Pages

Wednesday, April 3, 2013

උතුරු පළාත් සභා මැතිවරණය ගැන මතබේද… TNA දෙකඩ වේ

උතුරු පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය නිවේදනය කිරීමක් සඳහා එහි බලය ලබා ගැනීම විශේෂ උනන්දුවක් දක්වන දෙමළ සන්ධානය තුළ දැඩි බෙදීමක් ඇතිව ඇති බව දැනගන්නට ලැබේ.

සන්ධානය තුළ ඇති පක්ෂ 5කට සමාන වගකීම් පැවරීමෙන් එය වෙන ම දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට එහි පාර්ශ්වකරුවන් අතර විවිධ මත පළ වී තිබේ.

එය ලියාපදිංචි කිරීමට සන්ධානය තුළ වූ ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු ඉලංකෛයි තමිල් අරසු කච්චි පක්ෂය හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF) අතර මෙකී මත ගැටුම් හටගෙන තිබේ.

ඒ අනුව දෙමළ සන්ධානය තුළ වූ ප්ලොට්, ටෙලෝ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TOLF) හා EPRLF පක්ෂ වෙන ම එක්වීමටත් අවධානය යොමු ව ඇත.

කෙසේ නමුත් දෙමළ සන්ධානය දෙකඩ වීමේ වාසිය රජය වෙත යොමුවීම වැළැක්වීම සඳහා එම පක්ෂ කෙසේ හෝ එක්ව සිටීමේ අවශ්‍යතාව ද ඇතැමෙක් මතු කර ඇත.

April 2, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92619/

0 comments: