Pages

Friday, December 13, 2013

කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න - ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න යෑයි ජාතික හෙළ උරුම නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අගමැති ලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා වෙත ඕමල්පේ සෝභිත හිමි යෑවූ එම ලිපියේ මෙසේද සඳහන් වේ. 

2013 අගෝස්‌තු මස 30 වැනිදා අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. එම කුඩු තොගය බහා තිබූ කන්ටේනරය නැව්ගත කර තිබුණේ පකිස්‌තානයෙනි. එම කන්ටේනරයේ ග්‍රීස්‌, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ප්ලාස්‌ටික්‌ අන්තර්ගත බව සඳහන් කර තිබුණි. දෙමසකට ආසන්න කාලයක්‌ වරායේ තිබූ කන්ටේනරය සම්බන්ධයෙන් අගෝස්‌තු 25 වැනිදා ලැබුණේ යෑයි කියන ලිපිය මහත් ආන්දොaලනයකට තුඩු දුන්නේ එම ලිපිය අගමැති දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් එවන ලද ලිපියක්‌ හේතුවෙනි. මාළිගාවත්තේ සමාගමක්‌ විසින් ගෙන්වනු ලැබූ එම කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර මුදා හැරීමට පියවර ගන්නේ නම් අගමැතිවරයා වෙනුවෙන් ස්‌තුතිවන්ත වන බව එම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත. අගෝස්‌තු 30 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා රේගු අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඉදිරියේ කන්ටේනරය විවෘත කරන ලදී. එහිදී දකුණු ආසියාවේ එක්‌වරක දී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය වූ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 291 ක්‌ වූ හෙරොයින් ග්‍රීස්‌ ටින් තුළ බහා තිබියදී සොයා ගැනීමට හැකිවිය. මෙම කුඩු කන්ටේනරයේ සැබෑ හිමිකරුවා කවුද?

අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ සම්බන්ධීකරණ ලේකම්වරයා හා මේ කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්‌ද? මෙම කුඩු කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතයේ යෙදෙව්වේ නම් එම කාර්ය මණ්‌ඩලය භාරව සිටින අගමැති ලේකම්වරයාගේ වගකීම කුමක්‌ද? ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු දේශනයේදී මා කළ කතාවෙන් විමසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරයා කවුද යන්නයි. අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන ඇමැතිවරයා ද වෙයි. එහිද එතුමාගේ කාර්ය මණ්‌ඩලයක්‌ ඇත. අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ යටතේ මෙම ලිපිය යොමුකළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්ද යන්න රටට හෙළිකිරීම තම සේවාදායකයාගේ කාර්ය මණ්‌ඩලයේ වගකීම උසුලන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වගකීමකි. තවද අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා කළ යුතුව ඇත්තේ තම නිර්දොෂීභාවය ඔප්පු කිරීමට වෙර දරමින් තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට මේ පිළිබඳව විමසා සිටි මා හට අමූලික මුසාවාද දේශනා කරන්නේ යෑයි පවසමින් කළකිරීමෙන් මේ පිළිබඳව මාධ්‍ය වෙත ලිපි යෑවීම හා මා වෙත ලිපි යොමු කිරීමට ප්‍රථම කළ යුතුව තිබුණේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රටට හෙළිකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට සහායවීමය. එමෙන්ම අගමැතිවරයාට එල්ල වන මේ මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් එතුමන් ගලවා ගැනීමය. එහෙත් අනාවරණය වී ඇති පරිදි ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්‌ පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. ඩී. දිසානායක මහතා විසින් 2013/12/06 වන දින බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සිටි කීර්ති ශ්‍රී වීරසිංහ නමැත්තාගේ සේවය අත්හිටුවා ඇත. මේ පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ ද? නැතහොත් බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ද යන්න සොයා බලා විමර්ශනය කිරීම අපට අයිති කාර්යයක්‌ නොව, එය අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඔබතුමාට අයිති වගකීමක්‌ හා කාර්යයක්‌ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ පෞද්ගලික නිර්දොaශීභාවය ඔප්පු කිරීමට වෙර දරනවා වෙනුවට කළ යුතුව ඇත්තේ මේසා විශාල කුඩු තොගයක්‌ නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව රටට හෙළිදරව් කර ඔහු නීතිය හමුවට පැමිණවීමය. එම කාර්යය කිරීමට කඩිනම් නොවූ අමරසේකර ලේකම්තුමා මා හට පිළිතුරු දීමට කඩිනම් වීම ගැන අප පුදුම නොවන්නේ මෙම කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිවේයෑයි ඇති බිය නිසා ද විය හැක. මා විසින් අසන කිසිදු ප්‍රශ්නයකට මෙතෙක්‌ වගකිව යුත්තන්ගෙන් ලැබුණු පැහැදිළි පිළිතුරක්‌ නැත. 

http://www.divaina.com/2013/12/13/news11.html

සබැඳි ලිපි -
[
කුඩු කන්ටේනරයේ සිද්ධිය: අගමැති, නිලයෙන් ඉවත් විය යුතුයි - ඕමල්පේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/12/blog-post_10.html
]

0 comments: