Pages

Tuesday, April 22, 2014

මහ මාර්ග සිතියම අලුත් කරයි

ශ්‍රී ලංකාවේ මහ මාර්ග සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් දැන් අලුත් කර ඇතැයි මැනුම්පති නිහාල් ගුණවර්ධන මහතා "දිවයින" ට ඊයේ (21 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ මැනුම්පතිවරයා අලුතින් සකස්‌ කර ඇති ශ්‍රී ලංකාවේ මහ මාර්ග සිතියමට රජය විසින් අලුතින් ඉදිකළ දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග පිළිබඳව තොරතුරු ඇතුළත් කර තිබෙන බව පැවසීය. එමෙන්ම රට පුරා අලුතින් ඉදිකළ ප්‍රධාන මාර්ග පළාත් මාර්ග සහ අතුරු මාර්ග පද්ධතිය පිළිබඳවත් අලුතින් ඉදිකර ඇති පාලම් පිළිබඳවත් සංවර්ධනය කරන ලද දුම්රිය මාර්ග පද්ධතිය පිළිබඳවත් තොරතුරු මෙහි ඇතුළත් කර ඇත.

එමෙන්ම මිනින්දොරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එක දිසාවකට පමණක්‌ වාහන ධාවනය වන මාර්ග පිළිබඳ තොරතුරු ද ඇතුළත් කර තිබෙන බව මැනුම්පතිවරයා පවසයි.

නව මහා මාර්ග සිතියම ඕනෑම අයකුට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැකි වේ.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/04/22/news04.html

Pic Source

0 comments: