Pages

Friday, July 22, 2016

එකම රටක් - විධි 2ක්! බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලේ. පහරදුන් දෙමළාට ඇප! නවකවධ දුන් කැළණි සිසුන් මාස ගණනක් කූඩුවේ!

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් පිරිසකට පහරදී 25 දෙනකුට තුවාල සිදුකළ ශිෂ්‍ය කණ්‌ඩායමට නායකත්වය දුන් බවට සැක තනකේෂ්වරන් සිසිදරන් නමැති ශිෂ්‍යයා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස යාපනය මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (20 වැනිදා) නියෝග කළේය.මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජීවන් මධුරංග නමැති විද්‍යා පීඨ ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට මෙලෙස ඇප ලබාදී තිබේ.

සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිට ඇත්තේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. සුමන්දිරන් මහතාය.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු ශිෂ්‍යයකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින නිසා සැකකරුට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් යාපනය මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර සැකකාර ශිෂ්‍යයා මෙසේ ඇපමත මුදාහැර තිබේ.

සැකකාර ශිෂ්‍යයාගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ ද යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ සහකාර රෙජිස්‌ට්‍රාර්වරයකු බව අධිකරණ ආරංචි මාර්ග පැවැසීය.

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කළ ශිෂ්‍ය කණ්‌ඩායමට නායකත්වය දුන්නේ තනකේෂ්වරන් සිසිදරන් නමැත්තා බව හෙළිකරගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්‌ ආරම්භ කරන ලදි.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සිසිදරන් කළමනාකරණ පීඨයේ හතරවන වසරේ අධ්‍යාපනය ලබයි. පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට හොයද්දී සැකකරු යාපනය විශ්වවිද්‍යාලය තුළ සඟවා තබාගෙන ඇත්තේ එහි බලධාරීන් විසින් බවද හෙළිදරව් වී තිබිණි.

මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සිසිදරන් සෙවීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඔහුගේ නිවසට ගොස්‌ සිටියහ.

සිසිදරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දිගින් දිගටම විමර්ශන කරද්දී සැකකරු ඊයේ පෙරවරු 10.15 ට පමණ යාපනය අධිකරණය වෙත භාරවිය.

මේ අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමටද විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

යාපනය අධිකරණය මගින් මුදාහරිනු ලැබූ සැකකාර සිසිදරන් යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම් ඇතුළු එල්ටීටීඊ හිතවාදී උත්සව සංවිධානයට නායකත්වය දුන් අයකු බවද පොලිස්‌ ආරංචි මාර්ග පැවැසීය.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස්‌ මත කෝපායි පොලිස්‌ ස්‌ථානාධිපති කහඳවල මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යයි.

නවක ශිෂ්‍යයන් පිළිගැනීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකට විරෝධය පළකළ තවත් ශිෂ්‍යයන් පිරිසක්‌ ඉකුත් 16 වැනිදා මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. මෙම ප්‍රහාරයෙන් පසු යාපනය විශ්වවිද්‍යාලය වසා දැමූ අතර එහි අධ්‍යාපනය ලබමින් සිටි පන්සියයකට ආසන්න සිංහල ශිෂ්‍යයෝ ආපසු ගම්බිම් බලා පිටත්ව ගියහ.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ යාපනය සරසවියේ අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍යයන් ආරක්‍ෂා කිරීමේ වගකීම පොලිසිය විසින් භාරගෙන ඇති බවයි.

ඒ නිසා විශ්වවිද්‍යාලය ආරම්භ කළ වහාම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන ලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සරසවි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

http://www.divaina.com/2016/07/21/news01.html

Pic Source & onwards

සබැඳි ලිපි -
[

සංහිඳියාවේ ඇත්ත කථාව - යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙස්‌ නැටුමට කඩාවැදී සිංහල සිසුන්ට පහර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_18.htmlආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!http://denethharinna.blogspot.com/2016/07/blog-post_92.html
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_96.html
]

0 comments: