Pages

Saturday, April 12, 2014

ගෝපි මරා දැමීම රටේම ජයග‍්‍රහණයක් - හෙළ උරුමය

කොටි සංවිධානය නැවත වරක් බෙදුම්වාදී සන්නද්ද අරගලයනට සූදානම් වීම ගැන සියලූ දෙනා විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කොටි සංවිධානය නැවත වතාවක් බෙදුම්වාදි සන්නද්ධ අරගලයකට ප‍්‍රතිසංවිධානය වෙමින් තිබෙන බව අපි අනතුරු ඇගවීමු. එය සත්‍යයක් බව තහවුරු කරමින් උතුරු පළාතේ ප‍්‍රතිසංවිධානය වෙමින් සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 60 දෙනෙක් ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර පසුගිය දා කිලිනොච්චියේ දී ආරක්‍ෂක අංශ විසින් කරනු ලැබු වැටලීමකදී ගෝපි නැමැති කොටි ප‍්‍රබලයෙක් ආරක්‍ෂක අංශ වලට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පළාගොස් සැගවී ඇත. එම කොටි ප‍්‍රබලයාගේ මනාව හිමිකම් ගැන සොයා බලන්න මානව හිමිකම් කි‍්‍රයාකාරින් යැයි හඳුන්වාගත් පියතුමන්ලා දෙදෙනෙක් ද එම ප‍්‍රදේශයට ගොස් තොරතුරු සොයාබැලූ බවද මාධ්‍ය වාර්තා කළේය. එම පියතුමන්ලා දෙපළ ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත්විට ජාත්‍යන්තර වශයෙන් ද විශාල බලපෑමක් ශී‍්‍ර ලංකා රජයට එල්ල වූ අතර ඒ හේතුකොට ගෙන ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ද සිදුවිය.

එම ‘ගෝපි’ නැමැති කොටි ප‍්‍රබලයා ඇතුඵ කොටි සාමාජිකයන් දෙදෙනෙක් ආරක්‍ෂක අංශ සමග ඇති වූ ගැටුමක දී   මරාදමා ඇත. මෙයින් පැහැදිලි වන්නේ කොටි සංවිධානය නැවතත්  ප‍්‍රතිසංවිධානය කිරීමටත් ඔවුන්ට ආරක්‍ෂාව රැකවරණය ලබාදීමටත් කටයුතු කරන්නේ කවුරුන්ද යන්න මින්   මොනවට පැහැදිලි වේ. ගෝපි ඇතුඵ කොටි ප‍්‍රබලයින් වටලා විනාශ කිරීම ආරක්‍ෂක අංශ පමණක් නොව රටේ නිදහස, සාමය, ස්ථාවරභාවය බලාපොරොත්තු වන සියලූදෙනා ලැබු ජයග‍්‍රහණයකි. දෙමළ බෙදුම්වාදි ත‍්‍රස්තවාදය නැවත හිස එසවීම පිළිබඳව පක්‍ෂ පාට ජාති ආගම් භේදයෙන් තොරව සියලූදෙනා විමසිල්ලෙන් සිටියයුතු බව සමස්ත ජාතියටම අපි අවධාරණය කර සිටිමු.

http://lankacnews.com/sinhala/news/113732/

Pic Source

0 comments: