එහෙත්, එහි එක් ප්‍රතිඵලයක් වූයේ එම ආකර්ෂණීය තිර රචනය ඇසුරින් ජයන්ත චන්ද්‍රසිරි විසින්ම ජනප්‍රිය ඓතිහාසික නවකතාවක් රචනා කරනු ලැබීමය. සීග්‍රයෙන් අලෙවි වූ "මහරජ ගැමුණු" නව කතාව විද්වත් ගුණදාස අමරසේකරයන් විසින් හඳුන්වන ලද්දේ භාවිෂ්‍යත් විදර්ශනාවක් ගැබ් වූ උසස් නිර්මාණයක් වශයෙනි.
සිප්වින් චිත්‍රපට සමාගම වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි දැන් යළිත් "මහරජ ගැමුණු" චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කර තිබේ.
දිවයිනේ ඉතාම ජනප්‍රිය සහ ප්‍රවීණ සිනමා ශිල්පීන් විශාල ප්‍රමාණයක් සමග නවක නළු නිළියන් දහසකට අධික සංඛ්‍යාවක් චරිත නිරූපණයේ යෙදෙන "මහරජ ගැමුණු" චිත්‍රපටයේ රූ ගත කිරීම් ආරම්භ වන්නේ ජනවාරි මාසයේ අගභාගයේදීය. මෙය ශ්‍රී ලංකාව තුළ නිපදවෙන ඉතාම දැවැන්ත චිත්‍රපටය පමණක් නොව ඉතාම සංවේදී චිත්‍රපටයද විය හැකියෑයි එහි නිෂ්පාදක ගුණපාල රත්නසේකර පවසයි.
http://www.divaina.com/2013/12/13/cineart02.html
1 comments:
විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්
Post a Comment