Pages

Monday, April 8, 2013

දෙරණ අවුරුදු කුමරියෝ ‘වටාපත්’වලින් සැරසේ

පසුගියදා දෙරණ රූපවාහිනියේ අවුරුදු කුමරි තේරීමේ තරඟයේදී අවුරුදු කුමරියන් පැමිණියේ වටාපත් දෑතෙහි රඳවාගෙනය.වටාපත යනු බෞද්ධ ස්වාමීන් වහන්සේලා උදෙසා පරිහරණය කෙරෙන පූජා කෙරෙන වස්තුවකි.නමුත් අවුරුදු කුමරි තේරීමේ වැනි තරඟයකට වටාපත් එක් කරගැනීමට තරම් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

වටාපතෙහි ඇති වැදගත්කම පිළිබඳ ලිපියක් දයා අහංහෙට්ටිගම මහතා විසින් බුදුසරණ පුවත් පතෙහි පල කරන ලදී. මේ එහි කොටසකි.

“කථිකයකුට, ධර්ම දේශකයාණන් වහන්සේ නමකට ශ්‍රාවක පිරිස දෙස නොබලා කථාවක්, දේශනාවක් කිරීම අසීරු කරුණෙකි. වටාපතක් භාවිත කළත් ශ්‍රාවකයන් පෙනෙන සේ එය තබා ගැනීමට ද පිළිවන. කෙසේ නමුත් මුඛාවරණයක් වශයෙන් වටාපතක් පාවිච්චි කිරීම භික්ෂූන්ගේ සංවරශීලි භාවය වැඩි දියුණු වීමට උපකාරවත් වී ඇති බව පැහැදිලිව දක්නට ඇත. වටාපත පිළිබඳ බුද්ධ ප්‍රඥප්තියෙන් පසු භික්‍ෂූන් චාරිකාවෙහි වඩින විට ද වටාපත රැගෙන ගිය බව ත්‍රිපිටකාගත කථා පුවත් වලින් පෙනෙන කරුණකි.

වටාපත යනු තල් කොළයෙන් සාදා ගනු ලබන උපකරණයකි. විජිනිපත, අවාන, තල්අත්ත යනු එයට භාවිත වන තවත් නාමයෝ ය. බුද්ධ කාලයෙහි බෞද්ධ භික්ෂූන් පමණක් නොව අන්‍යාගමික පූජ්‍ය පූජකවරු ද අව්වැසි වලින් බේරීම සඳහා තල්කොළ වලින් සාදා ගත් ආවරණ භාවිත කළහ. බුදුරජාණන් වහන්සේ ද තම පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඡත්‍ර ලෙස භාවිතයට තල්කොළ ඡත්‍ර ද එක පාටක් ඇතිරෙදි ඡත්‍ර ද අනුමත කළ සේක. වටාපත භික්ෂූන් වහන්සේගේ භාවිතයට පැමිණ ඇත්තේ විශේෂයෙන් ධර්ම දේශනා කරන විට මුඛාවරණයක් වශයෙනි. පවන් සැලීමට ද උපයෝගී වන හෙයින් විජිනිපත යන නාමය ද වටාපතට භාවිත වෙයි. කැවුමක් වැනි මුහුණක් ඇති භික්ෂුවක් ධර්ම දේශනා කරන විට මුඛයේ ඇතිවන විකෘති ස්වභාවය නිසා බණ අසන්නෝ ඒ දෙස බලන්නට වූහ. මේ නිසා බණ ඇසීමට වඩා විකෘති මුඛය කෙරෙහි ශ්‍රාවකයන්ගේ සිත යොමු විය. ඒ නිමිතිකොට ගෙන ධර්මදේශනා කරන විට මුඛාවරණයට විජිනිපතක් භාවිතයට අනුදැන වදාළහ.

එතැන් සිට භික්ෂූහු ධර්ම දේශනාවක් පවත්වන විට දී පමණක් නොව ගමන් බිමන් යෑමෙහි දී ද වටාපත් භාවිත කළහ. එයට හේතුව වටාපතින් ප්‍රයෝජන රාශියක් ලැබීමයි. ගී‍්‍රෂ්ම කාලයේ දී පවන් සලා ගැනීමට, දන් වළඳන අවස්ථාවේ දී මැසි මදුරුවන් එළවා ගැනීමට ඡත්‍රයක් නැත්නම් අව්වෙන් හිස ආවරණය කර ගැනීමට වටාපත උපයෝගී වෙයි. භික්ෂුන් වහන්සේට වටාපත පරිහරණය පිළිබඳ විශේෂ විනය නීති මාලාවක් පණවා නැත.

ධර්මදේශනා කිරීමේදී මුඛය විකෘති නො වන භික්ෂූන් වහන්සේ නමක් වටාපත භාවිත නො කළ ද සිදුවන ඇවතක් විනයෙහි සඳහන්ව නැත. කථිකත්වයේ ලක්ෂණයක් වශයෙන් අංග චලනය ද සලකනු ලැබේ. ධර්ම දේශනාවක් පැවැත්වීමේ ශ්‍රමණ ස්වරූපයට නො ගැළපෙන පරිදි අංග චලනය නො කළ යුතු අතර කරුණූ වඩාත් පැහැදිලි කරනු සදහා කරන අංග චලනය වරදක් සේ පෙන්වා දී නැත. බුදුරජාණන් වහන්සේගේ මුද්‍රා අතර ධර්මචක්‍ර මුද්‍රාව ධර්ම දේශනාවක් පවත්වන විට දී සිදුකළ අංග චලනයක් සේ සැලකිය හැකිය. සමහර විට සිවුරු ගැබින් අත එළියටගෙන කරුණු පැහැදිලි කළ අවස්ථා ද ත්‍රිපිටකයෙහි විරලව නමුත් දක්නට ලැබේ.

කථිකයකුට, ධර්ම දේශකයාණන් වහන්සේ නමකට ශ්‍රාවක පිරිස දෙස නොබලා කථාවක්, දේශනාවක් කිරීම අසීරු කරුණෙකි. වටාපතක් භාවිත කළත් ශ්‍රාවකයන් පෙනෙන සේ එය තබා ගැනීමට ද පිළිවන. කෙසේ නමුත් මුඛාවරණයක් වශයෙන් වටාපතක් පාවිච්චි කිරීම භික්ෂූන්ගේ සංවරශීලි භාවය වැඩි දියුණු වීමට උපකාරවත් වී ඇති බව පැහැදිලිව දක්නට ඇත.

වටාපත පිළිබඳ බුද්ධ ප්‍රඥප්තියෙන් පසු භික්‍ෂූන් චාරිකාවෙහි වඩින විට ද වටාපත රැගෙන ගිය බව ත්‍රිපිටකාගත කථා පුවත් වලින් පෙනෙන කරුණකි. බුද්ධ කාලයේ වර්තමානයෙහි මෙන් බණට ආරාධනා කොට වඩම්මාගෙන යන සිරිතක් නො තිබි.

- මහසෙන්
April 7, 2013 at 1:14 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92820/

3 comments:

Anonymous said...

නියම ළිං ගෙම්බො තමයි උඹලනම්.
යකෝ චීනෙ, ජපානෙ ඕනෙ තරම් සාමාන්‍ය මිනිස්සු පවන් ගහන්න පාවිච්චි කරනවා.
ඉන්දියාවෙත් සමහර ප්‍රදේශ වල ගැහැනු පාවා පාවිච්චි කරනවා.
ඔහේල ගිහින් බැලුවනම් සින්ගප්පූරුවෙ Gaylan Street එකේ ඉන්න ගෑනු කකුල් දෙක පලල් කරලා ඇතුලට පවන් ගහන්නෙත් වටාපතකින්.
කවදාවත් මේ රටටනම් වගතුවක් නෑ තොපිවගේ කාලකන්නි මැඩියො නිසා.

රාජ් said...

++++++

Anonymous said...

දැන් ඉතින් කියපල්ලා ඕකත් හම්බයින්ගේ වැඩක් කියල. බොක බල සේනාවට ඕවා ආරංචි වුනේ නැද්ද? හැබැයි දෙරණේ අයිතිකාරයෝ ආණ්ඩුවේ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.