Pages

Monday, December 16, 2013

වෙනස්‌වෙන්න සූදානම් වෙමු! ධර්මපාල පරපුර නිර්මාණය කරමු!

* අපේ ජලය ගැන තීන්දු ගන්නේවත් අපි නොවෙයි.
* ටික කාලයකින් අපේ හැමදේම විජාතිකයන් අත්පත් කරගන්නවා.
* සිංහලයන්ගේ ඉඩම් කොල්ල කෑම වේගවත් වෙලා

පසුගිsයදා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේදී "බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටුවේ" අවසන් වාර්තාව එළිදැක්‌වූයේ, එකී ව්‍යසනය ඉතා දරුණු ලෙස රට තුළ ව්‍යාප්ත වන අවධියකය. මේ එම උත්සව සභාව අමතමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් ඒ ගැන පෙන්වා දුන් සාරගර්භ දේශනයයි.

''සුවිශාල පිරිසක්‌, දේශපාලන නායකයන්, ස්‌වාමීන් වහන්සේලා, ප්‍රජා නායකයන්, සාමාන්‍ය ගැමියන්, ඉතාමත්ම සාමාන්‍ය ගොවි ජනතාව දක්‌වා වන මේ රටේ බෞද්ධ සංස්‌කෘතිය ගැනත් බෞද්ධ පුනර්ජීවනය ගැනත් ඉතාම කැමැත්තෙන් සිටින්නාවූත්, මේ ජාතිය හා දේශය පිළිබ`ද ඇල්මකින් ජීවත්වන්නාවූත්, උදර පෝෂණයට එහා ගිය රටක්‌ සහ දැක්‌මක්‌, පෝෂණයක්‌ සහිත ජාතියක්‌ ඕනෑය කියා විශ්වාස කරන ජන ප්‍රජාවකුත් අපි ඉස්‌සරට අවා. ඇවිදිල්ලා ඒ අය සාක්‌ෂි දුන්නා, 'මේ රටට වෙලා තියන දේ, රටට වෙන්න නියමිත දෙ, රටට විය යුතු දේ කුමක්‌ද', කියන එක පිළිබඳව. මාස ගණනක්‌ රැස්‌වෙලා, විශාල පරිශ්‍රමයක්‌ දරලා එකතු කර ගත්තු දත්ත, තොරතුරු යෝජනා සියල්ලම සම්පිණ්‌ඩනය කළ කෙටි වාර්තාවක්‌ හැටියටයි 'බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව' උපදින්නේ.


බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාවෙන් ඉල්ලා සිටින්නේ කුමක්‌ද? 'වෙනස්‌ වෙන්න - සූදානම් වෙමු' කියලා. ඇයි වෙනස්‌ වෙන්නේ? වෙනස්‌ වෙන්න ඕනෙ හින්දා. ඇයි වෙනස්‌ වෙන්න ඕනෙ? වෙනස්‌ කරන්න ඕනෙ හින්දා. ඇයි වෙනස්‌ කරන්න ඕනෙ? තියන විදිය හොඳ නැති හින්දා වෙනස්‌ වෙන්න ඕනෙ. වෙනස්‌ වෙන්න ඕනෙ ආකාරයක්‌ තියනවා. ඒ ආකාරයට වෙනස්‌ වෙන්න ඕනෙ. අද වෙනකොට ලංකාව, අපේ දේශයක්‌. ඒත් මේක හෙට දවස වෙනකොට අපේ වෙන්නේ නැහැ. මේක අපේ නොවන දේශයක්‌ බවට පත්වීමේ ඉඩකඩ වැඩියි. මේ තියන විදියටම ඉදිරියට ගියොත් මේ දේශය අපට අහිමි වේවි. අපි මෙතෙක්‌ කල් අතීතය පිළිබ`දව අභිමානයෙන් කතා කළා. ඒ අතීත අභිමානයත් එක්‌ක වඩාත් අනභිභවනීය වූ අනාගතයක්‌ ගොඩ න`ගමු, නිර්මාණය කරමු. අන්න ඒ ස`දහා තමයි වෙනස්‌ වෙන්න ඕනෙ වෙන්නේ. ඒ අනභිභවනීය අනාගතය නිර්මාණය කරන්න ඕනෙ විදිය, 'බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටුව' නිර්දේශ කරනවා. 


1971 කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි සිංහලයන්ගේ ප්‍රමාණය 50% ක්‌. ඒ 50% ක සිංහලයන්ගේ සීමාව 2013 වෙන කොට 19% කටත් වඩා අඩුයි. 1971 සිට 2013 වෙන කොට ඒ කොළඹ නගර සභා සීමාව තුළ සිංහලයන්ගේ සංඛ්‍යාව ඉතාමත් භයානක විදියට පහත බැහැලා. අපට පෙර සිටි මහා යතිවරු මේ ගැන කතා කෙරුවා, මේ ගැන දේශනා කළා, මේ වේදිකා මස්‌තකයේ ඉන්නවා ඒ මහා යතිවරු. උන් වහන්සේලාගෙන් ඒ කොඩිය අතට ගන්න අපට පුළුවන් වුණා නම්, ඒ ගිළිහෙන කොඩිය දෙයියනේ කියලා අනාගත පරපුරට දිලා මැරෙමු. මැරෙනවා නම් ඒ ඓතිහාසික කොඩිය දීලා, ජාතිය කවදා හරි දවසක මේ තියන මහ දැවැන්ත ව්‍යසනයෙන් ගලවා ගැනීම ස`දහා වන මේ වාර්තාව කොඩියක්‌ හැටියට දීලා මැරෙමු. මැරෙන්න කලින් ඒ ඓතිහාසික යුතුකම අපි ඉෂ්ට කළේ නැත්නම් ණයකාරයන් හැටියට මියයැම මිස වෙන කිසිවක්‌ ඉතිරි වන්නේ නැහැ.

1971 50%ක්‌ 51%ක්‌ වූ කොළඹ මහ නගර සභා මහ ජන සංයුතිය අද වන විට සැබෑ ලෙස 19%ටත් අඩුයි. ඒකෙන් 2%ක්‌ බොරු වාර්තා, ළමයින් පාසලට දමා ගන්න ලබාදුන් වැරදි තොරතුරු, වැරදි ලිපිනයන්. එසේම ජාතියක්‌, ජන්මයක්‌ නැතිව ඉතිරි වූ කිසියම් ආකාරයක ජන ප්‍රජාවක්‌ සිංහලයන් ලෙස ගණන් ගැනෙනවා. ලෝක ඉතිහාසයේ මහා ප්‍රජාව කිසියම් දේශයක, මහා නගරයේ මේ තරමට හෑල්ලු වෙලා තියෙනවා නම් ඒ එකම ජාතිය සිංහලයි, ඒ එකම රට ශ්‍රී ලංකාවයි.

මේක මෙතනින් නවතින්නේ නැහැ. මේ වෙන කොට එය තවදුරටත් ව්‍යාප්ත වෙනවා. සිංහල නොවන වෙනත් ජන කොටස්‌, සිංහලයන්ගේ ඉඩම් මිලදී ගැනීම හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම කරනවා. සෑම පළාතකම, දිස්‌ත්‍රික්‌කයකම, ආසනයකම විකුණන්න තියන ඉඩම් සිංහලයන් දම්මලා මිලදී ගැනීමේ කූට ව්‍යාපාරයක්‌ තියෙනවා. සිංහල නම්වලට අරගෙන, සිංහලයන්ට අරගෙන ක්‍ෂණිකව ඒවා අසිංහලයන් අතට පත් කිරීමේ කූට වෑයමක්‌ දැනට අසුවෙලා තියෙනවා. මේවා විකුණන්නේ අසිංහලයන්ට නොවෙයි. මේවා විකුණන්නේ කොන්ත්‍රාත්කාර සිංහලයින්ට. ඔවුන් ඒවා මිලදීගත්තු සැණින්ම සතියකින් දෙකකින් අසිංහලයන් අතට පත් වෙනවා. මොකක්‌ද මෙහි අරමුණ?

අද වෙනකොට මේ කොළඹ, ගම්පහ දිස්‌ත්‍රික්‌කවල ඇතැම් ආසනවලට සිද්ධ වුණා වගේ ජනසංයුතිය වෙනස්‌ කරලා, ඒ ජනසංයුතිය වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ හැටියට තවත් අවුරුදු 20කින් 30කින් ඒ කියන්නේ 2033 හෝ 2043 ඡන්දයක්‌ තිබ්බොත් ඒ තියන ඡන්දයට සිංහල නොවන ඡන්ද දායකයින්ගේ ප්‍රමාණය වැඩි කිරීම මෙහි අරමුණයි. සිංහලයන් නොවන අය 51%ක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට යෑවීමට, අවුරුදු 30ක 40ක ඉලක්‌කයක්‌ කරා යාමට සිංහලයන් නොවන අය පිඹුරුපත් සකසා අවසානයි. මේ අවුරුදු 30 ඉවර වන විට මේ පොඩි හාමුදුරුවරු, විහාරාධිපති හිමිවරු වන දවසට, අද දහම් පාසලේ ඉගෙනගන්න දරුවෝ රටේ තීරණාත්මක ප්‍රජාව බවට පත්වෙන කොට ඔවුන් සුළුතරය වී මේ බිමේ අසරණයන් වී හමාරයි. මේ දැවැන්ත ව්‍යායාමය සාර්ථක කර ගැනීමට වෑයම් කරන මොහොතේ ඉවසා දරා වැඩසිටින්නද කියන්නේ?

තවත් අවුරුදු 30 කින් 40 කින් අපි හදාපු ගුවන් තොටුපළවල්, අපේ වියදමින් හදාපු අධිවේගී මාර්ග අපේ වියදමින් හදාපු වරායවල් විජාතික වෙන අවස්‌ථාව අත ළ`ගයි. උතුරු පළාත් සභාවට සිදු වූ දේ අප දුටුවා. කවදා හරි දවසක එය අපේ නොවෙද්දී නැෙ`ගනහිර පළාත් සභාව අපේ නොවෙද්දී බස්‌නාහිර සමහර වෙලාවට චීනය සතු වෙද්දී, බහුජාතික සමාගම් සතු වෙද්දී, දකුණු පළාත් සභාව චීනය සතු වෙද්දී ශ්‍රී ලංකාව කාගේ පාලනයක්‌ යටතට පත්වේද, කියන එක ඉතාමත්ම දූරදර්ශීව නොදුටුවොත් මේක දැක දැක ඉන්නවා මිසක්‌ සුසුම් හෙළනවා හැර කරන්න දෙයක්‌ ඉතිරි වන්නේ නැහැ.

ඒ විතරක්‌ නොවෙයි, බුද්ධ ශාසනයට එල්ල වූ අභියෝග කෙළවරක්‌ නැහැ. මෙතන වැඩ ඉන්න අපේ ස්‌වාමීන් වහන්සේලා දන්නවා ඇති අන්තර්ඡාලය ඔස්‌සේ අපට මොනතරම් අභියෝග එනවද? අන්තර්ජාලය, විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ස්‌වාමීන් වහන්සේලාගේ ප්‍රතිරූපය විනාශ කරන්න, ස්‌වාමීන් වහන්සේලාගේ සංස්‌කෘතිකභාවය නැති කරන්න අද වෙනකොට මොන තරම් තර්ජන ගර්ජන එනවද? අද වෙනකොට 'සමන්ත භද්‍ර' අභියෝග කර තිබෙනවා, මේ රටේ එකම හාමුදුරු කෙනෙක්‌වත් නැහැ කියලා. එකම හාමුදුරු කෙනෙක්‌වත් ඉන්නවා නම් ඔප්පු කරන්න කියලා 'සමන්ත භද්‍ර' යෝජනා කරනවා. චෝදනා කරනවා, අභියෝග කරනවා. මේවා ඉවසා දරාගෙන වැඩ ඉන්නද, කියන්නේ.

මේ බුද්ධ ශාසනයේම 'කඳ පණුවන්' හැටියට බිහිවෙලා, 'කඳ පණුවෝ' මේ 'සංස්‌කෘතික මහා වෘක්‌ෂයට' කිඳා බැහැලා මේ 'සංස්‌කෘතික මහා වෘක්‌ෂය' දෙකට මැද්දෙන් පළලා බිම හෙළනකම්ද අපේ හාමුදුරුවනේ බලාගෙන ඉන්නේ. ධර්මපාලතුමන් කියාපු සත්‍යයි, ධර්මපාලතුමා කියාපු වචනයි දැන් කියන්න බැහැ අපේ හාමුදුරුවනේ, ඒ පාලි, සංස්‌කෘත වචන ලැයිස්‌තුව අදට වලංගු නැති හින්දා. ඒත් කියන්න වෙන්නේම ඒක තමයි. අපිට 'නියෝ නියෝ' ඉන්න කියලා ධර්මපාලතුමා කිව්වා. අපිට වෙලා තියෙන්නෙත් 'නියෝ නියෝ' ඉන්න විතරයි. ඒ ධර්මපාලතුමා කියාපු, ධර්මපාලතුමා ඉදිරිපත් කරපු යෝජනා සහ චෝදනා එදා සාදරයෙන් පිළිගත්තා නම් අද රට මෙතන නැහැ අපේ හාමුදුරුවනේ.

අපේ ස්‌වාමීන් වහන්සේලාගේ පොඩි වැරැද්දක්‌ අල්ලාගෙන, ඒ ස්‌වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් ඉතාමත් අශීලාචාර වූත් ආචාරධර්ම විරෝධී විදියට කටයුතු කරනවා. සමහර සම්භාවනීය නායක ස්‌වාමීන් වහන්සේලාගේ නම් පවා සඳහන් කරමින් ඉතාමත් හෑල්ලුවට පත් කිරීම සඳහා නොයෙක්‌ ආකාරයේ කූට උපක්‍රම ක්‍රියාත්මක කරනවා. ළමා නීති, ළමා හිංසන නිතී, මානව අයිතිවාසිකම් නීති, ඒ වගේම වෙනත් වෙනත් නිතී, මාධ්‍යයෙන් හාමුදුරුවරු හෑල්ලු කිරීමේ මාධ්‍ය ආක්‍රමණයක්‌, මාධ්‍ය සදාචාර විරෝධී වැඩපිළිවෙළක්‌ අරගෙන යනවා.

මේ තත්ත්වයෙන් මිදීම සඳහා අපේ ස්‌වාමින් වහන්සේලා වෙනුවෙන් වූ යාන්ත්‍රණයක්‌ අවශ්‍ය වෙනවා. අපේ මේ කමිටු වාර්තාවේ 40 වන පිටුවේ සඳහන් වෙනවා, 'ස්‌වාමින් වහන්සේලා රැකගැනීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි' කියලා. ගිහියෙක්‌, යම් පාතාලයෙක්‌ අත්අඩංගුවට ගත්තත් පෙනී සිටීමට නීතිඥයන් ඉන්නවා. නමුත් ස්‌වාමින් වහන්සේ නමකගේ චෝදනාවක්‌ වෙනුවෙන් පෙනී සිටින්නට නීතිඥ සංවිධානයක්‌ හෝ තිබෙනවාද? ඒ වෙනුවෙන් වූ ආරක්‍ෂණ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද? අපේ සම්බුද්ධ ශාසනයේ සිටින ස්‌වාමින් වහන්සේලා එකිනෙකා ශාසනයෙන් ඉවත් කරන්න, සිටින ස්‌වාමින් වහන්සේලා පාරාජිකා කරන්න, අවලංගු කරන්න වැඩපිළිවෙළවල් යොදලා තියෙනවා. එම`ගින් උන්වහන්සේලා මහජනතාව ඉදිරියේ හිංසනයට පත්වනතෙක්‌ නිහ`ඩව බලා ඉන්නද කියන්නේ? අන්න ඒ තත්ත්වයෙන් අපේ ස්‌වාමින් වහන්සේලා මුදවා ගැනීම සඳහා වූ යෝජනා මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා.

ස්‌වාමින් වහන්සේලාගේ නමින් මෙන්ම ගිහියන්ගේ නමින්ද නොයෙකුත් බෞද්ධ පොතපත ප්‍රකාශනයට පත්වෙනවා. මේ අතර එක්‌ තැනැත්තකුගේ නමින් බෞද්ධ පොත් 33ක්‌ ප්‍රකාශනයට පත් වී තිබුණා. නමුත් ඒ බෞද්ධ පොත් 33 ම බෞද්ධ විරෝධියි. පසුව ඒ තැනැත්තා අත්අඩංගුවට අරගෙන ඒ බෞද්ධ විරෝධී පොත් සියල්ල නීතියෙන්ම තහනම් කිරීමට හැකියාව ලැබුණා.

අපේ සංස්‌කෘතිය ධාරණය කරමින්, කාලාන්තරයක්‌ තිස්‌සේ පාලියෙන් පිරිත් ජ්ජායනා කරමින්, පාලියෙන් අකුරක්‌ නෑර ත්‍රිපිටක වහන්සේලා සජ්ජායනා කරනු ලැබුවේ මේ පුණ්‍ය භූමියේයි. එය සංස්‌කෘතික වැඩපිළිවෙළක්‌ බව අපි හොඳින්ම දන්නවා. දානය හා භික්‍ෂුන් වහන්සේ අතර වගේම පාංශකූලය හා භික්‍ෂුන් වහන්සේ අතරද තිබුණු බැඳීම මඟින් ගිහියා සහ භික්‍ෂුන් වහන්සේ යෝධ යදමකින් සම්බන්ධව සිටියා. නමුත් ඒ සම්බන්ධය කඩන්න ඔබ වහන්සේලාගේ මේ චීවරයම දරාගෙන සිටින පිරිසක්‌ සිංහලෙන් පිරිත් කියමින් ඉහත කී සියලු සම්බන්ධතා වනසා දමමින් ලංකාවේ සංස්‌කෘතිකභාවය විනාශ කිරීමට කටයුතු කරනකොට ප්‍රතිචාර නොදක්‌වා නිහඬව ඉන්නද කියන්නේ?

අද අපේ වාපී සංස්‌කෘතියද සිදු වී ඇත්තේ කුමක්‌ද? අද අපේ ඈත ගම්මානවල වගා කටයුතු සඳහා ජලය යොදා ගැනීම ගැන තීන්දු ගන්නේ ලාංකිකයන් නොවෙයි. ලංකාවේ දරුවෝ කන්නේ මොනවාද, කියා අද තීරණය කරන්නේ අපි නොවෙයි. ලංකාවේ මිනිස්‌සු, වාර්ෂිකව රුපියල් මිලියන 30000 ක්‌ පාන්පිටි කෑම වෙනුවෙන් පිටරටට යවනවා. මෙපමණ සහල්, ඉරිඟු, මුං ඇට, කව්පි තිබෙන රට අද එවැනි තත්ත්වයකට පත්ව තිබෙනවා. පාන්පිටි ගෙනවිත් පිටරට පාන්පිටිකාරයා පෝෂණය කරමින් අනෙක්‌ අතට දියවැඩියාවට බෙහෙත් පෙත්තත් පිටරටින් ගෙනෙනවා. ලෙඩෙත්, ලෙඩේට බෙහෙතත් පිටරටින් ගෙන්වන මුග්ධ තැනක අද ලංකාව පවතින්නේ. මේ තත්ත්වය හමුවේ නිහඬව ඉන්නද කියන්නේ?

දේශීය බීජ නිෂ්පාදනය අද අපේ අතේ නැහැ. වගා කිරීමට අවශ්‍ය බීජ අප සතුව නැහැ. 'අද වගා කරන්නේ මොනවාද? වගා කළයුතු බිම් ප්‍රමාණය කොපමණද?' යන්න තීරණය කරන්නේ අප නොවෙයි. එදා අපේ දරුවන්ට කොළ කැඳ, ලුණු කැඳ ඇතුළු කැඳ පානයෙන් බලය, ජවය, ශක්‌තිය යන තුනම ලැබුණා. මේ 2013 වසරේ අපේ දරුවන් තුන්දෙනකු මීටර් 100 ධාවනය අතරතුර මැරිලා වැටුණා. බලන්න, කැඳ පානයෙන් යෝධ බලයක්‌ ලබාගෙන මහා වැව් දාගැබ් තනපු ජාතියක්‌ අද පත්වී තිබෙන ෙඛේදනීය තත්ත්වය.

මෙම යෝජනාවලිය ඉදිරිපත් වෙන්නේ ඉහත තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අනාගත දෘෂ්ටිය, දැක්‌ම සහිතවයි. රටේ ආර්ථිකය යටත් විජිතකරණයට ලක්‌කරමින්, නූතන යටත් විජිතභාවයක්‌ ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමේ දැක්‌ම දෘෂ්ටිය, මේ යෝජනාවලිය තුළ අන්තර්ගතව තිබෙනවා.

ග්‍රාම රාජ්‍ය සංකල්පය ශක්‌තිමත් කරලා, ගම්සභා නිර්මාණය කරලා ගම නියෝජනය කිරීමට සුදුසු පුද්ගලයන් සහ ගමට බලය ලබාදෙන වැඩපිළිවෙළක්‌ සහිත යෝජනාවලියක්‌ තමයි මෙම බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව කියන්නේ. 

ඒ නිසා අපේ හාමුදුරුවනේ අපි 'වෙනස්‌ වෙන්න සූදානම් වෙමු.'

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
http://www.divaina.com/2013/12/15/feature14.html

Picture Courtsey - Lanka C News

සබැඳි ලිපි -
[

‘බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ අවසාන වාර්තාව’ එළිදැක්වීමේ උත්සවයhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_2902.html1971 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ 50%-51% සිංහලයන්. අද 19% ක්‌ දක්‌වා අඩුවෙලා - ඉඳුරාගාරේ ධම්මරතන හිමිhttp://denethharinna.blogspot.com/2013/12/1971-50-51-19.htmlබෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාවෙන් විධායක ජනපති ධුරයට අලුත් නිර්දේශයක්‌http://denethharinna.blogspot.com/2013/12/blog-post_11.htmlසිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් ඕනෑ – මැදගම ධම්මානන්ද හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1509.html
]

0 comments: