Pages

Friday, July 22, 2016

යහපාලන යාල්පානම් සහජීවනය වෙසක් සැමරුමටත් බාධා කරලා! හොරාගෙ අම්මගෙන් පේන අහන්න බාර දීලා!


යාපනය සරසවියේ සිසු දරුවන් වෙසක්‌ උත්සවය සැමරීම සඳහා කටයුතු කිරීමේදී පවා කෙනෙහිලිකම් සිදුවී තිබෙන බවත්, එම දරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව කතාකිරීමට ගිය සමහර ශිෂ්‍ය නායකයන්ට වසර තුනකින් ලබාගත හැකි උපාධිය වසර පහකින්වත් ලබාගන්න බැරි තත්ත්වයක්‌ ඇති කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (20 දා) යාපනය සරසවියේ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන්ගේ සුවදුක්‌ සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිණි.

මේ අවස්‌ථාව සඳහා පක්‌ෂයේ ශාසනික ලේකම් බියගම සුසීල හිමි, මධ්‍යම කාරක සභික මොලමුරේ නන්දාරාම හිමි සහ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද, සංවිධායක ලේකම් උපුල් විෙ-සේකර, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන්ද සහභාගි විය. 

අද දින අපි කොළඹ ජාතික රෝහලට පැමිණියේ යාපන විශ්වවිද්‍යාලයේ සිදුවූ ප්‍රහාරයෙන් තුවාල ලද සිසුවාගේ සුව දුක්‌ විමසා බැලීමටත් අනෙක්‌ දරුවන් සමග ඒ අයගේ ප්‍රශ්නය ගැන කතා කරන්නත්. ඊයේ ආණ්‌ඩුව බොහොම ආඩම්බරයෙන් කිව්වේ ඔවුන් මේ ප්‍රශ්නය විසඳුව, ඒ වගේම විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට පැවරූ බවයි. නමුත් ඒ විසඳීම නම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්‌. 

මේ සිංහල සරසවි සිසුන්ට පහරදුන් දෙමළ සිසුන් පිටුපස අනිවාර්යයෙන්ම විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සත්ගුණ රාජා මහතාගේ හස්‌තය තිබෙනවා. ඔහුගේ හැසිරීම බරපතල ලෙස මේ සිදුවීමට හේතු සාධක වෙලා තියෙනවා. එතුමන්ගේ නම සත්ගුණ රාජා උනත් සත්ගුණවත් බවක්‌ නම් එතුමන්ට තිබිල නෑ. අපේ දරුවන්ට ඉතාම අමානුෂික විදිහටයි කටයුතු කරල තියෙන්නේ. මේ සිදුවීම ඔහුට විසඳීමට හැකියාව තිබියදීත් ඔහු මැදිහත්ව සාධාරණ විසඳුමක්‌ දීමට කටයුතු කර නැහැ. 

අනෙක්‌ පැත්තෙන් සිංහල සිසුන්ට දෙමළ අන්තවාදීන් පහර දෙද්දී ගුරුවරුන් නිහඬව බලා සිටියා මිසක අඩුම තරමින් පොලීසිය ගෙන්වන්න වත් කටයුතු කර නැහැ. මෙවැනි පාලකයන්ට යළි මේ ප්‍රශ්නය විසඳීමට භාරදීම හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්‌. 

අපිට මතකයි අනික්‌ විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ඇති උනාම විනය ක්‍රියාමාර්ග ගන්න කියල දැනුම් දීමක්‌ කළේ නෑ. නමුත් මේ දරුවට මරණීය තුවාල සිදු කර තිබෙනවා. මේ මොහොතේත් ඒ දරුවා සැත්කමකට භාජනය කරලයි ඉන්නේ. මෙවැනි බරපතල තුවාල සිදුකළාට පස්‌සේ විනය ක්‍රියාමාර්ග ගන්නව කියන්නේ විහිළුවක්‌. විනය ක්‍රියාමාර්ගයකින් දිය හැකි උපරිම දඬුවම විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරීම. දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව මෙය දඬුවමක්‌ නෙමෙයි. 

ඒ නිසා අපි ආණ්‌ඩුවට කියනවා තව දුරටත් ජනතාව රවටන්නේ නැතුව සැබෑ සංහිඳියාවක්‌ බලාපොරොත්තු වෙනවනම් සැබෑ ජාතික සමගියක්‌ මේ ආණ්‌ඩුවට අවශ්‍ය නම් වැරදිකරුවන්ට කොන්දක්‌ තියෙන ආණ්‌ඩුවක්‌ විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කියන්නෑ දෙමළ අයට අසාධාරණයක්‌ කරන්නවත් සිංහල අයට පක්‌ෂක්‌ග්‍රාහී වෙන්නවත් කියල. අපි කියන්නේ සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. 

යාපනය මුදාගැනීමට ජීවිත පූජා කරපු අත්පා ඇස්‌ කන් පූජා කරපු රණවිරුවන්ට දක්‌වන ගෞරවය තමයි අද දකුණේ ක්‍රියාත්මක නීතිය යාපනයේත් ක්‍රියාත්මක කිරීම.

මේක අද ඊයේ යාපන සරසවියේ ඇති උණු ප්‍රශ්නයක්‌ නෙවෙයි. මේක පසුගිය වසර දෙක පුරාම යාපන සරසවියේ සිංහල දරුවන්ට බරපතල පීඩනයක්‌ විශ්වවිද්‍යාල පාලකයන් කථිකාචාර්ය වරුන්ගෙන් එල්ල වෙලා තියෙනවා.

එරික්‌ ගාමිණී ජනප්‍රිය
http://www.divaina.com/2016/07/21/news35.html

සබැඳි ලිපි -
[

යාපනයේ තවමත් ඊළාම් උසාවි ද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_17.html
එකම රටක් - විධි 2ක්! බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලේ. පහරදුන් දෙමළාට ඇප! නවකවධ දුන් කැළණි සිසුන් මාස ගණනක් කූඩුවේ!http://denethharinna.blogspot.com/2016/07/2.htmlසංහිඳියාවේ ඇත්ත කථාව - යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙස්‌ නැටුමට කඩාවැදී සිංහල සිසුන්ට පහර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_18.htmlආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!http://denethharinna.blogspot.com/2016/07/blog-post_92.htmlසැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_96.html
]

0 comments: