Pages

Monday, December 16, 2013

සිව්වැනි ඉඩම් කොමිසම ජනවාරියේ

ශ්‍රී ලංකාවේ හතරවැනි ඉඩම් කොමිසම 2014 වසරේ ජනවාරි මාසයේදී පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට ඊයේ (13) පැවැසීය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ඉඩම්වල අයිතිය මුල්කරගෙන හිස ඔසවන ජාතිවාදි බලවේග පරාජයට පත්කිරීම සහ අදට ගැලපෙන පරිදි ඉඩම් නීති රීති සංශෝධනය කිරීම මෙම නව ඉඩම් කොමිසම පත්කිරීමේ ප්‍රධාන අරමුණ වේ.

මෙම නව ඉඩම් කොමිසම සඳහා ඉඩම් විෂය පිළිබඳ විශේෂඥ දැනුමැති සාමාජිකයින් අට දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිතය. මෙම සාමාජිකයන් අටදෙනා අතරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහ මහාචාර්යවරු නියෝජනය කරමින් එක්‌ සාමාජිකයෙක්‌ ද කෘෂිකර්මය පිළිබඳ විශේෂඥයකුද පරිසරය පිළිබඳ විශේෂඥයකු ද ඉඩම් විෂය පිළිබඳ විශේෂඥයකු ද ජාතීන් අතර සමගිය ඇති කළ හැකි ජාතික මට්‌ටමේ නියෝජිතයින් තිදෙනෙකු ද ඇතුළත් බව ඇමැති තෙන්නකෝන් මහතා පැවැසීය.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/12/14/news09.html

0 comments: