Pages

Friday, February 24, 2017

පසුගියදා ISIS ප්‍රහාරයකින් පාකිස්ථානයේ 70 බිලි! ඉරාකයේ 48 බිලි!

දකුණුදිග පාකිස්ථානයේ සින්ධි ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි. අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි.

http://www.colombotoday.com/29745-3256/

0 comments: