Pages

Wednesday, April 23, 2014

නැහැ කිව් අනවසර ඉඳිකිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැති

විල්පත්තු උතුරු අභය භූමියේ කොටසක අනවසරයෙන් පදිංචි කර ඇති පවුල් අධිකරණ නියෝග ලැබුණු විගස ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බව වනජීවී සංරක්‍ෂණ ඇමැති විජිත් විජිතමුණි ද සොයිසා මහතා පැවසීය.

වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (22 වැනිදා) පස්‌වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 

විල්පත්තු උතුරු අභය භූමියේ අක්‌කර 3 ක පමණ භූමි ප්‍රමාණයක පවුල් 44 ක්‌ පදිංචිව සිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිවාස ස්‌ථිර නිවාස නොවන බවත් පැවසූ ඇමැතිවරයා මේවා තාවකාලිකව තනාගත් කූඩාරම් බවත් සඳහන් කළේය. 

මෙම අනවසරයෙන් අල්ලාගෙන තිබෙන භූමිය සන්තකයට පවරා ගැනීම සඳහා මන්නාරම අධිකරණයේ නඩුවක්‌ පවරා තිබෙන බවත් එම නඩුව හෙට (24 වැනිදා) විභාගයට ගැනීමට නියමිත බවත් සඳහන් කළේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හෝ උතුරු අභය භූමිය තුළ කිසිවකුට ස්‌ථිර ගොඩනැඟිලි ඉදිකිරීමට ඉඩදී නොමැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ප්‍රශ්නයකට නොවන අයුරින් ඉතා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ කරුණක්‌ බවද පැවසූ ඇමැතිවරයා ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවන අයුරින් අභය භූමිය තුළ ආරක්‍ෂාවට කටයුතු කර ඇතැයිද මෙයට අමතරව මොල්ලිකුලම පිවිසුමේ සිට එළුවන්කුලම දක්‌වා අභයභූමිය මැදින් වැටී ඇති මාර්ගයේ ගමන් කිරීම සඳහා සියලු දෙනා අවසර පත්‍රයක්‌ ලබාගත යුතු බවද, ඊට අවශ්‍ය සියලු නියෝග ලබාදී ඇති බවද සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට අමාත්‍යාංශ ලේකම් උදේනි වික්‍රමසිංහ, වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක, අමාත්‍යාංශ උපදේශක සරත් කොටගම යන මහත්වරුද සහභාගි වූහ.

අනුර බාලසූරිය - ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/04/23/news30.html

Pic Source

සබැඳි ලිපි - [විල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: