රාජ්‍ය ආරක්‌ෂක බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු අනුව කරන ලද පූර්ව අනතුරු ඇඟවීමක් නිසා විදේශගත එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාවේ උත්සාහය ව්‍යර්ථ කිරීමට රජයට හැකිවී ඇත.
එල්. ටී. ටී. ඊ. යේ නව නායකයා යෑයි කියාගත් කජීපන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් ගෝපි ඇතුළු ප්‍රබල ත්‍රස්‌තවාදීන් තිදෙනකු ඉකුත්දා යුද හමුදා ප්‍රහාරයකින් මරණයට පත්වීමත් සමග විදේශගත එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව රජයේ වෙබ් අඩවිවලට ඇතුළුවීමේ සැලසුම සකස් කළ බව ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළේය.
ගෝපි මරා දැමීමත් සමග දැඩි ලෙස කලබලයට පත්වූ විදේශගත කොටි ඩයස්‌පෝරාව එම ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම සඳහා මෙසේ උත්සාහ කළ බවද හෙතෙම පැවසීය.
එල්. ටී. ටී. ඊ. ය නැවත නඟා සිටුවීම සඳහා ගෝපි නව නායකයා ලෙස නම් කරමින් ශ්‍රී ලංකාවට එවනු ලැබුවේ මෙම විදේශගත එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාවේ ප්‍රබලයන් විසින් වීම ඊට හේතුවී ඇත.
මෙහිදී කොටි ඩයස්‌පෝරාව වෙබ් අඩවි වෙත රහසේ පිවිසීමට දක්‌ෂ පරිගණක දැනුමැති විශේෂඥයන් කිහිපදෙනකුගේ සහාය මුදලට ලබා ගෙන තිබෙන බවද බුද්ධි අංශ වෙත වාර්තා වී තිබේ.
ගෝපිගේ මරණයත් සමග ගනු ලැබූ මෙම උත්සාහයද ව්‍යර්ථවීම හමුවේ රජයේ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබෙනුයේ තමන් අතරින් වන බවට මතුවී ඇති සැකය නිසා මේ වන විට විදේශගත එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව තුළ බරපතල අන්දමේ දෙදරා යැමක් ආරම්භ වී තිබෙන බවද වාර්තා වේ.
සමන් ගමගේ
http://www.divaina.com/2014/04/17/news08.html
Pic Source
0 comments:
Post a Comment