Pages

Saturday, December 28, 2013

කොට්‌ටව වන රක්‌ෂිතයට සංචාරකයන්ගෙන් හානි

ගාලු නගරයේ සිට උඩුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක පමණ දුරින් පිහිටි අක්‌කර දහස්‌ ගණනක බිම් ප්‍රමාණයක පැතිර ඇති ස්‌වාභාවික සුන්දර පරිසරයකින් යුත් කොට්‌ටව වන රක්‌ෂිතය අභය භූමියක්‌ ලෙස ප්‍රකටය. 

අසල්වාසීන් සහ රථවාහන වලින් එදිනෙදා කොට්‌ටව වන රක්‌ෂිතය මැදින් එහා මෙහා යන පිරිස, කුණු කසළ මලු සහ විවිධ අපවිත්‍ර දේවල් මෙම ප්‍රදේශයේ මග දෙපස බැහැර කිරීමට පුරුදුව සිටිති. දිනපතා ඈත ප්‍රදේශවලින් පැමිණෙන විනෝද කාමී සංචාරක කණ්‌ඩායම්, නිසා මෙහි මග දෙපස ඉවත ලන මත්පැන් බෝතල් වලින් සහ අපද්‍රව්‍යවලින් සිදුවන පරිසර දූෂණය අති විශාලය. කැලෑවේ ගමන් අපහසු දුර්ග කොටස්‌ වල කලක සිට පවත්වාගෙන යන විෂ මත්පැන් ව්‍යාපාර අපමණය.

වටිනා දැව සම්පතින් දුර්ලභ වන සතුන්ගෙන් ඇද හැලෙන දිය ඇලිවලින් විවිධ ස්‌වාභාවික පිහිටීම් වලින් පිරිණු සෞන්දර්යයේ කෙම් බිමක්‌ වැනි මෙම වන රක්‌ෂිතය සහ ආශ්‍රිත ප්‍රදේශය මෙම උවදුරුවලින් මුදාගැනීමට වන රක්‌ෂිතයේ සහ වග කිවයුත්තන්ගෙන් අවධානය යෙදවිය යුතු කාලය එළඹ තිබේ.

වංචාවල කලහේ - කුමාරදාස ලියනගේ 
http://www.divaina.com/2013/12/28/provin03.html

0 comments: