Pages

Friday, December 27, 2013

සිංහල මව්වරුන්ගේ කෘතීම රසකාරක සහිත ආහාර පුරුදු නිසා දරු ඵල ශක්තිය අඩුවනවා - කථිකාචාර්ය එච්.පී වක්කුඹුර

වර්තමානයේ ලංකාව තුළ කෘතිම ආහාර පරිභෝජනය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බවත් එනිසා සිංහලයා වද ජාතියක් වීමේ අනතුරක් ඇති බවත් යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එච්.පී වක්කුඹුර මහත්මිය පැවසුවාය.

පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද කාන්තාවන් දැනුවත් කිරීම සදහා පාරිභෝගික අධිකාරිය මගින් ගම්පහදී පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වෙමින් ඒ මහත්මිය එසේ පවසා සිටියාය.

වැඩමුළුව අමතමින් වෛද්‍යතුමිය මෙසේද පැවසුවාය.

‘අද වනවිට අපෙන් ප‍්‍රතිකාර සදහා එන හුගාක් ගැහැණු ළමයින්ගේ ආර්ථවය නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මෙම කාන්තාවන්ට දරු ඵල ලබා ගැනීමේ ශක්තියත් අඩු වෙමින් පවතිනවා.

මේකට ප‍්‍රකට හේතුව තමා අප කුඩා කාලයේ පටන් ආහාරයට ගන්නා කෘතීම රසකාරක යෙදු ආහාර. විවිධ වෙළද ප‍්‍රචාරක දැන්වීම් වලට රැවටිලා. අම්මලා දරුවන්ට නානාප‍්‍රකාර කිරි වර්ගයි තව නොයෙකුත් කෘතිම ආහාරයි ලබාදෙන්න පුරුදු වෙලා ඉන්නවා. මේකේ අවසන් ප‍්‍රතිඵලය තමා තවත් අවුරුදු 10ක් විතර සිංහලයා වද ජාතියක් බවට පත් වෙන එක.

මේ කෘතිම ආහාර වල බලපෑම් වලින් ශරීරයේ හෝමෝන විකෘති වෙනවා. ඒ තුළින් වද භාවයට අමතරව වයස 1-16 අතර දරුවන්ට අක්මාවේ පිළිකා ඇතිවීමට සීනි සහ තෙල් වැඩියෙන් යෙදු ආහාර හේතු වෙලා තියෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා. ශ‍්‍රී ලංකාව තුළ දියවැඩියාව හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ශීඝ‍්‍රයෙන් ඉහළ යාමට හේතුවත් මේ අක‍්‍රමවත් ආහාර රටාවයි’

http://lankacnews.com/sinhala/news/107011/

Pic Source

0 comments: