Pages

Thursday, April 24, 2014

නව මුහුණුවරකින් මුස්ලිම් අන්තවාදය ක‍්‍රියාත්මක වෙනවා - ඕමල්පේ සෝභිත හිමි

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පැරදුවද නව මුහුණුවරකින් මුස්ලිම් අන්තවාදය රට තුළ ක‍්‍රියාත්මක වෙන බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ ඇඹිලිපිටිය තෝරකොළයාය විද්‍යාලයේ පසුගියදා පවත්වන ලද උත්සවයේ ආරාධිත ප‍්‍රධාන දේශණය සිදු කරමිනි.

උන් වහන්සේ එහිදී මෙසේද කීහ.

‘මේ රට තුළ ආණ්ඩුව අමාරුවේ දමන සතුරු බලවේග දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. එක් බලවේගයක් තමයි මිතුරු වෙස් ගත් සතුරන්.

අනිත් බලවේගය තමයි ආණ්ඩුව අමාරුවේ දමන තවත් ඇමතිවරයෙක්. ඔහු රජය සතු ඉඩම් මංකොල්ල කනවා.

කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගත්තට පස්සේ අලූත් මුහුණුවරකින් මුස්ලිම් අන්ත වාදය රට තුළ ක‍්‍රියාත්මක කරනවා. අනිත් බලවේගය පසු ගිය දින වරාය හා ගුවන් තොටුපළ ආශ‍්‍රිත සිද්ධියෙන් මනාව පෙන්නුවා.

මේ කොටස් දෙකම කරන්නේ ජනාධිපතිවරයාට සහ රජයට පක්ෂපාතී ලෙස හා මිතුරු වෙස් ගෙන සතුරුකම් කිරීම. මොවුන් කරන්නා වූ සතුරුකම් නිසා රජයට, රටට සහ ජනතාවට අමුතුවෙන් පිටස්තර සතුරන් අවශ්‍ය වෙන්නේ නැහැ’

http://lankacnews.com/sinhala/news/114414/

Pic Source

0 comments: