පරිසරය සුන්දර වුවද මෙම විහාරය මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව ඇත. ඒ මෙම පන්සල සඳහා එදා මෙදා තුර ජලය ලබාගැනීමට ඇති අපහසුතාවයි.
මේ නිසා මෙම විහාරයේ වැඩවසන හිමිවරුන් ජල ප්‍රශ්නයෙන් දැඩි පීඩා විඳිති. මේ සම්බන්ධව 'දිවයින'ට අදහස් දැක්‌වූ කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති රත්වත්තේ සෝමානන්ද හිමි - අපේ පන්සලට වතුර ටිකක් ලබාගන්ට බැරිව අපි විශාල ගැටලුවකට මුහුණ පාල ඉන්නේ. දැනට අපි වතුර ලබාගන්නේ පන්සලට පහළින් ඇති ළිඳෙන්. ඒ ළිඳේ හැමදාම වතුර නෑ. මම දන්න දා ඉඳල රජයේ කිසිම ආයතනයකින් හෝ කිසිම රජයකින් අපට අපේ මේ ප්‍රධාන ප්‍රශ්නය විසඳලා දෙන්න බලන්නේ නැහැ. මම මේ පන්සලට වතුර ටිකක් ලබා දෙන්න කියලා නොකිව්ව කෙනෙක් නැහැ. මම මේ ගැන අස්‌ගිරි පන්සලේ මහනායක හිමියන් හරහා ජනාධිපතිට පවා ලියලා යෑව්වා.
පන්සලට වතුර ටිකක් ලබාදෙන්න කියලා අදාළ තැන්වලට ලියුම් ලියලම එපා වෙලා. ඉඩෝර කාලෙට මේ ළිඳ හිඳෙනවා. දහම් පාසලේ ළමයින් පෝයට සිල් ගන්න ඇත්තන් වතුර ටික නැතිව හරියට දුක් විඳිනවා. කිසිම ආයතනයක අවධානය මේ වනතුරු යොමු වන්නේ නෑ.
මේ සම්බන්ධව අදහස් දැක්‌වූ වර්ධනාරාම විහාරවාසී ලක්‍ෂඋයනේ සීලානන්ද හිමියන් - අපේ පන්සල වතුර ප්‍රශ්නෙන් හරිම කරදරයක් විඳිනවා. පන්සලේ නායක හාමුදුරුවෝ එක්‌ක අපි හතර දෙනෙක් ඉන්නවා. අපි උදේම වතුර අදිනවා. පිරිවෙනට ගිහින් ඇවිල්ලා හැන්දැවෙත් වතුර අදිනවා. මේ පාරේ හවසට බස් අඩුයි. ඒ නිසා අපි පන්සලට එනකොට රෑ වෙනවා. ආයේ වතුර ගේන්ටත් යන්නේ කළුවරේ. මේක අපට හරි කරදරයක්.
යටිනුවර - යසන්ති සුධර්මා ගුණතිලක
http://www.divaina.com/2013/12/26/provin08.html
0 comments:
Post a Comment