්‍යයෙන් සාමකාමී වුවත් පිළිකාවක් වැනි භයානක දේශපාලන දෘෂ්ටිවාදයක් එය වසාගනිමින් පැතිර යන බව ඔවුන් පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොන්සර්වේටිව් පක්‍ෂය පවසා ඇත්තේ බොකෝ හරාම් හා ISIS වැනි කණ්ඩායම් විසින් භාවිතයට නගමින් ඇත්තේ මෙලෙස විනාශ කළ යුතු නාසි ඉස්ලාම් දහම බවයි.

ඩෙන්මාර්ක මැතිවරණ ව්‍යාපාරය මෙතෙක් ආරම්භ කර නොමැති වුවත් මෙ පැහැදිලිවම මැතිවරණය අරමුණු කරගත් ප‍්‍රචාරණ ව්‍යාපාරයක් බවත් මෙමගින් ඩෙන්මාර්ක් මුස්ලිම්වරුන් අපහසුතාවයට පත්වනු ඇති බවත් ඩෙන්මාර්ක් ඉස්ලාම් මධ්‍යස්ථානයේ සභාපති ෆටී අලෙව් පවසා ඇතැයිද වාර්තා වේ.

https://lankacnews.com/sinhala/foreign-news/130980/

0 comments: